උතුම් රටේ කැතම රාජ්‍යය
අප කුඩා කල අසා ඇති ගීත කීපයක් සිහියට නැගේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි ශ්‍රී ලංකාවයි, අප නිජ භුමිය ලංකාවයි. ඒ එකකි. මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි, අප හද පණ ගැහෙන රටයි, මුළු ලොව මේ රටට යටයි. ඒ තව එකකි. රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි, මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. ඒ අනෙකය. එන්න රට වටේ, යන්න මා ප්‍රියේ, ලස්සන ශ්‍රී ලංකාවේ. ඒ අපි බොහෝ විට කියූ ගීතයකි.