සමන්තා පවර්ගේ සිතට වදින කතාව
සමන්තා පවර් මහත්මිය ශ්රී ලංකාවට අමුත්තකු නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු ස්ථිර නියෝජිත වශයෙන් තානාපති සේවයේ යෙදී සිටි ඇය, 2015 නොවැම්බරයේදී ද ශ්රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. එවකට ජනාධිපතිව සිටි මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්යවරයා වූ රනිල් වික්රමසිංහ සහ විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වූ සමන්තා පවර්, ශ්රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළදී රටක් වශයෙන් වෙනස් වී තිබෙන ආකාරය ලොවේම කැපී පෙනෙන කරුණක් වශයෙන් සඳහන් කළේය.