ලෝක දූෂණ දර්ශකයේ අපේ තැන ගෝලීය වශයෙන් පවතින දූෂණය මැන බලා දූෂණය හැඳින ගැනීමේ දර්ශකය වාර්ෂිකව සකසන බර්ලින් හි ට්‍රාන්ස්පේරන්සි අන්තර්ජාතික ආයතනය කියා සිටින පරිදි 2021 දී ශ්‍රී ලංකාවේ දූෂණය තවත් ඉහළ ගොස් තිබේ. 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ දූෂණය පෙන්වා දෙන අගය 38 වුව 2021 දී එය 37 දක්වා පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් රටවල් 180 ක් අතරින් 94 මට්ටමේ සිටි ශ්‍රී ලංකව 102 ස්ථානයට ඇද වැටී තිබේ. ඉතා උනන්දුවෙන් ආර්ථික විද්‍යාව හදාරන දීප්තිමත් ශිෂ්‍යාවක වූ අසේනි මෙම පු 23 February 2022
ඉන්දියාවේ නඩු තීන්දුව ලංකාවටත් පාඩමක් ඉන්දියාව අපට මේ දිනවල ඩොලර්, තෙල්, ණය වැනි ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටී. ඒ සමඟ අපේ රටේ දේශපාලනඥයන්ටත් රට කරවන නායකයන්ටත් අපූරු ආදර්ශයක්ද ලබා දී තිබේ. එහෙත් අවාසනාවකට ණය ආධාර පැනලා ලබාගන්නා අපේ නායකයෝ යහපත් ආදර්ශ දකිද්දී ඒවා නොදැක්කා සේ ඉවත බලා ගනිති. අපේ රටට හෙට දවසේ විදුලිය තිබේදැයි අද ආණ්ඩුවේ බලධාරීන් පවා නොදන්නා තත්ත්වයකට රට ඇදවැටීමට එයද එක් ප්‍රබල හේතුවකි. 23 February 2022
මේ කාලෙ ගීත පිදුරු වගේ • ‘‘සඳ මඬල වී’’ ගීත පද සංග්‍රහය මෙසේ එළිදකින්නේ 2009 වසරේ ඔබවහන්සේ පළ කළ ‘‘සීතල ගඟුල වගෙයි’’ ගීත සංග්‍රහයට පසුවයි. ගීත පද රචනා සංග්‍රහයක් පළ කිරීමට මේ තරම් කල් මැරීමක් සිදුවූයේ ඇයි? 22 February 2022
වරාය එක්ක අපනයන වර්ධනය කොළඹ වරායේ අලුත් පර්යන්ත දෙකක් ඉදිකිරීම් අරඹා ඇත. වරාය දියුණුව සංවර්ධනයේ දොරටුවකි. ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව විවර වන එක වැදගත් මර්මස්ථානයක් බව සඳහන් කළ යුතුය. වරාය සංවර්ධනය සමග ඉදිරි වසර පහ ඇතුළත එහි බහාලුම් මෙහෙයුම් පහසුකම් දෙගුණයකින් වැඩිවනු ඇතැයි සැලකේ. වරාය කටයුතු සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවේ. අපනයනය සඳහා සුදුසු ද්‍රව්‍ය නිෂ්පාදන කරන වැඩපිළිවෙළක් රටට අවශ්‍යය. 22 February 2022
පළාත් පාලන ඡන්දයට මිශ්‍ර ක්‍රමය සුදුසු ඇයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කේවල සහ සමානුපාතික නියෝජනය මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ එම මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි සඳහන් වෙයි. 22 February 2022
අපේ ලොකු හාමුදුරුවෝ මෙයින් වසර එකසිය අටකට පෙර කන්ද උඩරට සුන්දර ගම් පියසෙක පින්වත් කුමරෙක් උපන. සැදැහැත් බෞද්ධයෙකු වන සයිමන් රාජපක්ෂ මහතාට සහ එම මහාත්මියට උතුම් මාපිය පදවි ලබා දෙමින් උපන් මේ කුමරා නමින් ධර්මදාස රාජපක්ෂ නම් විය. 21 February 2022
ඔමික්‍රෝන් දරුවන් අතර පැතිරීම වැඩිද? වසර දෙකකට ආසන්න කාලයක පටන් කොවිඩ් රෝගය ලොව පුරා විවිධ අයුරින් සැරිසරමින් පවතී. ඉතාම දරුණු කාණ්ඩයෙන් පැමිණි කොවිඩ් රෝගය ඉන්පසු ‘ඩෙල්ටා’ සහ වර්තමානයේ ‘ඔමික්‍රෝන්’ නමින් නව ප්‍රභේද එක්කරමින් තවමත් පැතිර යයි. 21 February 2022
ස්වාර්ථය පසුපස යන දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමය විධායකය සහ ව්‍යවස්ථාදායකය වශයෙන් කොටස් දෙකකි. විධායකය පූර්ණ බලතල සහිත ජනාධිපතිවරයෙකි. මහජන නියොජිතයෝ පාර්ලිමේන්තුවට පත් කර ගැනෙති. ව්‍යවස්ථානුකූල සුදුසුකම් ඇති පුරවැසියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නැත. 21 February 2022
මිථ්‍යාවට යටවූවන්ගෙන් සමාජය බේරගන්න ඕනෑ ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවක් මරා දැමීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තමාගේ සිරුරට ආරූඪවී සිටින භූතයකු විසින් මව මරා දමා ඇති බව සැකකාර පුත්‍රයා අවට සිටි අයට කෑගසා පවසා ඇති බව මිලානෝ නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පුවත්පතට පවසා තිබිණි. 21 February 2022
පනතේ සැර බැස්සීමේ රහස ත්‍රස්තවාදය පිළිබඳ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන් හා ත්‍රස්තවාදය අතර පැහැදිලි සබඳතාවක් දකින්නට නැත්නම් ඔවුනට එරෙහිව කටයුතු කිරීමේ කෙටි මාර්ගයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි පෙරේදා ඩේලි මීරර් පුවත්පතේ පළවී තිබිණි. 19 February 2022
වනජීවියේ-සතොසේ සිදුවූයේ නාඩගමක්ද? මේ රට සියලු විකෘතිවල ආකෘතිය බවට පත්වී ඇතැයි මුහුණු පොතක සඳහන්ව තිබිණි. කියවා සිනාසී ඉවත නොදැමිය යුතු කියමනකි. ඒ බව එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන සිදුවීම්වලින් පැහැදිලිය. මේවා සිදුවීම් ලෙස නොව නාඩගම් ලෙස හැඳින්විය හැකිය. මෙම නාඩගම් දෙස බලා ජනතාවට සිනාසෙමින් සිටිය හැකිය. එහෙත් ජනතාව ජීවත්වන්නේ එසේ සිනාසෙමින් කල්ගත කළ හැකි නිස්කාංසුවෙන් පිරීගත් සමාජයක නොවේ. මහා බරැති ජීවන අරගලයකට මුහුණදී සිටින ජනයාට මෙම නාඩගම් දැකීමෙන් ඇතිවන්නේ තදබල කෝපයකි. 19 February 2022
බැංකුවට හොරෙන් රට සල්ලි මාරු කරන උණ්ඩියල් ක්‍රමය සල්ලි හංගලා සල්ලි පිටරට යැවීමේ ක්‍රම ගැන ඔබ මොනවද දන්නේ? අද රටේ පවතින ඩොලර් අර්බුදය තුළ භාණ්ඩ ආනයනය සීමා වී තිබේ. ඇතැම් භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. ලංකාවෙන් විදෙස් රටකට යන්නෙ 19 February 2022
ජපනුන්ට නැටුම් ඉගැන් වූ ලංකාවේ සූරසේන ජපානයේ සදෝගා දූපතේ ජීවත්වන ජනතාව අතර මෙරට පහත රට නර්තන කලාවට සමාන ආකාරයට වෙස් මුහුණු පැලඳ ඉදිරිපත් කරන නොනමැති අපූරු නර්තන කලාවක් දැකගත හැකිය. එවන් අපූරු නර්තන කලාවකට උරුමකම් කියන සදෝගා දූපතේ නගර ශාලාවේ මේ වන විට උඩරට වෙස් නැටුමත් බෙර හඬත් රැව් පිළිරැව් දෙමින් තිබේ. ඒ එම දූපතට මෙරට කෘතහ 19 February 2022
ශ්‍රිලනිපයෙන් ආණ්ඩුවට තරවටුවක් ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ. සෑම ගමකටම සංවර්ධන ව්‍යාපෘතියක් ලබාදීමටත් සැම පවුලකටම ආධාරයක් ලබාදීමටත් එම වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා තිබේ. ගම්වල රාජකාරියේ නිරත නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සෑම පවුලකටම ස්වයං රැකියා ණයක්, ආධාරයක් හෝ ප්‍රදානයක් ලබාදිය යුතු බවටය. 18 February 2022
රටේ ආර්ථිකය ඉස්සරහටද?පස්සටද? මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට යන්නේ තරමක් සංකීර්ණ කාරණයක්ය. රටේ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව ලිවිය යුතු යැයි සිතුවේ හේතු කීපයක්ම නිසාය. එක් පැත්තකින් රටේ විදේශ මුදල් සංචිතවල බරපතළ හිඟවීමක් ඇති බවට හැම පැත්තෙන්ම අදහස් මතුවෙමින් තිබීමය. 18 February 2022
පුනර්ජනනීය බලශක්තියට අකුල් හෙළන හෙනහුරෝ සංවර්ධනය පිළිබඳ ආණ්ඩු මට්ටමින් ගන්නා ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඇඟ කිලිපොලා යන සිද්ධි ඇතිවීම සම්බන්ධයෙන් අපේ රට නම් දරා සිටී. රටේ යහපතට අනාගත දියුණුවට අවශ්‍යම වන සැලසුම්ගතව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන්වලට උදැල්ල දමන පිරිස් නිසා එවැනි අවස්ථා උදාවෙයි. සංවර්ධනයේදී සාපරාධී අපරාධ ගණයට වුවද දැමිය හැකි එවැනි අවස්ථා අතරින් එකක් පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් වී තිබිණි. 18 February 2022
1962 කුමන්ත්රණයේ මුල හමුදාවේ-පොලිසියේ කලකිරීමද? එවකට පැවති රජය බලයෙන් පහකිරීම සඳහා ක්‍රියාත්මක වූ 1962 කුමන්ත්‍රණ සංසිද්ධිය වටහා ගැනීම උදෙසා, 1948 පෙබරවාරියේ නිදහස ලැබූ දා පටන් එම කුමන්ත්‍රණය ක්‍රියාවට නගන බව අනුමාන කළ 1962 ජනවාරි 27 – 28 දක්වා සිදුවූ ඇතැම් සිද්ධි ගැඹුරෙන් විමසා බැලීම වැදගත් වේ. 17 February 2022
බෙල්ලටම හිරවූ ඉදිකිරීම් කර්මාන්තය ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍යවල හිඟයත් සමග ඒවායේ මිල ද අදහාගත නොහැකි අයුරින් ඉහළ ගොසිනි. පවතින මේ තත්ත්වය පුද්ගලයන්ට, පෞද්ගලික අංශයට සේම රජයේ සංවර්ධන කටයුතුවලට ද බලපා ඇතත් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවක් නොපෙනෙයි. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. 17 February 2022
තීරු බදු වාහන සෙල්ලම දැන්වත් නවත්වන්න ඕනෑ දවස් පහක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කෝටි 06ක වටිනාකමක් හිමිවීමේ ප්‍රවෘත්තියක් පසුගියදා පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබිණි. දවස් කිහිපයකට පත්වූ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු තමන්ට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය විකුණා ගැනීමෙන් මේ මුදල උපයාගෙන ඇතැයිද එහිදී සඳහන් විය. මේ සිද්ධිය අපගේ රටේ පවතින ක්රමයේ වැරැද්දක් පෙන්වා දෙන කදිම උදාහරණයක් වශයෙන් අපි දකිමු. 17 February 2022
හිංසනයෙන් බැහැර වන්නෝ සැප ලබන්නෝය තථාගතයන් වහන්සේ දේශිත සැපය පිළිබඳ ඉගැන්වීම තරම් අවධානයට ලක්වූ වෙනත් ඉගැන්වීමක් පිළිබඳ අසන්නට නොලැබේ. දුක පිළිබඳව ද බුදුන්වහන්සේගේ දර්ශනය තරම් වෙනත් ඉගැන්වීමක් පිළිබඳ ජගත් දාර්ශනික ඉතිහාසය තුළින් අසන්නට හෝ දකින්නට නොලැබෙන බව අවිවාදිත වූවකි. 16 February 2022
සුළඟින් විදුලි උත්පාදනයට ඩෙන්මාර්කයෙන් පාඩම් ඉන්ධන වියදම හා පරිසර හානි ගැන අවධානය යොමු කරන ජගත් ප්‍රජාව පුනර්ජනනීය විදුලි උත්පාදනය ගැන අවධානය යොමු කරති. සූර්ය තාපය විදුලිය බලයට හරවන ප්රයත්න බහුලව ක්‍රියාත්මක වන අතර ස්වභාවික සුළඟින් විදුලිය උත්පාදනයට ද අවධානයක් යොමු වී ඇත. 16 February 2022
අයි.එම්.එෆ් නොගොස් බැරිද..? රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන් වී ඇති ප්රමුඛ මාතෘකා බවට පත් වී ඇත්තේ ආර්ථිකයේ මතුවී ඇති අර්බුදවලට පිළියම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු ද? නැද්ද? යන්නයි. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට අදහස් දක්වමින් සඳහන් කරන්නේ ලංකාවේ වර්තමානයේ ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවයි. තවත් අයගේ අදහස වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත යුතු බවයි. 16 February 2022
මාධ්‍යවේදීන් දඩයම් කිරීම දැන්වත් නතර කරවමු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල පිහිටි නිවෙසට ආදරවන්තයන්ගේ දිනයදා අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරකයන් සිවු දෙනකු පැමිණ එක් ප්‍රහාරකයකු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා තම බාරයට ගෙන සෙසු තිදෙනා පරිශ්‍රයට ඇතුළුවී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව අප පුවත්පත වාර්තා කර තිබේ. සුදු පැහැති කුඩා වෑන් රියකින් ප්‍රහාරකයන් පැමිණ ඇති බව ද වාර්තා විය. ගල් මුල් ප්‍රහාරයේ හඬට අමතරව වෙඩි ප්රහාරයක ශබ්දයක් ද තමන්ට ඇසුණු බව චමුද 16 February 2022
උගතුන් සාහිත්‍ය විචාරයෙන් ඈත්වීම කනගාටුවක් සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා කවිය, කෙටිකතාව, නවකතාව, නාට්‍ය ඇතුළු සාහිත්‍ය කලා ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය විමර්ශන කෘති රැසක් සිංහල සාහිත්‍යයට දායාද කළ අයෙකි. 15 February 2022
කොළොම්පුර අභිමානය ගංගාරාම නවම් මහා පෙරහර දෙස් විදෙස් ජනයාගේ ගෞරවාදරයට පාත්රවූ ගංගාරාම නවම් මහා පෙරහර මෙවරත් අද (15) සහ හෙට (16) දෙදින රාත්‍රී 7.00 ට සියලු සෞඛ්‍ය ආරක්ෂක විධි විධානවලට අනුකූලව මහජන සහභාගීත්වයෙන් තොරව වීදි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. 15 February 2022
අරපිරිමැස්ම අවශ්‍යම කාලයක් ඩොලර් අර්බුදය විසඳිලා ද? ලබන මාසයේ ණය ගෙවිය හැකි ද? රන් සංචිත විකුණුවේ ඇයි ? ඉහළ නගින උද්ධමනය, අධිභාර බද්ද, වාහන ආනයනයට ඉඩක් නැතිද? ආර්ථිකය යන්නේ වැරැදි පීල්ලෙද? යනාදි කරුණු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකි මේ. 15 February 2022
තොරතුරු දැනගැනීමේ පනතට නව පනතින් සීමා වැටේද? තොරතුරු රහසේ තබා නොගෙන හෙළිදරව් කරන්නාවූ යුගයක, 2016 තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කොට, ශ්‍රී ලංකාව එම යුගයට දායක වීමේ ප්‍රතිඥාව දෙනු ලැබීය. එසේ තිබියදී ඉකුත්දා අගමැතිවරයා විසින් තොරතුරු ආරක්ෂා කර ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විමතිය දනවන්නකි. නිල කටයුතුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම උදෙසා එකී පනතට වගන්තියක් ඇතුළත් කර තිබීමෙන් සිදුවන්නේ පැරැණි සුපුරුදු සන්තෑසියටම ආපසු යොමු වීමය 15 February 2022
පෝසතාට සහන: දුප්පතාට බදු පිට බදු බදු සම්බන්ධයෙන් සමාජ ආන්දෝලනයක් ඇතිවෙමින් තිබෙන ආකාරයක් දැකගත හැකිය. ඒ සමාගම් ලාබය මත සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමට අදාළ කටයුතු සම්පාදනය වීමත් සමගය. මේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට රටේ පවත්නා බදු ක්‍රමය කුමක්දැයි අවබෝධ කරගත යුතුය. 14 February 2022
පොලිස් පත්වීම් මාරුකිරීම් දේශපාලකට ඕනෑ විදියට එපා පොලීසිය කවදත් සමාජයට විවාදාපන්න මාතෘකා සපයන ආයතනයකි. පොලීසිය අතින් සිදුවන හොඳ සහ නරක දෙවර්ගයම මාධ්‍යයට ප්‍රවෘත්තිය. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි යන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නම් වූ බුදු වදන ආදර්ශ පාඨය කොටගෙන ක්‍රියාත්මක වන පොලීසිය සැබැවින්ම ධර්මයේ හැසිරෙන්නේද යන්න මේ වනවිට සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. 14 February 2022
උතුරු කරළියේ ඉන්දීය භූමිකාව හැලේද? මෙරට දකුණේ දේශපාලනයට වඩා උතුරු නැගෙනහිර, විශේෂයෙන්ම උතුරේ දේශපාලනය වෙනස්ය. ඒ උතුරේ දේශපාලනය සෑම විටම ජනවාර්ගික ප්රශ්නය මුල් කර ගන්නා හෙයිනි. උතුරේ දේශපාලනඥයන් ආර්ථික සංවර්ධනය පිළිබඳ කතා කරන්නේ කලාතුරකිනි. 12 February 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026