IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වනජීවියේ-සතොසේ සිදුවූයේ නාඩගමක්ද?

මේ රට සියලු විකෘතිවල ආකෘතිය බවට පත්වී ඇතැයි මුහුණු පොතක සඳහන්ව තිබිණි. කියවා සිනාසී ඉවත නොදැමිය යුතු කියමනකි. ඒ බව එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන සිදුවීම්වලින් පැහැදිලිය. මේවා සිදුවීම් ලෙස නොව නාඩගම් ලෙස හැඳින්විය හැකිය. මෙම නාඩගම් දෙස බලා ජනතාවට සිනාසෙමින් සිටිය හැකිය. එහෙත් ජනතාව ජීවත්වන්නේ එසේ සිනාසෙමින් කල්ගත කළ හැකි නිස්කාංසුවෙන් පිරීගත් සමාජයක නොවේ. මහා බරැති ජීවන අරගලයකට මුහුණදී සිටින ජනයාට මෙම නාඩගම් දැකීමෙන් ඇතිවන්නේ තදබල කෝපයකි.

අලුත්ම නාඩගම වාර්තා වූයේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙනි. සත්වෝද්‍යානයක් නිසා මෙය සතුන්ට අයත් නාඩගමක් යැයි වැරැදි අනුමානවලට නොයා යුතුය. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙස ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා දෙපාර්තමේන්තුව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවය. මෙම තත්ත්වය නිසා සේවක කණ්ඩායම් අතරද නොසන්සුන් සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂ මහත්මියට මෙලෙස දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන්වන තෙක් බව අමාත්‍යංශය පවසන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පත්කළ කමිටුවක්ද මේ දිනවල විමර්ශන කටයුතු කරගෙන යන බවද වාර්තා වේ. අමාත්‍යංශ ලේකම්වරයා ඇයට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බවත් ඉකුත් 16 වැනිදා ඇය පින්නවල අලි අනාථාගාරය නිරීක්ෂණය කර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

අමාත්‍යංශයක පරිපාලන වගකීම පැවරෙන්නේ ලේකම්වරයාටය. පූර්ණ බලධාරියා ඒ අනුව ලේකම්වරයාය. අමාත්‍යවරයාගේ වගකීම වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය වේ. වැඩ කිරීමේදී මේවා අවබෝධ කරගත යුතුය. විනය ඇතිවන්නේ එම අවබෝධය මතය. ඕනෑම ආයතනයක අංක එක විනය වේ. ආයතනයේ පැවැත්ම මෙන්ම අභිමතාර්ථය සාධනය කර ගැනීමට ඉවහල් වෙන්නේ විනය වේ. විනය නොමැතිවීම කොඩි විනයකි. රාජ්‍ය අංශයෙන් මේ දිනවල දිගින් දිගටම ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ මෙම කොඩිවිනයයි.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ මහත්මියගේ මෙම ක්‍රියා කලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර බවය. කෙසේ වෙතත් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමන් සේවයට වාර්තා කළ බවය. සේවයට වාර්තා නොකරන ලෙස කිසිවකු තමන්ට දැනුම් දී නැතැයි පවසන එම මහත්මිය දූෂණ වංචා සම්බන්ධයෙන් තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බවත් පවසා තිබේ.

මෙයට පෙර වාර්තා වූයේ කෝටි තුන හමාරක ගනුදෙනුවක් ඇතුළු අයථා ගනුදෙනු මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් වැඩ තහනම් කළ බව කී සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යවරයාගේ හෝ ලේකම්වරියගේ අනුදැනුමකින් තොරව සේවයට වාර්තා කළ බවය. ‘මමයි තවමත් සභාපති. ඇමැති තියා ශක්‍රයාටවත් මාව අයින් කරන්න බෑ’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කර තිබිණි.

මේ රටේ දේශපාලන පත්වීම් යනුවෙන් පත්වීම් විශේෂයක් තිබේ. එම පත්වීම් ලබා ගැනීමේ ප්‍රධාන සුදුසුකම වන්නේ දේශපාලන ගැති බවය. වෙනයම් අධ්‍යාපන සුසුකම් සපුරා තිබුණද දේශපාලන පත්වීම්වලදී වැඩි වශයෙන් ඉස්මතු වන්නේ දේශපාලන ගැති බවය. එම දේශපාලන ගැත්තන්ට යටත්වී කටයුතු කිරීමට පරිපාලන සේවා ආදී විභාග සමත්වී පැමිණෙන අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුවේ. මෙය ඛේදවාචකයකි. ප්‍රශ්නය වන්නේ මෙබඳු ඛේදවාචක නතර නොවී දිනපතා අලුත්වීමය. රට ‘මෙහෙම’ වීමට මෙම තත්ත්වයද බලපා තිබේ.

(***)



අදහස් (0)

වනජීවියේ-සතොසේ සිදුවූයේ නාඩගමක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site