IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දේවස්ථානයට ආරක්ෂාව සැපයීම ගැන මා සමග කතා කළේ නෑ

(***නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡා කළ බවට දෙහිවල ගල්කිස්ස කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එම්. මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම දේවස්ථානයේ මීසම්පාලක  වැලිකඩආරච්චි  පියතුමා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට පෙර දෙහිවල පොලිස් ස්ථානය හෝ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ පැමිණ තමන් දැනුවත් කළේ නම් එදින ප්‍රධාන දේව මෙහෙය නවතා දැමීමට කටයුතු කරන බවද දයා වැලිකඩආරච්චි පියතුමා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ගැනීමට සිදුවිය.

එහිදී සාක්ෂි දුන් දෙහිවල ශාන්ත මේරි දේවස්ථානය භාර මීසම්පාලක දයා වැලිකඩආරච්චි  පියතුමා මෙසේ ද ප්‍රකාශ කළේය.

ඉකුත් 2019 අප්‍රේල් මස 21 වැනිදා පැවැති පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙය සඳහා පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමන් දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලිපියක් යොමු කළා. එම ලිපියට අනුව පොලීසිය දේවස්ථානයට ආරක්ෂාවක් සැලසුවා.

කොමිසම : ඔබ වහන්සේ කුමන කාරණයක් හේතුවෙන් ද පොලිස් ආරක්ෂාව ඉල්ලුවේ?
සාක්ෂිකරු : පෙර අවස්ථා කිහිපයකදීම පල්ලිය තුළ සොරකම් රාශියක් සිදුවුණා. මේ හේතුවෙන් පූජාවට පැමිණෙන ජනතාවගේ මෙන්ම ඔවුන්ගේ වාහනවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පොලීසියේ සහාය පැතුවා.

කොමිසම : දේවස්ථානය තුළ පොලිස් මුරපොළක් පිහිටවූවේද?
සාක්ෂිකරු : පොලිස් මුරපොළක් දේවස්ථානය තුළ පිහිටවූයේ නැහැ. පල්ලියේ දහම් පාසල පැවැත්වූ ගොඩනැගිල්ලේ කාමරයක දේවස්ථානයේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් විටින් විට රැඳී සිටියා.

කොමිසම : පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව ගැන තමන් වහන්සේ දැන ගත්තේ කෙසේද?
සාක්ෂිකරු : මා, එදින පාස්කු ඉරිදා දේව මෙහෙය සිදුකරමින් සිටියා. මෙම ප්‍රහාරය ගැන මට කිව්වේ පල්ලියට පැමිණි බැතිමතුන්. ඔවුන් මට ප්‍රහාරයට අදාළ දර්ශන පෙන්වා සිටියා. පසුව එදින පෙරවරු 10.15ට යෙදී තිබුණු ප්‍රධාන දේව මෙහෙයට පැමිණ සිටි පිරිස විශේෂ පරීක්ෂාවකට ලක් කළා. ඉන් පසුව දේවස්ථානය ඇතුළට ගෙන එහි සියලු ගේට්ටු සහ දොරවල් වසා දමා දේව මෙහෙය ඉතා ඉක්මනින් පවත්වා අවසන් කළා. එදිනට පෙර මෙවන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දෙහිවල පොලිසිය හෝ පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ පැමිණ පල්‍ලියේ දායක සභාව හෝ මා සමඟ සාකච්ඡාවක් පැවැත්වුයේ නැහැ.

කොමිසම : මින් පෙර මේ ගරු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරීවරයා වූ ඩී.එම්. මුදිත පුස්සැල්ල මහතා සඳහන් කර සිටියේ  ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ වහන්සේ සමග පැමිණ සාකච්ඡාවක් පැවැත් වූ බවයි. මෙය සත්‍යයක් ද?
සාක්ෂිකරු : නැත. මා සමග හෝ දේවස්ථානයේ දායක සභාව සමග හෝ එබඳු සාකච්ඡාවක් පවත්වා තිබුණේ නැහැ. අපිට දැනගන්න තිබුණා නම් අපි අගරදගුරු හිමිපාණන්ගෙන් උපදෙස් ලබාගෙන දේව මෙහෙය නවතා දමන්න තිබුණා. පාස්කු ප්‍රහාරය සිදුවූ දිනෙන් පසුව එනම් අප්‍රේල් මස 25 වැනිදා විතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරය දේවස්ථානයේ පුරවැසි කමිටුවක් සංවිධානය කර වරින් වර රැස්වීම් පැවැත්වූවා. පාස්කු ඉරුදිනට පෙර එවන් වූ සාකච්ඡාවක් පැවැත්වූ බවට එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ සාක්ෂි දී ප්‍රකාශ කළ බවට ලංකාදීප ජාතික පුවත්පතේ පලවී තිබෙනු දුටුවා. මුදිත පුස්සැල්ල මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍යයක්. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවා විටින් විට පැමිණ තමාගෙන් මේ ගැන විමසා සිටියා. ඔහු පවසා තිබුණේ අසත්‍යයක්.

කොමිසම : එසේ නම් එම සාක්ෂිකරු ලබා දුන් සාක්ෂිය වැරදි එකක් නේද?
සාක්ෂිකරු : ඔව්. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මුදිත පුස්සැල්ල මහතා ප්‍රකාශ කර ඇති සාකච්ඡාව පැවැත්වූයේ 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීයි. එම සාකච්ඡාව සඳහා සහභාගී වූ දායක සභාවේ කාන්තාවක්, “නත්තල් දිනයේ දීත් පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් එල්ල වේවිදැයි?” මුදිත පුස්සැල්ල මහතාගෙන් විමසා තිබුණා.

කොමිසම : දෙහිවල ගල්කිස්ස පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා කොමිසමට ලබාදුන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ ප්‍රතිචාරය කුමක්ද?
සාක්ෂිකරු : ප්‍රහාරයට පෙර එවන් වූ දෙයක් දැන සිටියේ නම් කාදිනල් හිමිපාණන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නවා. එහෙනම් කිසිදු අවස්ථාවක තම ජනයාට එවන් අනතුරක් වීමට ඉඩ තියන්නේ නැහැ.

කොමිසම : ඔබ වහන්සේට දෙහිවල ට්‍රොපිකල් ඉන් සිද්ධිය ගැන ආරංචි වුණාද?
සාක්ෂිකරු : ඔව් ආරංචි වුණා. එම සිද්ධියට අදාළ බෝම්බකරු අප දේවස්ථානය ඉදිරිපිටින් ගිහින් තිබෙනවා කියලා දැනගන්නට ලැබුණා.

කොමිසම : මුස්ලිම් අන්තවාදී තරුණයන්ට ඔබ වහන්සේ දෙන යම් පණිවිඩයක් තිබෙනවාද?
සාක්ෂිකරු : හැම මනුස්සයෙක්ම හොයන්නේ අධ්‍යාත්මික සත්‍යයතාව. හැම ආගමකම ධාර්මික පැත්තක් තිබෙනවා. පටු දැක්මකින් කටයුතු නොකර සැබෑ දහමේ හරය සොයා යා යුතුයි. වැරදි මිත්‍යා මත පැත්තකට දාලා සැබෑ දහමේ හරය සොයා ගත හොත් සත්‍ය අවබෝධ වෙයි. වැරදි මිත්‍යා මතවල අන්තගාමී වුවහොත් එය සැබෑව නොවේ.

කොමිසම : 2019 අප්‍රේල් 20 වැනිදා ඔබවහන්සේ මුණ ගැසෙන්න පොලිස් නිලධාරීන් දෙදෙනකු ආවාද?
සාක්ෂිකරු : මට එහෙම මතකයක් නැහැ. එදින පාස්කු ඉරුදිනට පෙර දා. රාත්‍රී 10.00ට පූජාවක් පැවැත්වුවා. ඒ පූජාව ඉවරවුණේ පහුවෙනිදා ඒ කියන්නේ 21 පාන්දර 1.00ට විතර එදින ගොඩක් සෙනඟ ආවා.
අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ මීගමුව පොලිස් කොට්ඨාසයේ බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (33113) දීගමවිදානාරච්චිලාගේ කසුන් සංජීව (33) නිලධාරියායි.
තමන් 2019 අප්‍රේල් මස 04 වැනිදා මීගමුව කොට්ඨාසයේ කොට්ඨාස බුද්ධි අංශ කාර්යාලයට ස්ථාන මරුවක් ලබා පැමිණි බවත්, තමන් එවකට උප පොලිස් පරීක්ෂක රත්නකුමාර මහතා යටතේ සේවය කළ බවත් සාක්ෂිකරු සාක්ෂි දෙමින් පැවසීය.
සහරාන් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරන බවට සටහනක් සහිතව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලිපියක් 2019 අප්‍රේල් මාසයේ 13 හෝ 14 යන දිනයක ලැබුණු බවත්, එය තමන් එවකට උප පොලිස් පරීක්ෂක රත්නකුමාර මහතාට පෙන්වූ අතර එහිදී ඔහු “මේක කියමු” යැයි පවසා ඔහු එම ලිපිය භාරගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
2019 අප්‍රේල් මස 15 වැනිදා පොලිසියේ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් තේ මේසයක් සූදානම් කර තිබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් උපදෙස් පන්තියක් පැවැත්වූ බවත්, එහිදී මෙම තොරතුර සම්බන්ධයෙන් සොයා  බලන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් සාක්ෂිකරු පැවසීය.
පසුව අප්‍රේල් මස 21 වැනිදා කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බයක් පිපිරී ගිය බවත් එය සොයා බැලීමට තමන් ඇතුළු නිලධාරින් එහි ගිය බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
2019 අප්‍රේල් මස 20ත් 30ත් අතර කාලයේදී එක් දිනෙක උප පොලිස් පරීක්ෂක රත්නකුමාර මහතා තමාට කතා කර කලින් දිනයක් යොදා ලිපියක් සකස් කර දෙන ලෙසට උපදෙස් ලබා දුන් බවත්, තමන් දිනය සම්බන්ධයෙන් විමසා සිටියදී ‘ඒකේ ප්‍රශ්නයක් නැහැ එහෙම තමයි කරන්න ඕන කියලා කියූ” බැවින් තමා එය යතුරුලියනය කර ලබා දුන් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
එහෙත් එම ලිපියෙහි යම් දෝෂයක් ඇති බැවින් තමා ගෙදර ගොස් “කලින් දිනයක් දාලා ලියුමක් ටයිප් කරලා දුන්නාම ඒකේ වරදක් තියෙනවා ද අප්පච්චි” යනුවෙන් තමන්ගේ පියාගෙන් එය විමසා සිටි බව ද සාක්ෂිකරු පැවසීය.
මෙහිදී මෙම සාක්ෂිකරුගේ පියා වන දීගමවිදානාරච්චිලාගේ අප්පුහාමි (හිටපු පොලිස් උප සේවයේ නිලධාරියෙක්) යන අයගෙන් ද මේ සම්බන්ධයෙන් කොමිසම සාක්ෂි ලබා ගත්තේය.
ජනාධිපති කොමිසම අද (8) දහවල් 12.30ට යළි රැස්වීමට නියමිතව ඇත.



අදහස් (3)

දේවස්ථානයට ආරක්ෂාව සැපයීම ගැන මා සමග කතා කළේ නෑ

Prasad Monday, 08 June 2020 10:34 AM

දැන් පේනවා නේද මේ කොමිසන්වල ඇත්ත නැත්ත, මේවා වල කරන්නේ ගොරකා දඩමස් කිරීමත්, දඩමස් ගොරකා කිරීමත් පමණි.

:       26       36

Champa Monday, 08 June 2020 11:30 AM

මෙතන සාක්කි මහා පරිමාණයෙන් වෙනස් කරලා. සහරාන් සහ අනිත් ම්ලේච්ඡ ත්‍රස්තයින්ට සුදුහුණු ගාන්න ඔවුන්ගේ දරු සෙනහසක් ගැන බොරුවක් උලුප්පලා පෙන්වනවා. හැබැයි ඔවුන් මරා දමපු දරුවෝ ගැනයි, දෙමව්පියන් ගැනයි සිය ගාණක් දරුවන්ට දෙමව්පියන් අහිමි කරපු එක ගැනයි කතාවක් නැහැ. 2019 අප්‍රේල් 19 වෙනිදා ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලියපු විදිහටම පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව සහ ඉන්දියාව... වහල් ආණ්ඩුවත් දැනුවත් වුනේ. ඒ එක්කම තව කුඩා කණ්ඩායමක් ගැන මම ලිව්වා. අද ඒ ඇමරිකන් ඉන්දියන් ගැත්තන් බලය පාවිච්චි කරලා සාක්කි වෙනස් කර කර ම්ලේච්ඡ ත්‍රස්තයින්ට අගයක් දෙන්න හදනවා.

:       82       52

wimal Tuesday, 09 June 2020 05:06 AM

මේ ප්‍රහාරය ගැන දැනගෙන පොලිසිය ඒක ගැන කිසිම දෙයක් කරලා නැහැ. සම්පුර්ණ වරද පොලිසියේ. දැන් කොමිසමට ඇවිත් නැවත පට්ට පල් බොරු කියනවා. මේක ගැන දැනගෙන කිසිම් දෙයක් නොකරපු අයට උපරිම දඩුවම් දෙන්න ඕන. නැත්නම් මේ කොමිසමෙනුත් වැඩක් නැහැ.

:       20       0

ඔබේ අදහස් එවන්න

 

 
 

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4924 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4855 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8348 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3131 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 842 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12566 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site