IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


අවදානම උත්සන්නයි පරෙස්සමත් අවශ්‍යමයි

රටේ සෞඛ්‍ය තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. එක් අතකින් කොවිඩ් මාරක වසංගතය යළි රට පුරා රළ ගසමින් තිබේ. අනෙක් අතට මුළු රටම ඩෙංගු තවානක් බවට පත්ව ඇති සෙයකි. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ රටපුරා නැවතත් ඩෙංගු  උණ රෝගය  තදින් පැතිර යමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන බවය. ජනවාරි මාසයේ ගෙවීගිය සති කිහිපය ඇතුළත ඩෙංගු රෝගීන් 5500 දෙනකු හමුවූ බව එම ඒකකය පවසන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ප්‍රශ්නය වන්නේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මෙම තත්ත්වය එයට හිමි බරින් හඳුනා නොගැනීමය.

කොරෝනා ආසාදිතයන් 78 දෙනකුගෙන් ලබාගත් ජෛව පටල සාම්පල පරීක්ෂා  කිරීමේ දී ඉන්  75 දෙනකුම ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදිතයන් බව හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ඒ අනුව මෙම සටහන තබන  මොහොත වනවිට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 383ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම සංඛ්‍යා ලේඛන සරලව ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය. නියත වශයෙන්ම මෙම තත්ත්වය ඇඟ ලොමු ඩැහැගන්වන  සුළුය. කොරෝනා මාරක වසංගතය අප රට ආක්‍රමණය කර දෙවසරක් කල් ඉක්ම ගොස් තිබේ. එහෙයින් මෙබඳු මාරක වසංගතයක් ඉදිරිපිට කෙසේ කටයුතු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අවබෝධයක් මෙරට පුරවැසියන්ට තිබිය යුතුය. එහෙත් ඇතැම් පිරිස හැසිරෙන ආකාරයට අනුව කිසි කලෙක කොරෝනාව තුරන් කළ හැකි  තත්ත්වයක්  පාදා ගැනීමට නොහැකිවනු ඇත.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අටුළුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිසුන්ට ගුරුවරුන්ට හා මවුපියන්ට කොවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් 19 වැනිදා  එම පාසලට ගියද එන්නත ලබා ගැනීම සඳහා එකදු ශිෂ්‍යයකු හෝ ගුරුවරයකු නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ලිඛිතව තමාට දැනුම් දුන් බවය.

කොවිඩ් වැනි මාරක  වසංගතයක් ඉදිරිපිට මෙසේ වගකීම් විරහිත ලෙස හැසිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. මෙබඳු මාරක වංසගතයක් ඉදිරිපිට ස්වාධීන තීරණ ගැනීමට කිසිවකුට හැකියාවක් නැත. ගත හැකි වන්නේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුව ගන්නා තීන්දු තීරණ පමණි. දර දඬු මුරණ්ඩු තීරණ ගැනීමෙන් සිදු වන්නේ මුළු රටම නරකාදියක් බවට පත්වීම පමණෙකි.

එන්නත හැර අන් පිළියමක් කොවිඩ් මාරයට එරෙහිව නැත. ලෝක යථාර්ථය ද එයමය. එහෙත් ඇතැම් පුරවැසියෝ එන්නතට අනිසි බියක් දක්වති. ඇතැම්විට දුර්මතවලට නොමග යෑම නිසා එන්නත ප්‍රතික්ෂේප කරන පිරිස් ද සිටිති. එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි වී රටම කැරකොප්පුවක් වීම දකිනු රිසි පාපි පිරිස් ද මේ අතර සිටිය හැකිය. මේ සියල්ලන්ටම එරෙහි වීමේ ශුද්ධ වූ අයිතියක් ශිෂ්ට පුරවැසියාට තිබේ. මන්දයත් එම අශිෂ්ට සුළුතරය උදුරා ගනිමින් සිටින්නේ අපගේ ජීවත්වීමේ අයිතිය වන බැවිනි.

කොවිඩ් නිවෙස් ප්‍රතිකාර සේවාව බාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ගත වූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස් ප්‍රතිකාර සේවාව යටතේ ප්‍රතිකර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ඉතා ඉහළ වැඩිවීමක් සිදුවී ඇති බවය. එමෙන්ම  ඔම්ක්‍රොන් ප්‍රභේදය සමග රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවද එම මහත්මිය ප්‍රකාශ කර තිබිණි.

දිනකට හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසකට ආසන්න වෙමින් පවතී. ඉකුත් දෙතුන් මස හා සසඳා බලනවිට එය ඉතා පැහැදිලි වැඩිවීමකි. මෙම වැඩිවීම සම්බන්ධයෙන් මනා වැටහීමක් සෑම පුරවැසියකුටම තිබිය යුතුය. එහෙත් ඉකුත් දිර්ඝ සති අන්ත නිවාඩුවේදී ඇතැම් පිරිස් හැසිරෙන ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. සැබැවින්ම  රට පුරා රෝන්ද යාමට තරම් පරිසරයක් තවමත් නැත.

අප පුවත්පත වාර්තා කළ එක් පුවතකින් කියැවුණේ ගාල්ල වලහන්දූවේ පිහිටි රුහුණු ජාතික විද්‍යා පීඨයේ සිසුන් 60 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවය. එබඳු පොකුරු රටේ තැනින් තැත මතුවෙමින් තිබේ. අපගේ ජීවිත ආරක්ෂා කරදීමට සෞඛ්‍ය අංශවලට නොහැකිය. ආරක්ෂක අංශවලට නොහැකිය. තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීම තිබෙන්නේ තමන්ටමය. එහි වගකීම මගහැරීම යනු මරණයට පාවඩ එළිමකි.



අදහස් (0)

අවදානම උත්සන්නයි පරෙස්සමත් අවශ්‍යමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site