IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ජානක පෙරේරාට කොටි ප්‍රහාරයක්

 

සබරගමුව සහ උතුරු මැද පළාත් සභා මැතිවරණයට අපි ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉදිරිපත් වුණේ. රන්ජන් රාමනායක සබරගමුවේ මහ ඇමති අපේක්‍ෂකයා විදියටත් ජානක පෙරේරා උතුරු මැද මහ ඇමති අපේක්‍ෂකයා විදියටත් ඉදිරිපත් කිරීම නිසා පක්‍ෂයට අලුත් ජවයක් එකතු වුණා. අපි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉතාම හොඳින් කරගෙන ගියා.


පළාත් දෙකේම මැතිවරණ මෙහෙයුම්වලට නායකත්වය දුන්නේ මම. අපි විශේෂ වැඩසටහන් හදල සංවිධායකවරු ඒ ඒ තැන්වලට යොදවලා ඉතාම සැලසුම් සහගත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් අරගෙන ගියා.


ඇත්තටම ආණ්ඩුව බයවෙලා හිටියේ සබරගමුවටත් වඩා උතුරු මැද පළාත් සභාව ගැන. මොකද ජානක පෙරේරා ඉදිරිපත්වීමත් එක්ක තමයි ඒක වුණේ. පොදු පෙරමුණේ මහ ඇමති අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වුණා බර්ටි ප්‍රේමලාල්. ඇත්තටම බර්ටි ප්‍රේමලාල් පරාද වෙන මට්ටමක ජනරැල්ලක් අපේ පැත්තට ඇතිවෙමින් තිබුණා.


මේ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු කරන කාලේ අපිට නොයෙකුත් හිරිහැරවලට මුහුණ දෙන්නත් සිදුවුණා. අපේ ප්‍රචාරක රැස්වීම්වලට පහරදීම් අධාරකරුවන්ට හිරිහැර කිරීම් වගේ දේවල් නිතර නිතර සිදුවුණා. පොදු පෙරමුණ මැතිවරණයට බරපතළ විදියට ආණ්ඩු බලය යොදා ගත්තා. බඩු බෙදන වැඩ, රජයේ දේපොල පාවිච්චි කිරීම වගේ දේවල් පවා හරියට සිද්ධ වුණා.


ජානක පෙරේරාගේ මැතිවරණ ව්‍යාපාරයට උතුරු මැද පළාතේ භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රභූ පිරිස් විශාල වශයෙන් සහයෝගය දුන්නා. ඒ වුණත් ඡන්ද ප්‍රතිඵලයට අනුව අපිට ජයග්‍රහණය කරන්න බැරිවුණා. ඒ වුණත් ජානක පෙරේරා හරහා උතුරු මැද ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඇතිවුණා. ජානක විපක්‍ෂ නායකත්වය බාරගෙන ලොකු වැඩ කොටසක් කරලා පක්‍ෂය ශක්තිමත් කරන්න තමයි සූදානම් වුණේ.


සබරගමුවේ රන්ජන්ගේ ඡන්ද ව්‍යාපාරය හැලහැප්පිලි එක්ක තමයි ගියේ. එක සැරයක් රන්ජන් ගියපු වාහන පෙළකට පහරදීමක් සිදුවුණා. රන්ජන් නළුවෙක් විදියට තිබුණු ජනප්‍රියත්වය උඩ තමයි ගොඩක් ඡන්ද ඔහුට ලැබුණේ. ඒ වුණත් සබරගමුවත් දිනන්න අපිට බැරි වුණා. රන්ජනුත් සබරගමුවෙ විපක්‍ෂනායක විදියට වැඩ පටන් ගත්තා.


ජානක පෙරේරා මැතිවරණයෙන් පස්සේ දිගටම අනුරාධපුරේම ඉන්න තීරණය කළා. ඒක නිසාම ජානක අලුත් කාර්යාලයක් විවෘත කළා අනුරාධපුරේ ටවුන් එකේ. ඒක විවෘත කරන දවසෙ තමයි බෝම්බයක් පිපිරිලා ජානක පෙරේරා ඝාතනය වෙන්නෙ. ඒ බෝම්බයට අහුවෙලා විශාල පිරිසක් මියගියා. ඉතාම අවාසනාවන්ත සිදුවීමක් ඒක. යුද බිමේ වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ. එක එක්ක සටන් කරපු ජානක පෙරේරා ඝාතනය වුණු ආකාරය අපිටත් ලොකු කම්පනයක් වුණා.


ජානක පෙරේරාට අමතරව අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැනෙජර් ඩොක්ටර් ජෝන් පුල්ලේ ඇතුළු වටිනා චරිත කීපයක් අපිට අහිමි වුණා ඒ බෝම්බ පිපිරීමෙන්. මේක සැලසුම් සහගත ඝාතනයක්. ජානක පෙරේරා දේශපාලන චරිතයක් විදියට ඉදිරියට ආපු වේගය ඊළඟ ජනාධිපතිවරණයට වුණත් ඉදිරිපත් වෙන්න පුළුවන් මට්ටමේ එකක්.


ජානක පෙරේරාගේ මැතිවරණ ව්‍යාපාරය අතරේ ඩොක්ටර් ජෝන් පුල්ලෙගෙ ගෙට ගිනි තියල විනාශ කරපු සිද්ධියත් අමතක කරන්න බැරි එකක්. පළාතේ දේශපාලන ප්‍රබලයකුගේ සම්බන්ධකම් තියෙන මැර කණ්ඩායම් තමයි ඒ වැඬේට හවුල් වුණේ. ජෝන් පුල්ලේ මහත්තයා ඒ පළාතේ ජනතා ප්‍රසාදය ඉහළින්ම ලබාගෙන ඉඳපු චරිතයක්. වෛද්‍යවරයෙක් විදියට ඔහු කීර්තිමත් චරිතයක්. ඔහු අපේ පක්‍ෂයට හිතවත්ව වැඩ කළා. ජානක පෙරේරාගේ මැතිවරණ ව්‍යාපාරයට කරගහලා උදව් කරපු ප්‍රධාන පුද්ගලයා වුණේ ජෝන් පුල්ලේ මහත්තයා. අනුරාධපුරේ කම්පා වුණා ජෝන් පුල්ලේ මහත්තයාගේ ගෙදරට ගිනි තියපු සිද්ධියට.


ජානක පෙරේරා ඝාතනය වුණා කියලා දැනගත්තු මොහොතෙම රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා වහාම අනුරාධපුරේට ගිහිල්ලා ඒ ගැන බලන්න කියලා. මම එවෙලෙම අනුරාධපුරේ ආවා. මාත් එක්ක ධනසිරි අමරතුංගත්, සාගර සේනාරත්න කියන පළාත් සභා මන්ත්‍රීවරයත් ආවා. ධනසිරි එතකොට යු.එන්.පී. එකේ හිටියේ. අපි ඉස්පිරිතාලෙට ගිහිල්ලා මෘතශරීර ඔක්කොම බැලුවා. සිරුරුවල කොටස් හැම තැනම බලන්නත් බැරි තත්ත්වයක් තිබුණා. එතන ඉඳපු නිලධාරියෙක් කිව්වා ඇතුළට ගිහින් ඕන නම් බලන්න කියලා. මම ගිහින් බැලුවා.  ජානක පෙරේරාගේ සිරුර මම අඳුන ගත්තා. එයාගෙත් ශාරීරයේ කොටස් වෙන්වෙලා තිබුණේ. මට ඒක අමතක නොවන දර්ශනයක්. මාව විශාල කම්පනයකට පත්කරපු දර්ශනයක් ඒක.
තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

ජානක පෙරේරාට කොටි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 621 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site