IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


SB බේරන මෙහෙයුම

 

එස්.බී. දිසානායක කියන්නේ මේ රටේ දේශපාලනයේ  නිතර කතාබහට ලක්වෙන චරිතයක්. එස්. බී.ගෙ වැඩ වගේම කාටත් මේ රටේ මිනිස්සුන්ට අමතක වෙන්නේ නැති සිදුවීම් තමයි එස්. බී. උසාවියට අපහාස කළා කියලා සිරගත කරපු අවස්ථාව.

 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළාම කවුරුත් හිතුවෙ ඉතා ඉක්මනින් මහින්ද එස්. බී.ව ජනාධිපති සමාව යටතේ එළියට දාවි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. මේ නිසාම එස්. බී. නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය කියලා එස්. බී. දිසානායකගෙ බිරිය තමරා දිසානායක, සුනිල් ගුණවර්ධන ඇතුළු පිරිස එකතුවෙලා වැඩපිළිවෙළක් ගෙනිච්චා. මේකට එක්සත් ජාතික පක්ෂය සෘජු ලෙසම සහයෝගය ලබා දුන්නා. 


එක වතාවක් එස්. බී. නිදහස් කර ගැනීම අරමුණු කරගෙන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය ළඟ ලොකු පිංකමක් අපි සංවිධානය කළා. ඒක එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් පැවැත්වුණේ. මීට අමතරව වෙහෙර විහාරස්ථානවල සහ වෙනත් ආගමික සිද්ධස්ථානවල එස්. බී. නිදහස් කර ගැනීම වෙනුවෙන් ආගමික වැඩකටයුතු සංවිධානය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන වෙනත් සංවිධානත් මේකට සහය වුණා. 


මේ වැඩකටයුතු යන අතරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට නොයෙක් අය යෝජනා කළා මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියලා. නිල නොවන මට්ටමෙන් මේ පිළිබඳව යම් යම් සාකච්ඡා පැවැත්වුවත් මහින්ද රාජපක්ෂගෙන් සෘජු පිළිතුරක් ලැබුණේ නෑ. ඒකටත් හේතුවක් තිබුණා. මුලින් එස්. බී. සහ මහින්ද අතර ලොකු හිතවත්කමක් තිබුණා. ඒත් එස්. බී, චන්ද්‍රිකා මැතිනිය එක්ක සමීපව වැඩ කිරීම නිසා මහින්දත් එස්. බී. ත් අතර හිතවත්කම දුරස්වෙලා තිබුණෙ. ඒක නිසා මහින්ද රාජපක්ෂගෙන් එස්. බී. දිසානායකට ජනාධිපති සමාව කඩිනමින් ලැබුණෙ නෑ. 


මේ නිසා එස්. බී. නිදහස් කර ගැනීම වෙනුවෙන් පෙළ ගැහුණු පිරිස තීරණයකට ආවා. එස්. බී. නිදහස් කර ගන්නතුරු විහාරමහාදේවි උද්‍යානයේ අඛණ්ඩව  උද්ඝෝෂණයක් කරන්න. මේ වැඬේ සංවිධානය කරන්න  මුල්වෙලා ක්‍රියා කරපු කීප දෙනෙක් හිටියා. තමරා දිසානායක, සුනිල් ගුණවර්ධන, මහින්ද විජේසේකර, දයාසිරි ජයසේකර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු පිරිසක් දායක වුණා. මේ උද්ඝෝෂණය අඛණ්ඩව දවස් හතළිස් ගණනක් පැවැත්වුවා. මේ සඳහා දිනපතා මහජනයා සහභාගී කරවීම පැවරිලා තිබුණේ  එක්සත් ජාතික පක්ෂයට. අපි ඒ වගකීම උපරිමයෙන් කළා. මේ උද්ඝෝෂණය යන අතරේ තමයි එස්. බී. දිසානායක කොන්දේසි විරහිතව නිදහස් කරන්නේ. 


නිදහස් කරන්න කලින් එස්. බී. දිසානායක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණේ. එස්. බී.ට නිදහස ලැබුණාම රෝහලේ ඉඳලා හිර ගෙදරට අරගෙන ගිහින් පස්සෙන්ද තමයි එළියට දැම්මේ.


එස්. බී. එළියට ඇවිත් දේශපාලන වශයෙන් මොකක් කරාවිද කියලා බොහෝ දෙනා විමසිල්ලෙන් ඉඳපු දෙයක්. එස්. බී. කොයි පැත්තට යයිද කියලා කවුරුත් බලාගෙන හිටියේ. එස්. බී. නිදහස් වෙලා ඇවිත් එක්සත් ජාතික පක්ෂයේම තමයි නතර වුණේ. 2008 මධ්‍යම පළාත් සභා මැතිවරණයට ආවම එස්. බී. තමයි අපි මහ ඇමැති අපේක්ෂකයා විදියටත් ඉදිරිපත් කළේ. මේ වෙනකොට එස්. බී.ගෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙලා තිබුණේ එස්. බී.ට කිව්වේ ඡන්ද මැෂිම කියලා. මධ්‍යම පළාත් සභා ඡන්දෙට එස්. බී. ආපු එකෙන් එක්සත් ජාතික පක්ෂයට වාසියක් වුණා කිව්වොත් වැරදි නෑ. පක්ෂයට ඡන්ද එකතු වුණා එස්. බී. හරහා. පළාත් සභා මැතිවරණය දිනන්න බැරි වුණත් ඊට කලින් මැතිවරණවලට වඩා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලැබුණා. එස්. බී.ගෙ ඡන්ද ව්‍යාපාරයට ලංකාවෙම අපේ පක්ෂයේ ආසන සංවිධායකවරු සම්බන්ධීකරණය කරලා අපි ලොකු සහයෝගයක් හදලා දුන්නා. මහ ඇමැති වෙන්න බැරි වුනත් වසර ගණනක් සිරගත වෙලා ඉඳල එළියට ආපු එස්. බී.ට මේ අවස්ථාව අලුත් ජයවකින් දේශපාලනයට පිවිසෙන්න අවස්ථාවක් වුණා. එස්. බීගෙ මේ ගමනට ශක්තියක්  විදියට පක්ෂය ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුරත් පිරිනැමුවා. මොකද ඔහු එක්සත් ජාතික පක්ෂයට එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ තමයි හිටියේ. ඒ අත්දැකීම් එක්ක අපේ පක්ෂය ඉදිරියට ගෙනියන්න එස්. බී. සහයෝගය දෙයි කියලා තමයි අපි බලාපෙරොත්තු වුණේ. 
තවත් කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (1)

SB බේරන මෙහෙයුම

sam Friday, 16 June 2017 09:39 PM

රටට ජාතියට සේවයක් කරපු අතීතයේ සිටි දේශපාලනඥයන් ගැන කතා කියවනකොට ඔවුන් පිලිබඳව ආදරයක්, ගෞරවයක් හිතේ ඇතිවෙනවා. නමුත් මේ කතාව කියවනකොට ඇතිවෙන්නේ පිළිකුලක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site