IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සජිත් සටන අතට ගනී

 

සජිත් පාර්ශ්වය ඉදිරියට ගෙනා නවතම ඉල්ලීම වූයේ සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂයේ පස්සර සංවත්සරයේ වේදිකාවට ගොඩවන්නේ එහිදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක ලෙස ඔහුව ප්‍රකාශයට පත්කරන්නේ නම් පමණක් බවය. මේ අනුව ඊට අදාළ අනුමැතියද ඉතා අපහසුවෙන් මෙන් තිස්ස අත්තනායක මහතා වික්‍රමසිංහ මහතාගෙන් ලබාගෙන තිබුණි. ඒ අනුව ටිරාන්, කෙලී මහාරාජා ඇතුළු සියලුම සජිත් හිතවතුන් සජිත් එහි ගොස් නියෝජ්‍ය නායක ධුරය බාරගැනීම පිළිබඳ එකඟතාව පළකර තිබුණි. මෙම කටයුත්තේ දී සජිත් ප්‍රේමදාස මහතා තිස්ස අත්තනායක මහතා වෙත පූර්ණ විශ්වාසය තබා තිබූ අතර ඔහු දිගින් දිගටම තිස්ස වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් ‘හරිද ලොක්කා මගේ වැඬේ ? මං ඔයාව විතරයි විශ්වාස කරන්නේ. මට ඒක දෙන්නැත්නම් මම සංවත්සරයට එන්නේ නෑ.’ යනුවෙන් තිස්ස වෙත පීඩනයක් එල්ල කළේය.

කෙසේ වෙතත් සැප්තැම්බර් 5 වැනිදා පස්සර සම්මේලනයේ වැඩකටයුතු සූදානම් කිරීමට එහි ගොස් සිටි තිස්ස අත්තනායක මහතා වෙත එදින පෙරවරුවේ කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එදින සම්මේලනයේදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක ලෙස සජිත්ව ප්‍රකාශයට පත්කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි. ඊට හේතුව ලෙස වික්‍රමසිංහ මහතා දක්වා සිටියේ සජිත්ට මෙම තනතුර ලබාදීමට එරෙහිව දැනටමත් මංගල සමරවීර මහතා තමන් වෙත ලිඛිතව විරෝධතා ලිපි ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව තිස්ස ඊළඟට විමසා සිටියේ තව කවුද විරුද්ධ යනුවෙනි. එවිට වික්‍රමසිංහ මහතාගේ පිළිතුර වූයේ රවී හා විජේදාස දැඩි විරෝධයක් පළකර ඇති බවයි. තිස්සට තරමක් කේන්ති ගියේය. ඔහු මෙසේ කීය “සර් වචනයක් කිව්ව නම් ඒක ඒ විදිහට තියෙන්න ඕන. මේ ඔක්කොම මම කරන්නේ ජනාධිපතිවරණය දිනන්න” යනුවෙන් පවසද්දී වික්‍රමසිංහ මහතාගේ පිළිතුර වූයේ “මම එහෙනම් සජිත්ව කෙළින්ම නියෝජ්‍ය නායකයා කරනව කියල කියන්නේ නැතිව එම යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට දාන බව කියන්නම්.” වැනි අදහසක් තිස්සට කීවේය.


මෙම තත්ත්වය මත දහවල් වික්‍රමසිංහ මහතා පස්සරට පැමිණිවිටද තිස්ස දිගින් දිගටම නායකතුමා සමඟ මෙම ප්‍රශ්නය මත තරමක් වේදනාත්මකව අදහස් හුවමාරු කර ගත්තේය. කෙසේ වෙතත් අවසානයේ දී සජිත් ද එම වේදිකාවට ගොඩ වූ අතර එම පක්‍ෂ සංවත්සරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ‘සජිත් ප්‍රේමදාස වැනි අයට අපි පක්‍ෂයේ නිසි තැන දිය යුතුයි. මම එතුමාට නියෝජ්‍ය නායක ධුරය ලබාදීම පිළිබඳ යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට යොමුකරනවා.’ යනුවෙන් පවසද්දී සංවත්සරයට සහභාගි වූ පිරිස අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා කළහ. මේ අනුව එදින සජිත් ප්‍රේමදාස මහතා ද එම ප්‍රකාශය තුළින් සෑහීමකට පත්වන ආකාරයක් දැකගත හැකි වුවද වික්‍රමසිංහ මහතාගේ එම ප්‍රකාශයත් සමඟම වේදිකාවේ සිටි රවි කරුණානායක හා විජේදාස රාජපක්‍ෂ යන මහත්වරු වේදිකාවෙන් බැස ගියහ. ඉන් අනතුරුව කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩල රැස්වීම සිරිකොතදී පැවැත්විණි. එහිදී පස්සර සම්මේලනයේදී සජිත් නියෝජ්‍ය නායකයා ලෙස යෝජනාවීම පිළිබඳව රවි ඇතුළු පිරිසක් තිස්ස අත්තනායක වෙත යුද්ධ ප්‍රකාශ කළහ. ඒ ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් පසුව තිස්ස අත්තනායක මහතා එම රැස්වීමෙන් නැගිට ඉවත්ව ගියේය. වචන හුවමාරුව උණුසුම් වෙද්දී තිස්ස කියා සිටියේ ‘මම මේ සියලු දේ කරන්නේ ලීඩර්ව ජනාධිපති කරන්න’ යනුවෙන් පවසද්දී බොහෝ විට ඉංග්‍රීසි ආරයට සිතා සිංහලෙන් කතා කිරීම නිසාදෝ රවි කරුණානායක ‘රනිල්ට ජනාධිපතිවරණයට කොහොමවත් එන්න දෙන්නේ නෑ. ඒකට පොදු අපේක්‍ෂකයෙක් ගේනවා.’ යනුවෙන් පවසද්දී තිස්ස පෙරළා ප්‍රශ්න කළේ ‘රනිල් ඔයාගෙ බාප්පද?’ යනුවෙනි. මෙම ගැටුමට සමගාමීව වෙබ් අඩවි කිහිපයක්ද තිස්සට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. තිස්ස තමාට එරෙහිව වෙබ් අඩවිවල පළවන පුවත් සියල්ල සති ගණනාවක් එකතු කර මිටියක් බැඳ වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ අතර මේ පිටුපස මංගල සමරවීර මහතාට සම්බන්ධ වෙබ් අඩවි ප්‍රවීණයන් සිටින බව පැවසීය. නමුත් නායකතුමාගෙන් තිස්ස බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිචාරයක් නොලැබුණි.


මේ අතර ඉදිරියේදී පැවත්වෙන ජනාධිපතිවරණයක් සඳහා අනිවාර්යයෙන්ම තමා තරග කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිරවම ප්‍රකාශ කර සිටියේය. වික්‍රමසිංහ මහතාට මෙසේ ස්ථිරව තමා තරග කරන බව සපථ කිරීමට හේතුවක් තිබිණි. එනම්, සජිත් ප්‍රේමදාස මහතා ගොඩනැඟූ මතයක් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන්නේ නම් වෙන කිසිවකුටත් එම අපේක්‍ෂකත්වය ලබා නොදෙන ලෙසත් එම අපේක්‍ෂකත්වය තමාට ලබාදෙන ලෙසත් කියමින් ගෙනගිය අරගලයට ප්‍රතිචාර වශයෙනි.


රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයකදී ඒ සඳහා පක්‍ෂය තුළ කළ යුතු වෙනස්කම් හා සමස්ත ක්‍රියාවලිය ගතයුතු මඟ පිළිබඳ මූලික රැස්වීමක් ජූලි මාසයේදී ගලදාරි හෝටලයේදී සංවිධානය කෙරිණ.


 මේ සඳහා වික්‍රමසිංහ මහතාගෙන් ඇරයුම් ලබා සිටියේ තිස්ස අත්තනායක, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න හා වික්‍රමසිංහ මහතාගේ ළඟම හිතවතුන් දෙතුන් දෙනකු පමණි. මුළු දවස පුරාම පැවති වැඩමුළුවක ස්වරූපය ගත් මෙම සාකච්ඡාවේදී ඒ වනවිට ඔවුන්ට ලැබී තිබූ සංඛ්‍යා ලේඛන, විවිධ වාර්තා හා තොරතුරු සියල්ල කැටිකොට සමාලෝචනය කිරීම සිදු වූ අතර උදෑසන ආහාරය, දිවා ආහාරය මෙන්ම සියලුම අවශ්‍යතා එම සාකච්ඡා කාමරය තුළටම සැපයුණි. මීට සහභාගි වූ සියලු දෙනාම එදින තුළ අන් සියලුම වැඩකටයුතු නවතා දමා අවම තරමින් සාකච්ඡා කාමරය තුළින් පිටතට යාම පවා තහනම් කළ තත්ත්වයක් යටතේ මෙම කටයුත්තේ නිරත වූහ.


මෙම සාකච්ඡාවේදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් තිස්ස අත්තනායක මහතා අදහසක් ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීය. ‘සර්, ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඊට පෙර විසඳා ගත යුතු වැදගත්ම කරුණු කීපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඔබතුමා සජිත් සමඟ තිබෙන ආරාවුල විසඳාගත යුතුයි. අපි පිළිගන්න අකමැති වුණත් සජිත්ට බිම්මට්ටමේ යම්කිසි සහයෝගයක් තිබෙනවා. මෙතැනදී වැදගත් වන්නේ ලොකු කොටස කාගෙද, පොඩි කොටස කාගෙද කියල නෙවෙයි. මේ බෙදීමත් එක්ක ජනාධිපතිවරණයට ගියොත් කොහොමත් කකුලෙන් අදිනවා. ඒ මත පරදිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සජිත් එක්ක තිබෙන ප්‍රශ්නය ‘ලීඩර් බේරගත යුතුයි’ යන්න තිස්සගේ පළමු යෝජනාව විය.


මේ ආකාරයෙන් තිස්ස අත්තනායක මහතාගේ ඊළඟ අදහස වූයේ ‘සර් මේ වන විට මාධ්‍යයත් එක්ක විශාල ගැටුමක් ඇතිකරගෙන ඉන්නවා. මේ මාධ්‍ය ආයතන හා ඒවායේ අයිතිකරුවන් සමඟ ඔබතුමා ඇතිකරගෙන තිබෙන මේ ගැටුම වහා සමථයකට පත් කර ගත යුතුයි.’ විශේෂයෙන්ම එමඟින් ඔහු අවධාරණය කරන ලද්දේ ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වූ කෙලී මහාරාජා හා ‘මව්බිම’ පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතා සමඟ ඇතිකරගෙන තිබූ ගැටුම පිළිබඳවය. තිස්ස අත්තනායක මහතාගේ 3 වන යෝජනාව වූයේ ‘ඔබතුමා ජනාධිපතිවරණයට යනවා නම් අපිට පක්‍ෂය ඇතුළේ ස්වාධීනව වැඩ කරන්න ඉඩදෙන්න ඕන. අනවශ්‍ය ඇඟිලිගැසීම් කරන්න බෑ’ එලෙස තිස්ස කියනවිට වික්‍රමසිංහ මහතා එහි තේරුම කුමක්දැයි පෙරළා විමසීය. එවිට අත්තනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයකට සූදානම් වීමේදී තමා තුළ ඇති අදහසක් පළමු වරට ඉදිරිපත් කළේය.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

සජිත් සටන අතට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site