කවියේ වෙනස විතරයි දියුණුවක් නෑ
නන්දන වීරසිංහ නූතනයේ අප අතර සිටින ප්‍රතිභාසම්පන්න කවියන්ගෙන් ප්රමුඛයෙකි. ඔහු වරින් වර ලියූ බොහෝ කවිපොත් මෙරට පාඨක රසික විචාරක ප්‍රජාවගේ අවධානයටත් නොමද වින්දනයටත් එදා වගේම අදත් ලක්වෙමින් තිබෙන බව පෙනේ. කිරි සුවඳැති රාත්‍රිය සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිඳෙක, රැය කරා ගමන, ක්ෂණ නියාම යන කාව්‍ය කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත. එසේම ගිංගඟේ විලාපය, චන්ද්‍ර බිම්බ, සහස් රැස්යට, තුන් පෙති හරස් පස් පෙති (ආරියවංශ රණවීර සමග) වැනි ක