මංගල සමරවීරලා එක්ක අලුත් දේශපාලන ගමනකට මුල පුරන්න කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට තමයි මංගල හා ශ්‍රීපති ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන පාර්ශ්වය කියන අලුත් පක්ෂයක් එක්ක එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නේ.
මේ එකතුවීමෙන් පස්සේ අපි දෙපාර්ශ්වය රටපුරා ප්‍රචාරක රැස්වීම් මාලාවක් අරගෙන යන්න තීරණය කළා. ඒ අනුව මාස හයක් විතර රටේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ විරෝධී ජනතා පෙළගැස්ම හදන්න දේශපාලන ව්‍යාපාරයක් කළා. මේ දේශපාලන ව්‍යාපාරයේදී තමයි ශ්‍රීපති සූරියආරච්චි ප්‍රසිද්ධියේ කියන්න පටන් ගත්තේ තමන්ට ඡන්ද ලබා ගන්න සහ එක්සත් ජාතික පක්ෂයට වැටෙන ඡන්ද වළක්වන්න මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ එකට සල්ලි දුන්නා කියන කතාව. මේ දේශපාලන ව්‍යාපාරයට මංගල ශ්‍රීපති එක්ක ටිරාන් අලසුත් සම්බන්ධ වෙලා හිටියා. ඔහුත් කියන්න පටන් ගත්තා ඔහු හරහා එමිල් කාන්තන් සම්බන්ධ කරගෙන තමයි මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. එකට සල්ලි දුන්නේ කියලා.
මේ කතාව යන අතරේ ටිරාන් අලස්ගෙ ගෙදරට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ මංගල ශ්‍රීපති ඇතුළු පිරිස ටිරාන් අලස්ගෙ ගෙදර ඉඳලා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. එතනදිත් එයා එල්.ටී.ටී.ඊ. එකට සල්ලි දුන්නු කතාව කිව්වා. අපිත් ඒ වෙලාවෙ එතැන හිටියා.
මේ අතරේ මංගල සමරවීරගෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න තීරණය කළා. මේ අවබෝධතා ගිවිසුමට ඇතුළත් කරන කාරණා පිළිබඳ සාකච්ඡාවෙදි යම් යම් ගැටලුත් ඇතිවුණා. එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් අවාසි නොවන කරුණු පමණක් මීට ඇතුළත් විය යුතුයි කියන මතයේ තමයි අපි හිටියේ. මම යෝජනා කළා මේකට කිසිදු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් දුර්වලවන යෝජනාවක් එකතු නොවිය යුතුයි කියලා.
ඒකට හේතු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතික පක්ෂය සමග මැතිවරණවලට තරඟ කරනකොට ඒ අපේක්ෂකයින් නියම කිරීමේදී ඒ අයටත් කොටසක් දෙන්න ඕනකම තිබුණා. මම කිව්වේ මේක දෙන්න ඕනෑ ඒ ඡන්ද පදනම දිහා බලල මිසක් අහවල් දිස්ත්‍රික්කයෙන් අහවල් කෝටා එකක් දෙනවා කියලා මුලින්ම තීන්දුවකට එන්න බෑ කියලා.
මේකට පොඩි මතභේදයක් ඇතිවුණා. ඒ නිසාම මේ අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවේදී අත්සන් කරන වෙලාවෙ මම ඒක ප්‍රතික්ෂේප කළා. මම අත්සන් කරන්න එන්නෙ නැතුව හිටියා. ඒත් පස්සෙ මාව බලෙන් වගේ එක්ක ගියා. කොහොම හරි මට ඒකට අත්සන් කරන්න සිද්ධ වුණා.
මේ අවබෝධතා ගිවිසුමට මම එකඟ නැතිවුණාට මේ දේශපාලන ව්‍යාපාරයේ වැඩවලට මම පක්ෂය වෙනුවෙන් හවුල් වුණා. අපි දිගටම රාජපක්ෂ විරෝධී ව්‍යාපාරය රටපුරා කරගෙන ගියා. මේ අතරෙ තමයි ශ්‍රීපති සූරියආරච්චිත් හදිසියේම රිය අනතුරකින් මිය යන්නේ. අනුරාධපුරයේ ඉඳලා කොළඹ එන අතරේ වාහනය හැප්පිලා තමයි ශ්‍රීපති ජීවිතක්ෂයට පත් වෙන්නේ. මේ මරණය ඒ වෙලාවේ සැක කටයුතු මරණයක් වුණා. බොහෝ දෙනා මේ ගැන සැක හිතන්න පටන් ගත්තා. විවිධ කටකතා පවා පැතිරුණා. ශ්‍රීපති ඒ මොහොත වෙද්දී දැඩි රාජපක්ෂ විරෝධියෙක් විදියට කටයුතු කළ නිසා මේ මරණය කුමන්ත්‍රණයක්ද කියන සැකය මතුවුණා. ඒත් ඒක සාක්ෂි සහිතව ඔප්පු කර ගන්න බැරිවුණා.
මේ සිදුවීම වෙද්දී රනිල් වික්‍රමසිංහයි මමයි හිටියේ කුරුණෑගල රැස්වීමක. ඒ ආරංචිය ආපු ගමන් රනිල් වික්‍රමසිංහ මට කිව්වා අද ශ්‍රීපතිව බලන්න යන්න කියලා. මම එවෙලෙම අනුරාධපුරයට පිටත් වුණා. මම රෝහලටත් ගිහිල්ලා බලලා අවශ්‍ය කටයුතු කරලා එදා රෑ තමයි කොළඹ ආවේ. ශ්‍රීපති සූරියආරච්චිගෙ නැතිවීම අපේ දේශපාලන ව්‍යාපාරයට ලොකු පාඩුවක්. මොකද ඔහු මේ ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළේ.
තව කොටසක් ලබන සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්
සජිත් ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර
‘‘ජාතියේ පියා’’ ලෙස විරුදාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක
‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘
දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක
2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මංගලගේ ගිවිසුමට තිස්ස හරස් වෙයි