දේශපාලකයන් හා දේශපාලකයන්ගේ දූ පුතුන් තරම් පුවත් මවන්නෝ තවත් නොවෙති. එම පුවත්වලට පාදකවන සිදුවීම් අලුයම ලූ කෙළිපිඩ සේම පිළිකුල් ය. අලුත්ම සිදුවීම වාර්තා වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඒකකයේ වීරකැටිය, බැදිගම පිවිසුමෙන්ය.
දොර දෙකේ ශීතකරණයක් කැබ් රථයක පටවාගෙන එම පිවිසුමට පැමිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ දරා ඇතත් එසේ අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ඉඩදිය නොහැකි බව එහි සිටි පොලිස් නිලධාරීන් පවසා තිබේ. ගැටුම හට ගන්නේ එහිදීය. කැබ් රථයේ පැමිණ ඇත්තේ තංගල්ලේ හිටපු නගරාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳය. එම හිටපු නගරාධිපතිවරයා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයෙකි.
තාත්තා විපක්ෂයේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙයින්ද තමන් හිටපු නගරාධිපතිවරයා වූ හෙයින් ද තමන්ට අභිමත දේ සිදුවිය යුතු යැයි ඔහු සිතුවා විය හැකිය. තමන්ට යාමට ඉඩ නොදුන් පොලිස් නිලධාරීන්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ පහර දීමට උත්සාහ කරන්නේ එහෙයිනි. හිටපු නගරාධිපති බිරිඳ මෙහිදී හැසිරෙන්නේ කැලේ හැසිරෙන මදාවියකු පරිද්දෙනි. ඇගේ මුවින් පිට වූ වචන සත්ව සංහතියේ ජීවන රටා ඇති මදාවියන්ද පාවිච්චි නොකරන්නේ යැයි සිතිය හැකිය. එම වචන එපමණටම අශිෂ්ටය. අසභ්‍යය. අශීලාචාරය. අසික්කිතය.
අදාළ සිදුවීම රූගත කළ කවුරුන් හෝ එය අන්තර්ජාලයට මුදාහැර තිබේ. එහිදී හිටපු නගරාධිපතිවරයා පවසන්නේ මම මේක ලණුවකින් බැඳල ගෙනියන්න හැදුවා. මූ කියනවා ගෙනියන්න දෙන්න බෑ කියලා. එහෙම කොහොමද මම ගෙනාවෙත් මේකෙන්නේ. මම මූ ගැන බලා ගන්නම්. උඹ බලපන් මම දැන් මෙතැනට එන්නේ කොහොමද කියලා. හිටපු නගරාධිපතිවරයා ‘මූ....උඹ’ යනුවෙන් අමතන්නේ නීතිය හා සාමය රැකීමට සිටින පොලිස් නිලධාරින්ටය.
මේ හිටපු නගරාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියාගේ ක්‍රියා කලාපය ද මේ රටේ ජනතාව දනිති. කොරෝනා වසංගතය තදින් පැතිර යමින් තිබූ සමයේදී මාධ්‍ය හමුවක් පවත්වා මාළු අමුවෙන් කා පෙන්නුවේ මේ මන්ත්‍රී තාත්තාය. දින 52 ආණ්ඩු සමයේ දී පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවක දී සභාගැබ තුළදීම ඇඳිවත ඔසොවා තම නිරුවත පෙන්වූයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාත්තා ය. එහෙව් තාත්තාගේ පුතාගෙන් ගරු කටයුතු හැසිරීමක් අපේක්ෂා කළ නොහැකිය. තාත්තාටයි පුතාටයි ගැලපෙන ලේලියක් ද හමුවී තිබේ.
හැත්තෑ හතර වසරක මෙරට දේශපාලනය රටට ශාපයක් වී තිබේ. ඒ සඳහා තර්කයක් නැත. මැරයෝ මදාවියෝ දේශපාලනයට පිවිස සිටිති. නූගත්හු හා තක්කඩියෝ දේශපාලනයට පිවිස සිටිති. එසේ පිවිස ඔවුහු මදාවිකම, මැරකම, නූගත්කම හා තක්කඩිකම ප්‍රදර්ශනය කළා මිස අන් කිසිවක් නොකළහ. මෙහි තාර්කික ප්‍රතිඵලය වූයේ ‘225ම එපා’ යනුවෙන් විරෝධතාත්මක සටන් පාඨයක් නිර්මාණය වීමය. එබඳු සටන් පාඨයක් නිර්මාණය වූයේ අහම්බයෙන් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූවකි.
මෙම දේශපාලන සංස්කෘතිය මෙරට ජනයා පිළිකෙව් කරති. එමෙන්ම මෙම දේශපාලන සංස්කෘතියට වෛර කරති. ඉකුත් මැයි 9 වැනිදා රටපුරාම මැති ඇමැති නිවාස ගිනිබත්වීමට එක් හේතුවක් වූයේ එය ය. විරෝධය හා වෛරය පුපුරා ගියේ එසේය. දේශපාලනඥයන් දැන්වත් මේවා තේරුම් ගත යුතුය. එසේ තේරුම් ගෙන වෙනස් විය යුතුය.
දේශපාලනඥයා යනු ජනයා අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට පාත්‍රව සිටියදී ඒ කිසිවක්ම නොසිතා තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතන පිරිසක් යැයි සමාජයේ පොදු මතයක් තිබේ. දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් එයට හේතුවී තිබේ. තමන් මන්ත්‍රී වූ විට ඇමති වූ විට සියල්ල තමන්ට අවශ්‍ය පරිදි සිදුවිය යුතු යැයි ඇතැම් දේශපාලනඥයෝ සිතති. පොලිසිවලට කඩා පැන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනේ හිඳ අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝග නිකුත් කරන්නෝ එබඳු මදාවි දේශපාලනඥයෝ වෙති. අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව වුවද තමන්ට අවශ්‍ය පරිදි ගමන් කළ හැකි යැයි උද්ධච්ඡ මානසිකත්වයක් නිර්මාණය වන්නේද නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරීන්ට අමු තිත්ත අසික්කිත භාෂාවෙන් බැණ පහරදීමට උත්සාහ කරන්නේද එබන්දෝ වෙති. කූඩුවල ගාල්කර තැබිය යුතු පිරිස් නිදැල්ලේ හැසිරීමට ඉඩදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය.
පලාගිය මන්ත්‍රී පුතා හා ලේලිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහයෝගය අපේක්ෂා කරන බව අප පුවත්පත වාර්තා කර තිබිණි. එයින් කියැවෙන්නේ මෙබඳු සිදුවීමක දී අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිවේගයේ අන්තර් හුවමාරු ස්ථානවල නොමැති බව ය. බුරා පලා යන්නට මන්ත්‍රී පුතාට හා ලේලියට හැකිවූයේ එහෙයිනි. මේ සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය යුතු ය.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මදාවි - තක්කඩියන් රජකරන මෙරට වර්තමාන දේශපාලනය
kahawita Saturday, 04 June 2022 04:43 PM
බේරෙ වැවට දාලා නාවලා ගන්න ඕනෑ... එතකොට අගේට හරි යයි...
AB Saturday, 04 June 2022 06:40 PM
පලාගිය මන්ත්‍රී පුතා හා ලේලිය පමණක් නොව ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සිදුවීම සිදුවූ ස්ථානයේදීම කිරීමට පොලීසියට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී අවශ්‍ය නම් පණිවිඩ හුවමාරු මගින් පොලිසියේ පිරිස් බලය ගෙන්වා ගැනීමටද හැකියාව තිබිය යුතුවේ. මෙම තර්කය ආරම්භයේදීම පොලිසියේ පිරිස් බලය ගෙන්වා මාර්ගය අවහිර කොට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාව පොලිසිය විසින්ම සලසාගත යුතුවේ. පොලිසිය දේශපාලනීකරණය නොවූ බලපෑම් මත රාජකාරිය නොකරන ආයතනයක් බවට පෙන්වීමට හැකිවන්නේ ඔවුන්ට නිසා ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව කළයුතුවේ.
Kelum Sunday, 05 June 2022 11:07 PM
නියමයි, ලංකාදීප... !
කමලසිරි Monday, 06 June 2022 02:50 PM
මාළුකාරයින් වගේ කියන්නේ කට කහනවාටද?