IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


තුර්කි තානාපති කාර්යාලය එවූ තොරතුරු ගැන නොබැලුවේ ඇයි

තුර්කි ජාතික සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆටිතුල්ලා සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා එම පනස් දෙනාගේ සවිස්තරාත්මක රහස්‍ය වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට බාර දී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 
ඇඟ කිළිපොලා යන ත්‍රාසජනක කතාව ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය. 

ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයා එබඳු රහස්‍ය වාර්තාවක් ලබා දුන් බව සත්‍යකැයි අප පුවත්පතට සහතික වූ එවකට විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ විස්තර දෙවතාවක්ම ෆැක්ස් මගින් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ බවය. ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව විමසූ විට අදාළ විමර්ශන කටයුතු මින් ඉදිරියට පැවරෙන්නේ ආරක්ෂක මණ්ඩලයට බව ලිඛිතව දැනුම් දුන් බව ද වසන්ත සේනානායක මහතා පැවසීය. 

ෆටිතුල්ලා ගුලාම් නමැත්තා ෆෙටෝ සංවිධානයේ නායකයාය. එම සංවිධානය තුර්කියේ තහනම් කර ඇති සංවිධානයක් බැවින් ඔහුට තුර්කියේ වාසය තහනම්ය. එහෙයින් ඔහු ඇමරිකාවට පලා ගොස් සිටී. තුර්කිය දැනට පාලන බලය හොබවන ඒ.කේ.පී. පක්ෂයේ පාර්ශ්වකරුවකුව සිටි මෙම සංවිධානය 2016 වසරේදී කුමන්ත්‍රණකාරි ලෙස රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට උත්සහ කළේය. උත්සාහය අසාර්ථක විය. රාජ්‍ය විරෝධීන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ පසු එම කුමන්ත්‍රණකරුවෝ විවිධ රටවලට පලා ගියහ. 

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් සියලු විස්තර සහිතව දැනුම් දෙන්නේ එම කුමන්ත්‍රණකරුවන්ගෙන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවය. අප පුවත්පත ඇමතූ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා පවසන්නේ තමන් ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන විට තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමත්‍යාංශයෙන් විමසූ බවත් මුස්ලිම් ජාතික දේශපාලනඥයන් දෙදෙනකුගේ මැදිහත්වීම් මත එම විමර්ශන කටයුතු අඩාල වී ඇති බව දැනුම්දුන් බවත්ය. 

රාජ්‍ය ආරක්ෂාවට ඍජුවම තර්ජනයක් වන කාර්යයකදී මෙරට වගකිවයුත්තන්ගේ හැසිරීම නින්දා සහගතය. නිර්ලැජ්ජිතය. අවම තරමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ප්‍රකට කළ දේශානුරාගයෙන් බිඳක් හෝ අපේ බලධාරීන් සතු වූ බවක් පෙනෙන්නට නැත. 

ෆෙටෝ සංවිධානය ලෝකයේ විවිධ රටවලට පැන ඔවුන්ගේ සුන්නි අන්තවාදී මතය ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ. ඒ වෙනුවෙන්ම බටහිර හා ආසියානු රටවල් රැසක පාසල් පවා ආරම්භ කර ඇත. ඩෙන්මාර්කය, ග්‍රීසිය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඕස්ටේ්‍රලියාව, චීනය, ඉන්දියාව හා යේමනය වැනි රටවල් ෆෙටෝ අන්තවාදීන්ගේ ග්‍රහණයට ගොදුරු වී තිබේ. තුර්කි රජය මේ සම්බන්ධයෙන් එම රටවල් දැනුම්වත් කිරීමෙන් පසු රටවල් 22ක් පමණ එම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ. එහෙත් අපේ රටේ මුස්ලිම් ඇමැතිවරුන් දෙදෙනකුගේ මැදිහත්වීම නිසා එම විමර්ශන කටයුතු අතහැර දැමීමට සිදුවී තිබීම අප තේරුම් ගත යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න වෙනමම කල්පනා කළ යුත්තකි. 

සංහිඳියාව යනු ඕනෑම අයකුට ඕනෑම දෙයක් කිරීමට අවස්ථාව සැලසීම නොවේ. අනෙකාගේ සිත රිදෙනු ඇතැයි ද අප ඔවුන්ගේ මූලික හිමිකම් කඩ කර ඇතැයි චෝදනාවට ලක්වනු ඇතැයි ද සිතා අන්තවාදීන්ට රිස්සක් කර ගැනීමට ඉඩදීම කෙලෙසකින් හෝ නිවට බවින් වෙනස් නොවන්නකි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු නිවටවීම යැයි වරදවා වටහාගෙන ඇති ගරු කටයුතු මහත්වරුන් සංහිඳියාව නමැති වහන්දරාවෙන් සිය නිරුවත වසා ගැනීමට උත්සහ දරා තිබේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් ද ඒකාන්ත වශයෙන් ඔප්පු වූ පරම සත්‍ය එයයි. 

මේ රට යනු කාගේවත් බූදලයක් නොවේ. මේ රට අයිති මේ බිමේ සැබෑ සුජාත දූ පුතුන්ට ය. උපනූපන් පරම්පරාවන්ටය. එම පරම්පරාවන්ට අප මේ රට ඉතිරි කර දිය යුතුය. රට උකසට තබා සූදු කෙළීමට කිසිවකුට අයිතියක් නැත. මේ ගරු කටයුතු මහත්වරුන් අවම තරමින් ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයාගෙන් හෝ දේශානුරාගය යනු කුමක්දැයි ඉගෙනගත යුතුය. එක් අතකින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ මෙයාකාරයෙන් නම් රට මෙසේ හෝ තිබීම සම්බන්ධයෙන් සතුටට පත්වීමට පුරවැසියාට හැකියාව ඇත. 



අදහස් (9)

තුර්කි තානාපති කාර්යාලය එවූ තොරතුරු ගැන නොබැලුවේ ඇයි

Gayan Thursday, 02 May 2019 09:52 AM

අනේ මන්ද මේ මිනිස්සුන්ගෙ මොලේ කොහෙද තිබ්බේ...හැම දේටම ඇගිලි ගහන්න මේ අයට හයිය දුන්නේ කවුද?

:       0       90

Charitha Thursday, 02 May 2019 01:39 PM

මේකට මැදිහත් වෙච්ච මුස්ලිම් ඇමති දෙන්නා රටටම කියන්න. ඒ දෙන්නා ගැන සියලුම දෙනා දැන ගන්න ඕනෑ. මේවා දැක්කම අපේ පාලකයෝ මොනවා මෙරටට කලේ කියලා හිතාගන්න බෑ. හරිම කණගාටුයි

:       0       220

ඈපා Thursday, 02 May 2019 03:32 PM

නියම සටහන. සංහිඳියාව අල්ලගෙන උඩ පනින රිලවුන්ට කට උත්තර නැති වෙන්නම ලියලා තියෙනවා..විශිෂ්ටයි

:       90       96

Kriss Friday, 03 May 2019 06:10 PM

නුදුරු අනාගතයේදීම මහජන නැගී සිටීමක් සිදුවන බවට අනාවැකියක් පල කල හැකිය. පවතින පාලන තන්ත්‍රය ඒ තරම්ම ලේ කුපිත කරවන සුළුය.

:       0       174

ranjith Sunday, 05 May 2019 03:48 AM

රටේ යහපතට වැඩ තමන්ගේ බලය රැකගන්න දරන මෝඩ අරමුණ නිසා අද රට අරාජික වෙලා මේ මෝඩ අරමුණු වලින් තැනගේ පක්ෂය මෙන්ම රටත් වල පල්ලට යනවා

:       0       41

Rathna Sunday, 05 May 2019 04:55 AM

මේ රට යනු කාගේවත් බූදලයක් නොවේ. මේ රට අයිති මේ බිමේ සැබෑ සුජාත දූ පුතුන්ට ය. උපනූපන් පරම්පරාවන්ටය. එම පරම්පරාවන්ට අප මේ රට ඉතිරි කර දිය යුතුය. රට උගසට තබා සූදු කෙළීමට කිසිවකුට අයිතියක් නැත. මේ ගරු කටයුතු මහත්වරුන් අවම තරමින් ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයාගෙන් හෝ දේශානුරාගය යනු කුමක්දැයි ඉගෙනගත යුතුය. එක් අතකින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ මෙයාකාරයෙන් නම් රට මෙසේ හෝ තිබීම සම්බන්ධයෙන් සතුටට පත්වීමට පුරවැසියාට හැකියාව ඇත.

:       0       35

saman Sunday, 05 May 2019 12:12 PM

සියලු මුස්ලිම් පාසල් හා ඒවගේ ඉගෙනීම් කටයුතු පරික්ෂා කරන්න. නැගෙනහිර විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්න. බුර්කාව සම්පූර්ණයෙන් තහනම් කරන්න. දෙමළ පමණක් දන්නා මුස්ලිම්වරුන්ට සිංහල භාෂාව ඉගෙනීම අනිවාර්යය කරන්න.

:       2       148

de silva Sunday, 05 May 2019 04:03 PM

අපේ ආරක්ෂක මණ්ඩලේ ඉන්නේ ආරක්ෂක ඔස්තාර්ලනේ...

:       0       16

sira aiya Monday, 06 May 2019 06:02 AM

ඡන්දය අපට ලැබෙනවා නම් හා ඔවුන්ගේත් ප්‍රොටෙක්ෂන් එක අපට ලැබෙනවා නම්, මහජනතාවට කෙළවුණත් ඔවුන් ඕනෑදෙයක් කරගත්තාම අපිට මොකද? ඔහොම යන්, ඔහොම යන්...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 240 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 175 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1012 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 254 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1980 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 497 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 130 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1153 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site