දැන් කුමක් කළ යුතුද?
‘ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව’ මැයෙන් විද්‍යුත් විකාශකයන්ගේ සංසදය මගින් ඉකුත් සිකුරාදා (8) රාත්‍රියේ රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර එයට ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, කේ.එම්.එම් මහින්ද සිරිවර්ධන, ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති, දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා සංවර්ධන සහ පරිපාලන ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය එම්. තිලකසිරි යන මහත්වරු එක්ව සිටියහ.