පෝසතාට සහන: දුප්පතාට බදු පිට බදු බදු සම්බන්ධයෙන් සමාජ ආන්දෝලනයක් ඇතිවෙමින් තිබෙන ආකාරයක් දැකගත හැකිය. ඒ සමාගම් ලාබය මත සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමට අදාළ කටයුතු සම්පාදනය වීමත් සමගය. මේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට රටේ පවත්නා බදු ක්‍රමය කුමක්දැයි අවබෝධ කරගත යුතුය. 14 February 2022
පොලිස් පත්වීම් මාරුකිරීම් දේශපාලකට ඕනෑ විදියට එපා පොලීසිය කවදත් සමාජයට විවාදාපන්න මාතෘකා සපයන ආයතනයකි. පොලීසිය අතින් සිදුවන හොඳ සහ නරක දෙවර්ගයම මාධ්‍යයට ප්‍රවෘත්තිය. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි යන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නම් වූ බුදු වදන ආදර්ශ පාඨය කොටගෙන ක්‍රියාත්මක වන පොලීසිය සැබැවින්ම ධර්මයේ හැසිරෙන්නේද යන්න මේ වනවිට සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. 14 February 2022
උතුරු කරළියේ ඉන්දීය භූමිකාව හැලේද? මෙරට දකුණේ දේශපාලනයට වඩා උතුරු නැගෙනහිර, විශේෂයෙන්ම උතුරේ දේශපාලනය වෙනස්ය. ඒ උතුරේ දේශපාලනය සෑම විටම ජනවාර්ගික ප්රශ්නය මුල් කර ගන්නා හෙයිනි. උතුරේ දේශපාලනඥයන් ආර්ථික සංවර්ධනය පිළිබඳ කතා කරන්නේ කලාතුරකිනි. 12 February 2022
හාස්කම් ගැන සමාජය නොමග යවන මිනීමරුවෝ මානව ශිෂ්ටාචාරයේ දියුණුතම හා බලගතුම යුගයක අපි ජීවත් වෙමු. 21 වැනි සියවස යනු විද්‍යා යුගයේ උපරිමය වෙත සේන්දු වෙමින් සිටින සියවස වෙයි. එක් අතකින් මහා තාක්ෂණික විප්ලවයකි. අනෙක් අතට මහා සන්නිවේදන විප්ලවයකි. ඒ පරිසරය තුළ දැනුම සම්බන්ධ ඒකාධිකාරය පුපුරා ගොස් තිබේ. අන්තර්ජාලයට ඇතුළු වන ඕනෑම අයකුට විශ්ව දැනුම ඇසුරු කිරීමේ හැකියාව තිබේ. එහෙයින් මේ සියවසේ ජීවත් වන ඕනෑම අයකු මේ සියවසට ගැළපෙන අංග ලක්ෂණ වලින් සමන්විත විය යුතුය. 12 February 2022
නිහඬව ලොව දිනූ අපේ සිත්තරා කලා පාරාදීසයක් බඳු වූ ප්‍රංශය වෙත සේන්දු වූ ශ්‍රී ලාංකීය අසහාය කලා ශිල්පියකු කාටත් හොරෙන් ජීවන ගමන එහි නිමාකොට තිස්වසරක් ගතවී ඇත. ඔහු නමින් ජයන්ත ප්‍රේමචන්ද්‍ර වන අතර 1936 දී කෙළඹ රාජගිරියේ ඉපිද, ගංගොඩවිල රේවත රාජකීය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කේරි විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය නිමාකොට රජයේ කලායතනයට පා තබනුයේ චිත්‍ර ශිල්පය සහ කලාව හැදෑරීමටය. 11 February 2022
පුංචි ඡන්දයට පොහොට්ටුව වැඩ අල්ලයි මැතිවරණයක් ගැන කිසිදු හාහූවක් නොතිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටිහැටියේ දැවැන්ත දේශපාලන රැළියක් පැවැත්වීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් බදාදා පස්වරුවේ අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාපිටියේ පැවැත්වූ එම රැස්වීම විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇස් ඇරවීමට සමත්වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉතා සැලසුම්සහගත ලෙස විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති ජනරැළිය ළඟ ළඟම මැතිවරණයක් එන බවට ඉඟි පළකිරීමකැයිද ඔවුහු පෙන්වා දෙති. 11 February 2022
පවුලේ අවුල ලිහා බැලීම දිගු කලක සිට රට මුහුණ දෙමින් සිටින සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදය විසඳෙන බවක් නොපෙනේ. බඩගින්න, රෝ බිය, අගහිගකම්, නැතිබැරිකම් සහ සකලවිධ පීඩාවලින් දුක් විඳින ජනයා සුළුතරයක් නොව බහුතරයකි. නිදුක් නිරෝගී සුවපත් ආත්ම ඇත්තේ ඉතා ටික දෙනකු ය. එහෙත් ඔවුන් තවම නිවන් දැක නැත. 11 February 2022
වැඩ කරන ජනතාවට අසාධාරණයක් එපා බදු ගැසීම පිළිබඳ පුවත් මේ රටේ ජනතාවගේ ඇඟ හිරිවට්ටන මට්ටමට පත්වෙමින් තිබියදී සේවක අර්ථ සාධක අරමුදලටද බලපාන සේ අධිභාර බද්දක් අයකර ගත හැකි ගැසට් නිවේදනයක් නිකුත් වී තිබේ. දේශීය ආදායම් පනතට අනුව සමාගම් යටතට ගැනෙන අරමුදල්වලින් සියයට 25ක අධිභාර බද්දක් අයකර ගැනීමට මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයට අනුව එම කටයුතු සිදු කෙරෙන බව ප්‍රකාශයට පත්වී තිබේ. 11 February 2022
ඝාතකයා සෝමාරාමද? වෙනත් අයෙක්ද? පාරෙන් එහා පැත්තේ නිවසක කෑම පිසිමින් සිටි කාන්තාවක් වෙඩි හඬ ඇසී පිටතට පැමිණ බැලුවාය. අගමැතිවරයාගේ නිවස පිහිටි මිදුලේ මායිම් තාප්පයට උඩින් මිනිසකු පනිනවා ඇය දුටුවාය. පිටත පාරේ නවතා තිබුණු කාර් රථ දෙකෙන් එකක සිටි අයකුට ඔහු ‘‘හරි මචං’’ කියා කෑ ගැසනවා ඇයට ඇසුණි. 10 February 2022
එක රැයේ තීරණයේ ආදීනව එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 72 ක පමණ ආදායමකි. 10 February 2022
බූස්ටර් එන්නත ගැනීම මිනිත්තුවකින්වත් පමා නොකරමු අනවබෝධයෙන් කටයුතු කිරීම හා මිථ්‍යාවේ ගිලී සිටීම යනු දෙකකි. මෙරට එන්නත්කරණයට මාරාන්තික බාධාවක් වී තිබෙන්නේ මෙම අනවබෝධය හා මිථ්‍යාවේ ගිලී සිටීමය. අනවබෝධයෙන් පසුවන්නකු යම් ප්‍රමාණයක මහන්සියකින් පසු අවබෝධයක් සහිත පුද්ගලයකු බවට පත්කර ගත හැකිය. 10 February 2022
සවුදි අරාබියේ ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන ආදර්ශය වසර 2030 ඉලක්ක කරගෙන ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නංවන්නට සවුදි අරාබිය තීරණය කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයේ පසුබෑම ප්‍රශ්නයක් වනු ඇති බව සවුදි පාලකයන් නිගමනය කර ඇත. ලෝක ප්‍රජාව ඛනිජ තෙල් භාවිතය සීමා කිරීම එරටට තීරණාත්මක ලෙස බලපාන බව ද නිරීක්ෂණය කරන කරුණකි. පැවැත්ම වෙනස් නොකළහොත් ගැටලු මතුවිය හැකි බව ප්‍රකාශ වී ඇත. අංශ ගණනාවක් සඳහා වෙනස්කම් බලගන්වා තිබේ. 09 February 2022
විනිමය අර්බුදයෙන් ගොඩ එන්න මඟක් නැද්ද? ශ්‍රී ලංකාවට බොහෝ කාලයක පටන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත්, ලෝක බැංකුවෙන් හා වෙනත් බහු පාර්ශ්වික ආයතනවලිනුත් අඩු පොලියට මුදල් ණයට ගත හැකි වූයේය. එබැවින් වඩාත් අවශ්‍ය වූ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසියාකාර දියත් නොකර ණයට ගත් මුදල් මත යැපෙන්නට අපි පුරුදු වූයෙමු. අපහසුවකින් තොරව මුදල් ලැබුණු නිසා ඉතා සහනදායී පොලී මත අපි බරට ණය ගත්තෙමු. නිදහසේ මුදල් ගලා ආ බැවින් මූල්‍ය විනයක් ගැන සිතීමට අපට අවශ්‍ය නොවීය. 09 February 2022
මැර දේශපාලනයට දැන්වත් තිත තබමු දේශපාලන කරළියේ බිත්තර ගැසීම් පොදු මාතෘකාවක් බවට පත්වන ලකුණු පහළ වෙමින් තිබිණි. අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ද සම්බන්ධ බව පැවැසෙන රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය නොවන්නට අදටත් බිත්තර ගැසීම් මාධ්‍යයේ සිරස්තල මවන කටගැස්මක් වන්නට හොඳටම ඉඩ තිබිණි. 09 February 2022
කවියකට තනුවක් දාපු පමණින් ගීතයක් වෙනවද? වසන්ත කුමාර කොබවක, මෙරට ගිත කලාවට අමරණීය ගීත පද මාලා රැසක් දායාද කළ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි. 08 February 2022
ඩොලර් අර්බුදයට තිරසාර විසඳුමක් ඉකුත්දා “රාජු” මට කෙටි පණිවුඩයක් එවීය. එහි කෙටි සටහනක් ද විය. එය මා පුදුමයට පත් කළේ ය. ඔහුගේ නම ආචාර්ය රාමරාජු වෙනුත්තුරුපල්ලි ය. ඔහු මගේ ඉන්දීය මිතුරකු වන අතර හෙතෙම දිල්ලි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වශයෙන් කටයුතු කර මෑතකදී විශ්‍රාම ගත්තේ ය. ඔහු මා වෙත ඒවා තිබූ කෙටි සටහනින් ඔහු පුදුමයට පත්ව තිබූ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු සිතා සිටි සියල්ලම පාහේ සුණු විසුණු වී තිබිණි. ශ්‍රී ලංකාවේ අපට නම් දැන් එය පුදුමයක් නොවේ. 08 February 2022
සමාජ අපේක්ෂාව විනිශ්චයද? යුක්තියද? මහා පරිමාණ දූෂණ ගැන කරන අනාවරණ සෑහෙන විමතියක් ඇති කරයි. ස්වල්ප කාලයකට පසු නිදොස් කොට නිදහස් කෙරේ. එය ද මහත් විමතියක් ඇති කරන්නකි. සොරකම, වංචාව හෝ දූෂණය පිළිකුල් කළ යුතුය. රටට විනිශ්චයක් අවශ්‍ය නැත. 08 February 2022
ලෝකය දිග්විජය කළ භාරත ගීත කෝකිලාවිය සිය මාධුර්ය වූ හඬින් ලොවක් වසඟ කළ “භාරත ගීත කෝකිලාව” ලෙස අබිසෙස් ලැබූ ලතා මංගේෂ්කාර් ඉකුත් දා අවසන් ගමන් ගියාය. වසර 92ක් ගත කළ ඇය ලොවම කම්පාවට පත් කරමින් දිවි සැරිය නිම කළේ, කොවිඩ් වයිරසයට ගොදුරු වීමෙනි. මිනිසුන්ගේ හද සන්තානය ගැඹුරින්ම ස්පර්ශ කළ ඇය, මානව සංහතියේ සුවය වෙනුවෙන් සිය හඬ නොමසුරුව කැප කළාය. 08 February 2022
පෙබරවාරිය ලග්න 6 කට හොඳටම හොඳයි මේ ගෙවී යන පෙබරවාරිය ලග්න 06 කට ඉතා සුබ ප්‍රතිඵල අත්කර දෙන මාසයක් ලෙස දැක්විය හැකිය. 07 February 2022
භාරත ගීත කෝකිලාවිය - ලතා ‘‘මේ ලංකාදීපයේ සුරම්‍ය දූ පුතුන් අපියි උතුම්’’ ගීතය ගැයූ භාරතයේ සරස්වතී ලතා මංගෙෂ්කාර් දිවියෙන් සමුගැනීම නිමිත්තෙන් පළවන ලිපියකි. 07 February 2022
බැසිල්ට ආවඩපු පොහොට්ටු මන්ත්‍රීවරු 51ක් අගෝස්තු වෙද්දි ස්වාධීන වෙනවා කාලීන දේශපාලන ආර්ථික කාරණා රැසක් සංවාදයට බඳුන් කරමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 07 February 2022
නගරං දේශපාලනයට පැලැස්තර විසඳුම් එපා ආර්ථිකයේ මෙන්ම දේශපාලන ක්ෂේත්රයේ ද කුණාටු බහුල සමයක් අපි ගෙවමින් සිටිමු. සමාජයේ රඟදෙන ආර්ථික සහ දේශපාලන අර්බුද විසින් ජන මනස ඔද්දල් කර තිබේ. හොඳ පුවතක් අසන්නට දකින්නට අපේක්ෂා කරන අපට මේ කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ සිත නිවන කතා නොවේ. පසුගිය දිනවල මාධ්‍යයේ පුවත් මැවූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය එබන්දකි. 07 February 2022
විරසකයට උඩගෙඩි දුන් වසර 74ක දේශපාලනය ශ්‍රී ලංකාව සිය 74 වැනි ජාතික නිදහස් දිනය ඊයේ සැමරුවේ ඇත්ත වශයෙන්ම ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ද? රටක් ආර්ථික වශයෙන් දියුණු වී විදේශ බලපෑම්වලට යට නොවී පවත්වා ගෙන යාමට කොතරම් කාලයක් අවශ්‍ය ද? එය කොහෙත්ම ශත වර්ෂ ගණනාවක් නම් නොවේ. 05 February 2022
පොරොන්දු දේශපාලනයෙන් රට වනසන දේශපාලනය මේ රටේ දේශපාලනය මින් පෙර කවදාවත් නොවූ විරූ ආකාරයට ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. එම විවේචනය තුළ ජනතාව අතරේ පවතින කලකිරීම, කෝපය සහ බලාපොරොත්තු බිඳවැටීම කැටි වී තිබේ. රටේ ඇතැම් ප්‍රදේශවල මැති ඇමැතිවරුන්ට එරෙහිව ඇතැමුන් දක්වන ප්‍රතිචාර ජනතාවගේ එම බලාපොරොත්තු කඩවීම කොතරම් බරපතළ තත්ත්වයකට පත්ව ඇතිදැයි පෙන්වා දෙයි. මේ තත්ත්වයට හේතු සොයා පිළියම් යෙදීම රටේ යහපතට හේතුවනු ඇත. 05 February 2022
යුක්තියට හිස නැමූ අයුක්තියට පහර දුන් විදේශ දූත මා පියා මගේ පියා මෙලොව හැර ගියේ ඔහුගේ 90 වැනි උපන්දිනයට මාස කිහියක් තිබියදීය. ඔහු මියයාමෙන් පසුව මගේ දිවංගත සොයුරු රජීව සහ තවත් කිහිප දෙනෙක් ඔහු සිදුකළ සේවාව ගැන එඩිතරාත්මක ලිපි ලියුහ. කෙසේ වුවද අපගේ රට පෙර නොවූ විරූ සමාජ හා ආර්ථකි අර්බුදයන්ට මුහුණ දෙන මෙවැනි කාලයක අවංක බව සත්‍යවාදි බව ආචාර ධර්ම, නීත්‍යානුකූල බව හා ශ්‍රී ලංකාව කෙරේ ඇති දැඩි ආදරය යන කුළුණු මත තම ජීවිතය ගොඩ නගාගත් ඔහු වැනි මිනිසකුගේ ගුණාංග ගැන පාඨකයා සමග අදහස් බෙදා හදා ගැනීම වැඩ දායි වේ යැ 04 February 2022
මිනිසාගේ දුක හඳුනාගත් අපේ තාත්තා පියෙක් තම දියණියගේ අත තම ජීවිතයේ කෙටි කාලයකට අල්ලාගෙන සිටින අතර ඔහු ඇගේ හදවත සදහටම අල්ලාගෙන සිටින්නේය. 04 February 2022
එළවළු තෙල් අවශ්‍යතාව මී තෙල්වලින් සැපිරිය හැකිද? අතීතයේ මුතුන් මිත්තෝ පොල්තෙල් මෙන්ම මීතෙල් භාවිත කළහ. කාලයාගේ ඇවෑමෙන් එය අමතක වී ගොස් ෆාම්, සෝයා හා බඩඉරිඟු වැනි තෙල්වලට අපි අවතීර්ණ වී සිටින්නෙමු. මීතෙල් ඵලදාව පොල්තෙල් මෙන් තුන් ගුණයක්වත් වැඩි වන බව ඉන්දියානු පර් යේෂණ පෙන්වන අතර එහි මේද සංයුතිය ඉතා සෞඛ්‍යහිතකාරී වේ. තවද සිංහල රජකාලයේ මී ගස් කැපීම තහනම් වග ඉතිහාසය වාර්තා කරයි. 03 February 2022
සෝමාරාමගෙන් පාපොච්චාරණයක් ඇසින් දුටු සාක්ෂි තුනට අමතරව, සෝමාරාම විසින් 1959 නොවැ. 14 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දුන් ප්‍රකාශයක් ඔහු ඝාතකයා බව ජූරියට ඒත්තු ගන්වන්නට පැමිණිල්ල විසින් භාවිතයට ගන්නා ලදී. සෝමාරාම එම ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය පටන් ගන්නට බොහෝ කලකට පෙර ඉල්ලා අස්කර ගත්තේය. සාක්ෂියක් ලෙස එම ප්‍රකාශයේ (පිළිගත හැකි බව ගැන) වලංගුතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූයේය. 03 February 2022
සිනමා විචාර ලියා පත්තර ලෝකයේ ඉහළටම ගිය ඇස්. සුබසිංහ මීට වසර 17කට පෙර 2005 පෙබරවාරි 3 වැනිදා ජීවිතයෙන් සමුගත් සිළුමිණ, දිනමිණ, ලංකාදීප, නවයුගය, මිහිර පුවත්පත්වල කර්තෘ පදවි දැරූ එස්. සුබසිංහ මහතා වෙනුවෙන් පළවන ලිපියකි. 03 February 2022
රට හමුවේ නිරුවත් වූ පොලිස් නිලධාරීහු ‘මිනිහා නොහදා රට හදන්න බැරි’ බවට කියමනකි. එයට ඌණ පූරණයක් එක් කළ යුතුව තිබේ. එනම් ‘පොලීසිය නොහදා රට හදන්නට බැරි’ බවය. මන්දයත් පොලිසිය යනු මුළුමහත් සමාජයේම පැවැත්ම තීරණය කිරීමේ ප්‍රධානම සාධකය වන හෙයිනි. පොලිස් නිලධාරීන්ට එම වගකීම අමතක වීම යනු බරපතළ සමාජ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කිරීමට හේතුවකි. 03 February 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025