මාතර මහ රෝහලේ මිනී කාමරයේ ඛේදවාචකය
අභිමානවත් ජීවිතයක් මෙන්ම ගෞරවාන්විත මරණයක් සෑම මනුෂ්‍යයකුගේම පරම අපේක්ෂාවය. එහෙත් මරණයට පත්වී මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ සිරුර තැන්පත් කළහොත් එම මියගිය පුද්ගලයාට ගෞරවාන්විත සමු ගැන්මකට ඉඩක් නැත. එයට හේතුව එම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළ සිරුරු නයි, ගැරඬි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදි සතුන්ගේ ගොදුරු බවට පත්වන හෙයිනි. මේ නිසා මල් ශාලා සේවකයන් හා මියගිය පුද්ගලයාගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවට පත්වන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.