කවියන් පැතූ සාධාරණ සමාජය කවදාවත් බිහිවුණේ නෑ
බුද්ධදාස ගලප්පත්ති කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය ඒ අසිරිමත් නොනගතය නමින් එළිදැක තිබේ. 1971 වසරේ කාව්‍යකරණයට පිවිසි ගලප්පත්ති කවියා මේ නව කාව්‍ය සංග්‍රහයත් සමඟ තම කවි දිවියේ පනස් වසර සපුරයි. දොළොස් මහේ පහන (සුනිල් ආරියරත්න-ජයලත් මනෝරත්න සමඟ), කැටපත් පවුර, පාර වසා ඇත, රැජිණක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ. නිශ්චලයි රාත්‍රිය, තුරුලිය අකුරුවිය, දවස හෙටයි, තීර්ථය අසබඩ වැනි කාව්‍ය සංග්‍රහ ඔහුගේ කවි පොත් අතර වඩාත් කැපී පෙනේ.