(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාටද  කොවිඩ් ආසාදනයවී ඇත.

මේ අනුව කොවිඩ්   ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන් අප  එල්ලාවල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඊයේ කරන ලද  කොවිඩ්  පරීක්ෂණයකින් තමාට රෝගය  වැළඳී ඇතැයි තහවුරුවූ බවයි.

මේ අනුව තමා වෛද්‍ය උපදෙස් මත නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින බවද  ඔහු සඳහන් කළේය.