IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කරුගෙන් තිස්සට ආරාධනාවක්

 

කොහොම වුණත් පක්ෂය ඇතුළෙ රනිල් විරෝධයන් වගේම පක්ෂ නායකත්වයට කරු ජයසුරිය පත්කළ යුතුයි කියලා ලොකු හඬක් මතුවුණා. බොහෝ දෙනා හිතාගෙන හිටියේ කරු ජයසුරියට පක්ෂ නායකත්වය ලැබෙයි කියලා. කරු ජයසූරියත් ඒකට සූදානම් වුණා. එහෙම ඉන්න අතරෙ තමයි අපේ පිරිසක් ගිහින් රනිල් වික්‍රමසිංහට කිව්වේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා. එයා ඒ ඉල්ලීම ප්‍රයෝජනයට අරගෙන ඉල්ලා අස් නොවෙන්න තීරණය කළා. ඒ තීරණයත් එක්ක තමයි කරු ජයසුරිය ඇතුළු පිරිස එජාපයෙන් ඉවත් වෙන්නේ.

 

 

2005 ජනාධිපතිවරණය අවසන්වීමත් එක්ක ඇති වුණු එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදවල ප්‍රතිඵලයක් විදියට තමයි කරු ජයසූරිය ඇතුළු 17 දෙනෙක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වෙන්නේ. 

 

පක්ෂය ඇතුළේ රනිල් වික්‍රමසිංහ විරෝධය වැඩිවෙන්න තවත් හේතුවක් වුණේ ඔහුගෙම කතාවක් කියලත් අදහසක් මතුවුණා. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්න සූදානම් කියලා ඔහු ලක්ෂ්මන් සෙනෙවිරත්න එක්ක කිව්වා කියලා ලක්ෂ්මන් සෙනෙවිරත්න තව කීප දෙනෙක් එක්ක කියලා මේ කතාව පක්ෂය ඇතුළෙ පැතිරිලා ගියා. කරු ජයසූරියට නායකත්වය බාරදෙනවා වගේ කතාවක් ඒ ප්‍රකාශයට තිබුණා කියලත් ඒ එක්කම ඇති වුණා. මේ කතාව කරළියට ඒමත් එක්ක කරු ජයසූරිය සූදානම් වුණා පක්ෂ නායකත්වය බාරගන්න.


කරු ජයසූරිය මහත්තයා එක දවසක් මටත් කතා කරලා කිව්වා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් වෙන්න තීරණය කරල තියෙන නිසා එයා පක්ෂ නායකත්වය බාරගන්න සූදානම් කියලා. ඒ එක්කම කරු ජයසූරිය මට කිව්වා තමන් පක්ෂ නායකත්වය බාරගත්තම පක්ෂ මහලේකම්වරයාට මාව පත්කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට මට මුලින්ම ආරාධනා කළේ කරු ජයසූරිය මහත්තයා. ඒක මම මතක් කරන්නේ කරු ජයසූරියට ගෞරවයක් විදියට. රනිල් වික්‍රමසිංහ මාව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්කමට පත් කළත් ඒක සඳහා මුල්ම ආරාධනය ආවේ කරු ජයසූරියගෙනි.


කරු ජයසූරිය මට කිව්වේ තමන් පක්ෂය බාර ගත්තම මහලේකම්ට පාක්ෂිකයන් සහ සංවිධායකයන් එක්ක හොඳ සම්බන්ධතාවක් තියෙන තිස්ස වගේ ගමේ මිනිහෙක් දාන්න ඕන කියලා.


ඔය අතරේ තමයි රාජිත සේනාරත්න ඊඊක්‍ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න සූදානම් කියලා. කරු ජයසූරිය පක්ෂ නායකත්වයට පත් වීමටත් නියමිතයි කියලා රාජිතගෙ ප්‍රකාශයෙන් කියවුණා. රාජිතගෙ මේ ප්‍රකාශය ලොකු අර්බුදයක් බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ දවසක් මට කිව්වා රාජිතගෙ ප්‍රකාශය නිවැරදි කරමින් ඊඊක්‍ එකට අලුත් ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා රනිල්ගෙ එහෙම සූදානමක් නෑ කියලා. මම ඒ උපදෙස් මත ඊඊක්‍ එකට අලුත් ප්‍රකාශයක් දුන්නා.


කොහොම වුණත් පක්ෂය ඇතුළෙ රනිල් විරෝධයන් වගේම පක්ෂ නායකත්වයට කරු ජයසුරිය පත්කළ යුතුයි කියලා ලොකු හඬක් මතුවුණා. බොහෝ දෙනා හිතාගෙන හිටියේ කරු ජයසුරියට පක්ෂ නායකත්වය ලැබෙයි කියලා. කරු ජයසූරියත් ඒකට සූදානම් වුණා. එහෙම ඉන්න අතරෙ තමයි අපේ පිරිසක් ගිහින් රනිල් වික්‍රමසිංහට කිව්වේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා. එයා ඒ ඉල්ලීම ප්‍රයෝජනයට අරගෙන ඉල්ලා අස් නොවෙන්න තීරණය කළා. ඒ තීරණයත් එක්ක තමයි කරු ජයසුරිය ඇතුළු පිරිස එජාපයෙන් ඉවත් වෙන්නේ.


කරු ජයසූරිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගිහින් ඇමැතිකම් අරගෙන ටික කාලයයි වැඩ කරන්න ලැබුණේ. 2008 දී විතර කරු ජයසුරිය මහින්ද රාජපක්ෂ එක්ක ආරවුලක් ඇති කරගත්තා. අපිට ආරංචි වුණ විදියට මහින්ද රාජපක්ෂ කරු ජයසූරියට බැණ වැදුණු සිදුවීමක් මේකට මුල් වුණා කියලා. ග්‍රාම නිලධාරීන් පත්කිරීමේදී සුදුසුකම් අනුව කරු ජයසූරිය පත්වීම් දෙන්න යාම මේ ආරවුලට හේතු වුණා කියලා තමයි ආරංචි වුණේ. මේ නිසි විදියට පත්වීම් දෙන එකට විරුද්ධව ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනාධිපති මහින්දට එක එක කතා කියලා. ඒ අයට ඕන වෙලා තියෙන්න ඇති තම තමන්ගේ උදවිය මේ පත්වීම්වලට දාගන්න. ඒක කරු ජයසුරිය එක්ක කරන්න බැරි වුණාම තමයි කරු ගැන ජනාධිපතිට පැමිණිලි කරලා තියෙන්නේ. ජනාධිපති කරුට කියලා තියෙනවා මන්ත්‍රී ලැයිස්තුවලට අනුව ග්‍රාමනිලධාරී පත්වීම් දෙන්න කියලා. කරු ඒකට කැමති නැති වුණාම තමයි මේ ආරවුල ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා කරු ජයසුරියට තවදුරටත් රාජපක්ෂ ආණ්ඩුවෙ ඉන්න බැරි තත්ත්වයක් උඩ තමයි ඔහු ආපහු එක්සත් ජාතික පක්ෂයට එන්නේ.


කරු නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවෙන සාකච්ඡාවල අතරමැදියා වුණේ ලසන්ත වික්‍රමතුංග. එයා මේ ගනුදෙනුව සම්බන්ධීකරණය කළා. කරු ජයසූරියට නියෝජ්‍ය නායකකම නැවත දෙන කොන්දේසිය උඩ තමයි ඔහු ආවේ. කරු ජයසුරිය එජාපයෙන් ගිහින් නැවත එනකොට වුණත් ඔහුව ඉහළින් පිළිගන්න වුණේ පක්ෂය තුළ සිංහල බෞද්ධ බලවේගයට ශක්තිය දෙන්න හැකියාව තිබුණෙ කරු ජයසුරියට නිසා.


රනිල් වික්‍රමසිංහ දෙහිවල තිබුණු වාර්ෂික සමුළුවේදී තමයි කරු ඇතුළු පිරිසට යළිත් එක්සත් ජාතික පක්සයට එන්න කියලා ප්‍රසිද්ධ ආරාධනයක් කළේ. කරු පාර්ශ්වයෙන් එහෙම කොන්දේසියකුත් තිබුණා. රනිල් වික්‍රමසිංහ විසින් කරු ඇතුළු පිරිසට නැවත පක්ෂයට එන්න කියලා ප්‍රසිද්ධ ආරාධනයක් කළ යුතුයි කියන කොන්දේසිය දැනුම් දීලා තිබුණ නිසා රනිල්ට එහෙම ආරාධනයක් ප්‍රසිද්ධියේ කරන්න සිදු වුණා.


තව කොටසක් ලබන සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

කරුගෙන් තිස්සට ආරාධනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 621 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site