IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


’2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන ඉදිකරමින්’

(ඉන්දිකා  රාමනායක)

රටේ පවතින තත්වය හමුවේ  පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින්  පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම කටයුතු කඩිනමින් ම සිදු කරමින් පවතින බවද හමුදාපතිවරයා කියා සිටියේය.

දැනටමත් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලයන් 10, 500 දෙනෙකු නිරෝධානය වෙමින් පවතින බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය වූ 51,000 ට අධික පිරිසක් මේ වන විට සමාජගත කර ඇති බවද හමුදාපතිවරයා සඳහන් කළේය.



අදහස් (10)

’2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන ඉදිකරමින්’

Safran Tuesday, 13 October 2020 09:03 AM

ඔය නිරෝධායන මධ්‍යස්ථාන මැද පෙරදිග මීනිස්සුන්ව ගෙන්න ගන්න හදන්න බැරිවුණා.. ගෝඨා සර්ට.., රටවිරුවන්ට සතුටුද දැන්..?

:       15       36

pathiranaTuesday, 13 October 2020 10:47 AM

කියලා වැඩක් නැහැ.. පුළුවන්කම තියාගෙන පිටරට ඉන්න අපිව ගෙන්න ගන්න වැඩකළේ නැහැ.

:       5       16

AkanajTuesday, 13 October 2020 12:13 PM

ඔතන නිරෝධායනය කියලා හෝටල් බිස්නස් එකක් යනවා මචන්ලා. අපිට ලංකාවට යන්නනම් ලක්ෂ ගණන් බඳින්නට ඕනේ.. රටේ දේශපාලන හොරුන්ට හැම මගුලකටම අවශ්‍ය විදේශ විනිමය ගෙන්නගන්න අපිව මළමිනී බවට පත්කරලා නිවැරැදි අය ගොඩයනවා. හමුදාවේ උදවියට කරන්න දෙයක් නැහැ. මහඅයට අවනත වෙනවා හැරෙන්න.

:       3       8

ratawiru Tuesday, 13 October 2020 09:42 AM

මෙහෙ මිනිස්සු එන්න බලාගෙන දැන් මාස 6කට කිට්ටුයි. ලෙඩ බෝවෙයි කියලා ගෙනාවේ නෑ. දැන් රටේම ලෙඩේ බෝ වෙලා ආපු විදිය දන්නෙත් නෑ. මෙහෙ මිනිස්සු පාර්ක්වල රෑ නිදා ගත්තා. ඔය කියන කොරන්ටීන් සෙන්ටර් හදලා ඒ මිනිස්සු ගෙනාවා නම් ඒකවත් තියෙනවා.

:       6       32

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 October 2020 09:43 AM

වැඩේ ඇදෙනා බව නේද මේ ව්‍යාංගයෙන් කියවෙන්නේ. බ්‍රැන්ඩික්ස් රැල්ල දුර යන්න වගේ..

:       4       27

Kamal Koyrala Tuesday, 13 October 2020 09:52 AM

රජයේ බොහෝමයක් ගොඩනැගිලි වැඩකට නැතිව තියෙනවා. ඒවා පවරාගන්න මේ බව කළින් හිටපු අගමැතිතුමා පක්ෂනායක රැස්වීමෙදී කිව්වා. වයිරස් කියන්නේ LTTE කියලා හිතුවනේ එතකොට.

:       7       15

Champaka Tuesday, 13 October 2020 11:07 AM

අද යුදපතිය ඉස්සර නම් හපනෙකි.. දැන් නිතරම ඔහු ගොට්ටට බරය..

:       4       9

Ratne Tuesday, 13 October 2020 11:31 AM

රටම අනතුරට හෙලා ඇත. දැන් මේකටත් කොමිසන් 2-3 ක් පත් කරගෙන අවුරුද්දක් විතර ඇදගෙන යමු. අනාගතේ රැකියා වැඩිම අංශය නීතීඥ ක්‍ෂේත්‍රය වීමට බොහෝ ඉඩ තිබේ.

:       4       8

Lal Tuesday, 13 October 2020 01:31 PM

සමහර හෝටල් අයිතිකාරයෝයි, ට්‍රැවල් කම්පැනියි, සෙකියුරිටි කම්පැනියි කොරෝනාව වවාගෙන කනවා.

:       1       1

Prasad Tuesday, 13 October 2020 02:01 PM

මාමේ, මාමා කිව්වා නේද ඔය කෝවිඩ් කාරයාට දුවන්න ගැහැව්වයි කියලා...? මාමා අර ෆොන්සේකා සීයා කියන ඒවා ඇත්ත වගේ... ඒ කාලේ මාමයි... අපේ සර් සීයයි.. හැංගිලා හිටියයි කියලා...

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31656 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14104 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11104 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site