ජනතා මුදල් සොරාගත් පිරිස අල්ලන්න පවතින නීති ඇතිද? ‘අපෙන් සොරාගත් ධනය නැවත අපට දියව්’ කියලා එක හඬින් ජනතාව ඉල්ලා සිටිනු අපට පසුගිය සති කිහිපය තුළ නොනවත්වාම ඇසුණි. 28 May 2022
රටින් සබන් ඇවිත් අපේ සබන් නැති වුණේ මෙහෙයි සබන් යනු නැතිවම බැරි ද්‍රව්‍යයකි. සබන් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි කියවුණු ප්‍රචාරයක් හේතුවෙන් පසුගිය දිනවල තොග පිටින් සබන් එකතුකරගත් ආකාරය ද දක්නට ලැබිණි. 28 May 2022
මීටත් වඩා අමාරු කාලයක් අතළඟ අනාගතයේ අඳුරු පැතිකඩ නිරතුරුව හෙළි වෙමින් තිබේ. බරපතළ අර්බුදයකට ඉදිරි මාස කිහිපයේ දී මුහුණ දීමට සිදුවන බව රටේ ප්‍රධානීන්ගේ මුවින් නිතර පිටවන වචන කීපයකි. ඒ වචනවල ප්‍රායෝගිකත්වය මේ වන විටත් සාමාන්‍ය ජනතාව අත්විඳිමින් සිටිති. ඒ විඳින්නා වූ කටුකත්වය ඉදිරි කාලයේ දෙගුණ තෙගුණ වුවහොත් එයින් සිදුවනු ඇත්තේ 28 May 2022
පහරට පහර ආදීනව පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හා ගාලුමුවදොර පිටියේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියාවලට ප්‍රතිචාරයක් වශයෙන් එදිනම එම ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන්ට එල්ල වූ ප්‍රහාර හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ ප්‍රචණ්ඩත්වයෙන් ප්රචණත්වය උපදී යනුවෙනි. එසේම ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද හිටපු අගමැතිවරයා ඉල්ලා සිටියේය. 28 May 2022
ඇමැතිවරු පත්වෙති: යති ඒත් පාඩු පිට සංස්ථා දිගටම දුවයි අප රටේ ඇමැතිවරු තවමත් දිවුරුම් දෙති. ඇමැති මණ්ඩලය අලුත් බව ද කියති. ඇතැමකුට අනුව අලුත් බව කියන ඇමැති මණ්ඩලය අලුත් බෝතල්වලට පරණ වයින් දැමීමකි. එය වෙනම කතාවකි. ඇමැති මණ්ඩලයට කවුරු පත්වුණ ද එම ඇමැති මණ්ඩලයට රට වැටී ඇති අඳුරු අගාධයෙන් ගොඩ ගැනීමේ හැකියාව තිබිය යුතුය. එය එසේ නොවී එය වරප්‍රසාද භුක්ති විඳීමකට පමණක් සීමා වන්නේ නම් එක්කෝටි දොළොස් ලක්ෂයේ රට වැසියන්ට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටමය. 28 May 2022
විදේශ අමාත්‍යංශයේ ගමේ වැඩ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම සිදුකළ වරදක් වූයේ මහජන සේවයට වගකිවයුතු රාජ්‍ය ආයතනයන්ගේ මුල් පුටුවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කිරීමය. ඔවුන්ගෙන් බහුතරයක්, තමන් එම තනතුරුවලට නුසුදුස්සන් බව ඔවුන්ම ඔප්පු කර හමාරය. මේ සම්බන්ධයෙන් ද, ගෙවුණු සති කිහිපය පුරාම නොයෙක් විරෝධතා මතුවිය. 27 May 2022
අර්බුදය නිර්මාණය කළේ කවුද? ලංකාව නමැති භූමියේ වෙසෙන හෝමෝ සේපියන් ලා මුහුණ දෙමින් සිටින අර්බුදය බරපතළය. මේ වනවිට මෙම මානව වර්ගයාගේ දෛනික අරමුණු යොමු වී ඇත්තේ හුදු පණනල රැක ගැනීමේ කටයුතු කෙරෙහි පමණක් ය. එය ජාතික සහ වාර්ගික සීමා නොතකමින් පොදු තත්ත්වයක් බවට පත් වී ඇත. වසර හැත්තෑ දහසක පමණ ඉතිහාසයක් ඇති හෝමෝ සේපියන් මානව වර්ගයාගේ ලංකාවේ වෙසෙන කණ්ඩායම ගමන් කරමින් සිටින්නේ ප්රාථමිකම අවශ්‍යතා අන් සෑම අවශ්‍යතාවලටම වඩා වැදගත් කොට සලකන මොහොතකය. 27 May 2022
නීතිය අතට ගත් මහමග අරගලකරුවෝ ගත වූ මාසයක දෙකක කාලයක් තිස්සේ රටපුරා දක්නට ඇත්තේ අසහනකාරී වාතාවරණයකි. රටම අරගල භූමියක් වී ඇති සැටියක් පෙනේ. ගාලුමුවදොර පවත්නා අරගලය රටේ ප්රජාතන්ත්රවාදී හිමිකම් පුළුල් කර ගැනීම පිණිස පැවැත්වෙන බව ප්රකාශිතය. එමෙන්ම ගාලුමුවදොර අරගලය තුළ කිසියම් විනයානුකූල බවක් ද පෙනෙන්නට තිබේ. සාමාන්‍ය ජනයාට හිරිහැර පීඩා අවම වන ලෙස තරුණ අරගලකරුවෝ තමන්ගේ සටන පවත්වාගෙන යති. 27 May 2022
පොලිසිය බල කඳවුරු දෙකක් අතර ශ්‍රී ලංකා වාසීන් බොහෝ දෙනෙක් නොදැන සිටි කාරණයක් ගෙවුණු සතියේ එළියට ආවේය. එය නම්, රටේ බල කේන්ද්‍ර දෙකක් මේ වන විට පවතින්නේය යන්නය. 26 May 2022
කෘෂිකර්මය ඉස්සුවොත් රට ගොඩ ලංකාව දැන් ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් අර්බුද රැසකට ගොදුරු වී සිටියි. දේශපාලන හා සමාජ අර්බුද හට ගත්තේ ආර්ථික අර්බුදවලට පිළියම් නොයෙදීම හේතුවෙන් බව පොදු පිළිගැනීමයි. එහෙයින් මේ අර්බුද සියල්ලෙන් ගොඩ ඒමට පළමු කළ යුත්තේ ආර්ථික අර්බුදවලට පිළියම් යෙදීමය. ඒ සඳහා කුමක් කළ යුතුදැයි අප විමසුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්ත් විශ්වවිද්‍යාලයේ ශාක කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමන් සෙනෙවීරගෙනි. 26 May 2022
ගෑස් - ඉන්ධන පෝලිම් වේදනාව බිඳ වැටුණු රට හිතන තරම් ඉක්මනින් පිළිසකර වන බවක් පෙනෙන්නට නැත. මහ බැංකු අධිපතිගේ කතාවෙන් ද ඒ බව පැහැදිලි වෙයි. රට වේගයෙන් පතුල නොපෙනෙන ප්රපාතයක් කරා තල්ලු වෙමින් තිබේ. ඇමැති ධුර බෙදිල්ලෙන් තත්ත්වය සමනය කර ගත හැකි යැයි සිතන සෙයකි. එහෙත් මතු මහලෙන් බිමට බැස යථාර්ථය නිවැරැදිව දකින මෙන් අපි ඉල්ලා සිටිමු. 26 May 2022
ඇමැති මාරුවෙන එකතැන පල්වෙන රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අවදානම්සහගත තැනක බව සඳහන් කළ යුතුය. ආර්ථික අර්බුදයකින් ඇති කරන ලද පීඩනය සාමාන්‍ය ජනතාවගේ ජීවිත දුක්බර තැනකට පත් කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරුණු තත්ත්වය මැනැවින් පැහැදිලි කරයි. අගමැති ධුරයට පත්ව ඇති හෙතෙම එය එතුමා ඉල්ලා සිටි තනතුරක් නොව මෙම දුෂ්කර අවස්ථාවේ දී වගකීම භාරගැනීමක් බව ප්‍රකාශ කර ඇත. 25 May 2022
පෝර ප්රශ්නය නොතැකීමේ පාපයට ලක්වීමේ අවාසනාව එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වූ හා නිර්මාණය කරගත් අර්බුද හේතුවෙන් රට අසාධ්‍ය ආතුරයකුගේ තත්ත්වයට පත්ව තිබේ. ලෝක වසංගතයක් චණ්ඩ මාරුතයක්ව හමා යමින් තිබියදී ඒ සම්බන්ධ නිසි තක්සේරුවක් නොමැතිව කාබනික පොහොර ව්‍යාපෘතිය හඳුන්වාදීම අර්බුද වගුර තවත් ගැඹුරු කිරීමට හේතුවිය. එය වැරැදි තීරණයක් බව ජනාධිපතිවරයාද ඉකුත්දා පිළිගත්තේය. එහෙත් ඒ වනවිට විනාශය සිදුවී හමාරය. පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලිය ලත් රටට සහල් ආනයනය කිරීමට සිදුවූ මෙරට වැරැද්ද බරපතළ විය. 25 May 2022
ඥානා යනු කව්ද? ඇයට දේව බලය ලැබුණේ කෙසේද? ඉසුරුපුර උපත ලැබූ ඥානා, ඇගේ පියාද වී ගොවිතැනෙන් ජීවත් වූ අයකු නිසා වගා කිරීමට කැමැත්ත දැක්වූවාය. 23 May 2022
ඥානක්කාගේ කතාව සමහරු ඈ ඥානා අක්කා නමින් හඳුන්වති. ඇතැම් අය ඈ මෑණියෝ නැතහොත් අම්මා යනුවෙන් හැඳින්වුවද, තවත් අය ඈ කාළිමෑණියන් ආවේස වෙමින් වන්දනාමාන කරන තැනැත්තියක ලෙස උපහාසයෙන් හඳුන්වති. එසේම ඔවුහු ශ්‍රී ලංකාව මත පතිත වූ භයංකර දුක්කන්දරාවන්ට ඈ වගකිව යුතු බව කියමින් ඇයට ශාප කරති. 23 May 2022
අතීතයෙන් ආණ්ඩුවට පාඩමක් ඉතිහාසයේ වඩාත් අසීරු වූත් අභියෝගාත්මක වූත් සමාජ දේශපාලන සහ ආර්ථික දුෂ්කරතාවලට අප රට වඩාත් තීරණාත්මක අයුරින් මුහුණ දෙමින් සිටී. රසායනික පොහොර භාවිතය තහනම් කිරීමෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පමා කිරීමෙන් රජය වරද්දා ගත්තේය. එසේ කියන්නේ මා නොව අප්‍රේල් 18 වැනිදා නව අමාත්‍ය මණ්ඩල අමතමින් එවදන් පිට වූයේ ජනාධිපතිවරයාගේ මුවින්ය. තමා අසමත් වූ බවත් එහෙත් තනතුර අතහැර නොයන බවත් ජනාධිපතිවරයා පවසයි. 23 May 2022
රටක් වටින චමල්ගේ අවවාදය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුර කාල දෙක අවසන් වීමෙන් පසුව සමුගත්තා නම් වඩාත් හොඳ බවත් එය එසේ සිදුවී නම් මෙහෙම දුකක් විඳීමට සිදු නොවනු ඇති බවත් චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 23 May 2022
ඩොලර් හිඟයට පිළියමක් අග්‍රාමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයෙන් රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුවුවද එය අර්ධ විස්තර කථනයකි. ලංකාවේ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ විනිමය හිඟයකි. එම හිඟයත් සමග විදේශ ණය ගෙවිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ගෙවුම් ශේෂ අර්බුදයක් මතු ව ඇත්තේ ද ඒත් සමගය. 23 May 2022
දේශපාලන හෙන්චයියන් දමා පොලිසිය පාච්චල් කිරීම සම්මුඛ පරීක්ෂණයකට හෝ සිටීමෙන් වැළකී තනතුරක් ලබාගැනීමේ භාග්‍යය කෙනකුට ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි තනතුරුධාරීන් එක්කෝ දේශපාලනඥයන්ගේ සුරතලුන් විය යුතුය. නැතහොත් සුවිශේෂී කැපී පෙනෙන දක්ෂතා දැක්වූවන් විය යුතුය. 23 May 2022
ලංකාව දණගස්වා ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන මෙහෙයුම පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් රුපියලේ අගය ‘පා කිරීම’ට අදාළ තාක්ෂණික තීන්දුව ගැනීම සඳහා 21 May 2022
අනාගතය උකස්කළ දේශපාලනය මෙරට ජනතාවගේ වුවමනා එපාකම් හා දේශපාලනඥයන්ගේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවමනා එපාකම් අතර පැහැදිලි වෙනසක් දැන් පෙනෙන්නට තිබේ. ආර්ථික අර්බුදය මේ තරම් උග්‍ර වන්නට පෙර ජනතාව ද දේශපාලනයෙන් මත්වී සිටි හෙයින් ඔවුන්ට ද පක්ෂ දේශපාලනය වැදගත්වී තිබිණි. එහෙයින් ඒ දිනවල ද මෙම වෙනස තිබුණද අද මෙන් එය පැහැදිලිව පෙනෙන්නට නොතිබිණි. 21 May 2022
උදේ සවස බණ අහන රටේ මෙහෙම වුණේ ඇයි? හෘදය සාක්ෂියක් සහිත සියලු මිනිසුන් කම්පනය කිරිමට ඉකුත් 9 වැනිදා කළු සඳුදා සමත් විය. ගාලු මුවදොර පිටියේ සාමකාමී හා අලංකාර උද්ඝෝෂණයක නියැලුණ නිර්පාක්ෂික අරගලකරුවන්ට එල්ල වූ තුච්ඡ ප්‍රහාරයත් සමග එවැනිම පන්තියේ ප්‍රති ප්‍රහාරයක් එල්ල විය. මැති ඇමැතිවරුන් විශාල පිරිසකගේ නිවාස හා දේපොළ සඳුදා රැය මුළුල්ලේ ගිනි ගත්තේය. ඒ අතරවාරයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය රැකවලා සමග මහ මගදී ප්‍රහාරයකට ලක්ව මෙලොවින් සමුගත්තේය. 21 May 2022
රට හෙල්ලූ කාලකන්නි සතියක් මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට අදහස් කරන්නේ ගෙවුණ සතියේ දේශපාලනය ගැනය. ඒ කියන්නේ මැයි - 09 සඳුදා ආරම්භ වී මැයි 16 හෙවත් මේ සඳුදා දක්වා දින හතේ සිදුවූ දේශපාලන සිදුවීම් මාලාව පිළිබඳවය. මගේ තේරුම් ගැනීම වන්නේ දවස් 07 තුළ අපේ රටේ වූ සිදුවීම් මාලාව රටේ අනාගතයට බරපතළ බලපෑමක් කරන ඒවා බවය. 19 May 2022
නීතිය අතට ගත් මැරයන්ට කිසිම බුරුලක් දෙන්න එපා අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගාලුමුවදොර ගෝඨා ගෝගම අරගල භූමියේ සිදුවූ මැර පහරදීම්වලින් පසුව රට පුරා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි කියැවෙන 700කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කර ඇත. මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිවලට ලැබුණු පැමිණිලි 791කට අදාළව බවද අත්අඩංගුවට පත්වූවන් අතුරින් 272 දෙනකු රිමාන්ඩ් භාරයට පත්කරන ලද බවද සඳහන්ය. 19 May 2022
ඇතුළෙන්ම ආ ජනපති විරෝධයේ විනාශයක තරම මැයි මස 9 වැනිදා හෙවත් කළු සඳුඳා දින වූ සිදුවීම්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබේ. අඩුම තරමින් දිවයිනේ රූපවාහිනී නාළිකා 3 ක් වත් විරෝධාකරුවන්ට කළ පහරදීම් සජීවීව විකාශනය කිරීම නිසාම, රටේ ජනතාවට එතැන සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ඇතිකරගැනීමට හැකිවිය. 19 May 2022
කළු සඳුදා ප්‍රහාරය සැලසුම් කළ රහස් කතා එය තරුණ දේශපාලඥයෙකුට අයත් සුඛෝපභෝගී දෙමහල් නිවසකි. පිහිටියේ වෙරළ අද්දරය. දේශපාලකයා එහි සිටියේ තනිව නොව සමවයස් මෙන්ම බලවත් මිතුරන් පිරිසක් ද සමගය. සියල්ලෝම ආධාරකරුවන් පිරිසක් සමග රහස් සාකච්ඡාවක යෙදී සිටියහ. 19 May 2022
වැරැදි පාරට වැටුණු රටට හරි පාරක් ඕනෑම රටක ප්‍රශ්න ඇතිවීමට බලපාන හේතු හෝ කරුණු තුනකි. ස්වාභාවික විපත් සහ සෞඛ්‍ය ප්‍රශ්න ඉන් පළමු හේතු දෙකයි. තෙවැනි හේතු හෝ කාරණය වන්නේ වෙනත් රටක් විසින් ඇතිකරන අර්බුදය. යුක්රේනයේ අද පවතින යුද්ධය එවැන්නකි. එය රුසියාවේ අවශ්‍යතාව මත ඇති කළ යුද්ධයකි. අද අපේ රටේ පවතින ප්‍රශ්නවලට හේතු වී ඇත්තේ ඉහත කී කරුණු තුනෙක් එකක්වත් නොවේ. 19 May 2022
පිපිරෙන්නට ආසන්න ආර්ථික ගිනිකන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිපිරෙන්නට ආසන්න වූ ගිනිකන්දකට සමාන තත්ත්වයකට පත්ව තිබේ. කාලයක් තිස්සේ කළමනාකරණය නොවූ ආර්ථික අර්බුදය විසින් ජනතාව කබලෙන් ළිපට ඇද දමා ඇත. අද නගරවල පමණක් නොව ගම්බද ප්‍රදේශවල පවා මහමග දක්නට ලැබෙන ඉන්ධන සහ ගෑස් පෝලිම්වලින් කියාපාන්නේ අර්බුදයේ මතුපිට කොටස පමණි. ඉන්ධන ගෑස්වලට අමතරව කිරිපිටි මිල, ඖෂධ හිඟය සහ අධික මිල ජනතාවට කිසිසේත්ම දරාගන්නට නොහැක. 19 May 2022
වැරැදි තීරණවල පාප කර්මයට ගොදුරු වූ රට ලංකාව මේ වනවිට මුහුණදී සිටින අර්බුද දෙකකි. එක් පැත්තකින් නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය සහ තවත් පැත්තකින් නිර්මාණය වී තිබෙන දේශපාලන අර්බුදය එම අර්බුද දෙකයි. මෙරට ආර්ථික අර්බුදය අලුත් දෙයක් නොවේ. නිදහස ලැබූ දිනයේ පටන් අඩු වැඩි වශයෙන් තිබුණකි. එය හරියට අළුයට තිබූ ගිනි පුපුරු හා සමානය. 1948 දී සකස් වූ පළමු පස් අවුරුදු සැලැස්ම දෙස බලන විට මේ කාරණය තහවුරු වනු ඇත. 18 May 2022
ගෙවල් ගිනි තියන්නන් නොදකින ජාතියේ කරුමය නවසීලන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධ තම සංචාරක උපදෙස් යාවත්කාලීන කරමින් අත්‍යවශ්‍ය කාරණයකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි තම රටවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර පොදු ස්ථානවලට සහ විදේශිකයන් සිටින ස්ථානවලට ද ප්‍රහාර එල්ල විය හැකි බව නවසීලන්ත රජය ප්‍රකාශ කර ඇත. ඕස්ට්‍රේලියානු රජයේ උපදෙස්වල සඳහන් වන්නේ ශ්‍රී ලංකාව පුරා ප්රචණ්ඩ ක්‍රියා වාර්තාවීමත් දැඩි අර්ථික අර්බුදයකට මුහ 18 May 2022
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026