අධි ආරක්ෂිත ඒකාධිකාරී ප්රජාතන්ත්රවාදය
පාඨක මිතුරු මිතුරියනි, අපි මෙවර ප්රජාතන්ත්රවාදය ගැන සොයා බලමු. කතා කරමු. මන්ද එය අපේ ප්රාර්ථනාවකි. සෙවීමකි. ඒ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට එය සොයා ගමනක නිරත වී ඇති අප ප්රජාතන්ත්රවාදය ගැන දැනගත යුතු ම ය, කතා කළ යුතු ම ය. පසුගිය, එනම් සැප්තැම්බර් 15 වැනි දා ට යෙදී තිබුණේ ‘‘ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය’’ ය. නියෝජිතවරණ කොමිසම විසින් එම දිනය සැමරීම සඳහා විශාල ජාතික උත්සවයක් සංවිධාන කර තිබුණි.