( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් සිය නීතීඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් , එම නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන ජූලි 08 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.
එම ප්‍රතිශෝධන පෙත්සම කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (16) කැඳවූ අතර එහදී පෙත්සම මෙදින සලකා බැලීමට එම විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා කියා සිටියේ අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයින්ට එරෙහිව මහාධිකරණය හමුවේ පැවරූ නඩුව එම කොමිසමේ නිලධාරීන් තිදෙනෙකුගේ අනුමැතිය නොමැතිව පැවරීම නීතියට පටහැනි බව කියා සිටියේය.
එලෙස නිසි අනුමැතියකින් තොරව නඩු පැවරීම නීතිවිරෝධී බැවින් එම නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් ලබා නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් නොතීසි ලැබී නොමැති බවය.
සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූලි 08 වැනි දිනට කල් තැබිණි.
‘ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිස්සංක - පාලිත දෙදෙනාගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ජූලි 8