ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට ගුවන්තොටේ සූක්ෂම ඇස්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මර්මස්ථානය ලෙස හැඳින්වේ. රට දූපතක්වීම මෙන්ම ජාත්‍යන්තර නැව් මාර්ගවලට ආසන්නයේ පිහිටීම එයට හේතුවකි. සල්ලි ලැබෙන්නේ නම් ඕනෑම කුණු වැඩකට කරගහන පිරිස් සිටීම තවත් හේතුවකි. එම පිරිස් අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරිහුද, පොලිස් නිලධාරිහුද, සුරාබදු නිලධාරිහුද, බන්ධනාගාර නිලධාරිහුද සිටියහ.