බුදු ගුණ මහිමෙන් සිත් සතන් සැනහේවා
ලොව පහළ වූ අසම සම ශාස්තෘවරයාණන්වහන්සේ වන වීතරාගී ලොවුතුරා බුදු රජාණන්වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය හෙට උදාවේ. ‘‘සියලු නොසන්සුන් සිත් සතන් නිවී සැනසීම් බවට පත්ව අරගල, ගැටුම් අවසන්ව මේ බිම සාමයේත් සාමාකාමීත්වයෙත්, සහජීවනයෙත්, සමෘද්ධියේත් පරාදිසයක් වනු ඇතැයි යන පූජනීය ප්රාර්ථනාව සමගින් උතුම් බුදු පුදට පෙළ ගැසෙන ජනී ජනයා සමග ලංකාදීපය මෙසේ එක්වන්නේ බුදු බැතින් පිනාගිය හදවතෙනි.