IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


කළු සඳුදා ප්‍රහාරය සැලසුම් කළ රහස් කතා

එය තරුණ දේශපාලඥයෙකුට අයත් සුඛෝපභෝගී දෙමහල් නිවසකි. පිහිටියේ වෙරළ අද්දරය. දේශපාලකයා එහි සිටියේ තනිව නොව සමවයස් මෙන්ම බලවත් මිතුරන් පිරිසක් ද සමගය. සියල්ලෝම ආධාරකරුවන් පිරිසක් සමග රහස් සාකච්ඡාවක යෙදී සිටියහ.

සාකච්ඡාව ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ මහතාව තවදුරටත් අගමැතිධූරයේ තබාගන්නට, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පොළඹවාගන්නට පිළිවන් හොඳම ආකාරය කුමක්දැයි යන්නයි.

අක්කර 2 කට වැඩි නිවස පිහිටි ඉඩම මනාව පිරිසිදු කර පවත්වාගෙන ගොස් තිබිණ. තමන් ආරක්ෂිත යැයි හැගීමක් එහි සිටි සියලුම දෙනාටම තිබිණ. මේ හැගීම මධ්‍යයේ සාකච්ඡාව තවත් ආන්දෝලනාත්මක ඉසව්වලට ඇදී ගියේය.

මේ හා සමානවම, රටේ වෙනත් ප්‍රදේශ නියෝජනය කළ තවත් දේශපාලනඥයෝ තිදෙනෙක් ද ඔවුනොවුන්ගේ නිවෙස්වල සිට සිය ආධාරකරුවන් සමග සාකච්ඡා පැවත්වමින් සිටියෝය. මේ තිදෙනා අතර, ධනවත් හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් ද, විය. මෙවැනි සාකච්ඡා පැවැත්වෙමින් තිබූ වෙනත් ප්‍රදේශයන් ද වූ අතර මොවුන් තිදෙන නියෝජනය කළේ කුරුණෑගල, රත්නපුර සහ කලුතර යන දිස්ත්‍රික්කයන්ය.

කුරුණෑගල යනු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වඩාත්ම පහර කෑ දිස්ත්‍රික්කය වේ. මෙම දේශපාලකයින් මීට පෙර අවස්ථාවක කොළඹ වාසය කරන වෙනත් බලවත් පුද්ගලයින් ද හමුවී සාකච්ඡා කර තිබිණ. විරෝධතාකරුවන්ට පහර දෙන්නේ කෙසේ ද? ඔවුන්ගේ එම සාකච්ඡාවල පදනම විය.

දෙපිරිස් මෙසේ හමුවූයේ අරලියගහ මන්දිරයේ වූ සිදුවීම් පෙළට යන්තම් දින 3 කට පෙරය.
මැයි මස 9 වැනි සඳුඳා දින උදැෑසන 9.00 ට, එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අරලියගහ මන්දිරයේ විසල් රැස්වීම් ශාලාවට රැස්ව සිටි 2000 කට අධික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇමතුවේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බස්රථවලින් ඔවුන්ව කොළඹට ප්‍රවාහනය කර තිබූ අතර, ඔවුන් එසේ පැමිණ සිටියේ තමන් තවමත් මහින්ද රාජපක්ෂ සමග යැයි යන පණිවිඩය දැන්වීමටය.

කෙසේවුවත්, මෙම රැස්වීමෙන් පසුව උද්ගත වූයේ මෑත ඉතිහාසයේ අරලියගහ මන්දිරයට පිටත සහ ගාලුමුවදොර පිටියෙන් වාර්තා වූ අතිශය ප්‍රචණ්ඩකාරීම තත්ත්වයයි.

මීට මාසයකට පෙර ගාලුමුවදොර පිටියට රැස්වූ සාමකාමී විරෝධතාකරුවෝ එතැන් සිටම, ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුව ඇතැයි සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ නිරතව සිටියහ. පසුව මෙම විරෝධතාවය, අරලියගහ මන්දිරයට ඉදිරියටත්, රටේ අනෙක් ප්‍රදේශ දක්වාත් ව්‍යාප්ත විය.

ඉහත සඳහන් කැරුණු දේශපාලකයින්ට නොදැනුවත්ව, ඔවුන් පවත්වමින් සිටි රැස්වීම් සහ සාකච්ඡා දෙස එක්තරා බුද්ධි ඒකකයක් ඇස්කන් මානාගෙන සිටියේය.

මෙම දේශපාලකයින් සියලුදෙනාම විවිධ කාරණා මුල්කරගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරේ අප්‍රසාදයෙන් පසුවූවන් විය. මුලින්ම සාකච්ඡාවේ අවධානය යොමුවූයේ ජනාධිපති මන්දිරය දක්වා පාගමනින් ගොස්, අගමැති මහින්ද රාජපක්ෂ තනතුරින් පහ නොකරන්නැයි, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දැඩිව ඉල්ලා සිටීමටය.

මෙසේ දිගහැරෙමින් පැවති සැළසුම් ඉදිරියේ අනතුරු ඇගවීමේ සංඥා වහාම නිකුත් විය. බුද්ධි අංශයේ ඉහළ නිලධාරීහු වහවහා ක්ෂේත්‍ර දෙකක උසස් නිලධාරීන් ඇතුලු වෙනත් ප්‍රධාන පෙලේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කළහ.

සඳුඳා දිනයේ දී, අරලියගහ මන්දිරය ඉදිරියේ රැඳී සිටින සහ ගාලුමුවදොර පිටියේ රැඳී සිටින විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් සකස් කර ඇතැයි ඔවුහු අනතුරු ඇඟවූහ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම සැළසුම් ව්‍යර්ථ කිරීමට පියවර ගන්නා ලෙස උසස් නිලධාරියෙක්, බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක්ට උපදෙස් ලබා ඇති බව ලියුම්කරුට දැනගත හැකිවිය.

කිසිඳු අයුරකින් එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන්නැයි ඔහු අවධාරණය කර ඇත. එම නිලධාරියා එසේ කටයුතු කර තිබෙන්නේ තත්ත්වය සම්බන්ධයෙන් ඔහුව පුද්ගලිකවම දැනුම්වත් කිරීමෙන් පසුව සහ, පසුව ලිඛිතවම ඔහු අතට ලැබුණු වාර්තාවක් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.

නමුත් එයින් වුනු දෙයක් නැත. විනාශය එළෙසම සිදුවිය. බුද්ධි අංශ ප්‍රධානියා දුන් උපදෙස් ඒ අයුරින් ක්‍රියාත්මක වීම වැළැක්වූ, බාධා කළ කවුරුන් හෝ සිටියා ද?
රටේ වුවමනාවන් පෙරමුණේ තබා එම පැනය ඇසිය යුතුය.

වහ වහා නිසි පියවර ගැනුණේ නම් ජීවිත සහ දේපළ ආරක්ෂා කරගත හැකිව තිබිණ. අන්තර්ජාතික තලයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සෘණාත්මක ප්‍රචාරයන් වළක්වාගත හැකිව තිබිණ. මෙම තත්ත්වය විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපයේ දී, මෙරටට සිදුවන සංචාරක ආගමනයන්ට සෘජු බලපෑමක් එල්ල කරනවා නිසැකය.

එපමණක් නොව, එසේ ලැබුණු අගතිගාමී ප්‍රචාරය, මෙරටට කෙරෙන සෘජු විදෙස් ආයෝජනයන්ටත් බාධකයක් වීමට ඉඩ තිබිණ. ඒ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින්නේ අස්ථාවර තත්ත්වයක්ය යන අදහස, එම ප්‍රචාරයන්ගෙන් ගම්‍ය වන නිසාය.

අස්ථාවර තත්ත්වයක පවතින රටකට ආයෝජන පැමිණෙන්නේ නැත. සැබැවින්ම අස්ථාවරත්වය ගොඩනැගෙමින් පැවතිණ. එවැනි තත්ත්වයත් ඇතිවීමට ඉඩ දී බලා සිටි බලය අතැති පුද්ගලයන්ට සිදුවන්නේ කුමක් ද? මෙවන් විනාශයක් සිදුවීමට ඉඩ දී බලා සිටි ඔවුන්ට නිය පිටින්වත් දඩුවමක් නොලැබෙනු ඇති ද? රටේ සහ ජනතාවගේ වුවමනාවන් පෙරමුණේ තබා ඔවුන් කටයුතු නොකළේ මන්ද?

දැන් සිදුවෙමින් පවතින විමර්ශන ඉදිරියේ මෙම සිදුවීම් දාමය ඇතිවීමට තුඩදුන් කාරණා ක්‍රම ක්‍රමයෙන් අනාවරණය වෙමින් පවතී.

මෙම සැළසුම සකස් කර තිබෙන්නේ ඉතාම සියුම්වය. විරෝධාකරුවන්ට පහරදුන් මැරයින්ගේ අතට ලී පොලු ලැබුණේ කෙසේද, යන්නටත් පැහැදිලි කිරීමක් මෙම විමර්ශනවලින් ලැබී ඇත.

අනාවරණයව තිබෙන ආකාරයට එම ඇතැම් පොලු අරලියගහ මන්දිරයට ගෙනවිත් තිබෙන්නේ ඒවායේ ජාතික ධජ ගැටගසාගෙන පැමිණි බව පෙන්වන ආකාරයෙනි. තවත් ඒවා අරලියගහ මන්දිරයෙන්ම ඔවුන්ට සපයා දී ඇත.

මෙම ලී පොලු ඔවුන් පැමිණි වාහනවලින්ම ගෙන ආවේ ද? අවධානය යොමුකළේ නම්, අතපසු නොකළේ නම්, එදා විනාශය වළක්වාගත හැකිව තිබුණු වෙනත් අවස්ථා සහ කාරණා ද, මේ සමගම කරළියට පැමිණෙමින් ඇත. අරලියගහ මන්දිරයේ පැවැති හමුව අවසානයේ කැබිනට්ටුවේ හිටපු බලවත් තරුණ ඇමතිවරයෙක් සමග කතාබහක යෙදෙන පුද්ගලයෙක් සිටින වීඩියෝවක් එවැන්නකට උදාහරණයකි.

“අපි දැන් ගෝල්ෆේස් යන්න ඕනේ” යයි ඒ වීඩියෝවේ ඔහු කියන්නේ එකී හිටපු අමාත්‍යවරයා සිටියදීමය. ඔහු සමග සෙල්ෆි ඡායාරූපවලටත් මෙම පුද්ගලයා පෙනී සිට ඇත.

කෙසේවුවත්, පසුගිය බදාදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ, උද්ඝෝෂකයන්ට ප්‍රහාර එල්ල වනු ඇතැයි කල්තියා බුද්ධි අංශ වාර්තා නොලැබුණු බවය.

ඔහු නිවැරදි නම්, මෙම ප්‍රහාර එල්ලව තිබෙන්නේ හදිසියේය. කිසිවෙකුත් නොසිතූ ලෙසය. එනම් මෙම ප්‍රහාරය ගෙවුණු මාර්තු මස 31 වැනිදා මිරිහානේ පිහිටි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට එල්ල වූ ප්‍රහාරයට සමානය.


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

(ඡායාරූපය - ඩේලිමිරර් අනුග්‍රහයෙනි)



අදහස් (0)

කළු සඳුදා ප්‍රහාරය සැලසුම් කළ රහස් කතා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 301 1

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


වැඩකරන ජනතා උරුමය
2024 මැයි මස 01 544 0

කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 113 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා
2024 අප්‍රේල් මස 30 509 5

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 654 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 829 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 465 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1891 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site