බම්බලපිටිය පොලිසියට ප්රහාරයක්
මැගසින් බන්ධනාගාරය බිද දැමීමට සමාන්තරව ජවිපෙ මගින් 1988/89 වසරයන්හිදී අනුරාධපුර, මහර, මීගමුව, පැලවත්ත, බදුල්ල 1988 දෙසැම්බර් 10 මහනුවර බෝගම්බර යන බන්ධනාගාරවලට කඩාවැදී ඒවායේ සිටි ජවිපෙ සැකකරුවන් මුදවා ගැනීමේදී එම බන්ධනාගාරවල ආයුධද පැහැරගත්තේය. බෝගම්බර බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 10 පස්වරු 6.45 කඩාවැදී සැකකරුවන් මුදවා ගැනීමේදි කැරලිකරුවන් විසින් බන්ධනාගාරයට අයත් විවිධ තුවක්කු පිස්තෝල 35ක් සහ පතරොම් 900ක්ද රැගෙන යන ලදී.