IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සල්ලිත් නෑ: පෝරත් නෑ වගකිවයුත්තෝ කවරහුද?

කාබනික පොහොර හේතුවෙන් රටේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරය පවා අහිමි විය. ඒ අර්ථයෙන් ගත්කල කාබනික පොහොර යනු මේ රටේ අනාගතය පවා වෙනස් කළ සාධකයකි. මේ සාධකය හේතුවෙන් රටට තවත් විශාල අලාභහානියක් ද සිදුව තිබෙන බව ජාතික විගණක කාර්යාලයේ විශේෂ වාර්තාවකින් හෙළිදරව් වී තිබේ. එම පාඩුව අමෙරිකානු ඩොලර්වලින් හැට අට ලක්ෂ හැත්තෑ දහසකි. ශ්‍රී ලංකා රුපියල්වලින් එය ආසන්නව කෝටි 240කි.

මේ පාඩුව සිදුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රජයට අයත් පොහොර සමාගම් දෙකක් වසරකට පමණ පෙර චීනයේ කින්ඩාඕ සිවින් බයෝටෙක් සමූහයට එම මුදල ගෙවා තිබුණත් මේ වනවිට ද එම පොහොර තොගය මෙරටට නොලැබී ගොස් තිබීම හේතුවෙනි. එහෙත් පුදුමය නම් ජනවාරි මාසයේ කින්ඩාඕ සමූහයට මුදල් ගෙවූ දින සිට විගණන වාර්තාව නිකුත් කළ දිනය තෙක් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම ය. එසේ වුව ද මෙම ගනුදෙනුවේ දී අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ලබා දී තිබූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 44ක කාර්යසාධන බැඳුම්කර දෙකේ මුදල් ලබාගැනීමට ද ශ්‍රී ලංකා නිලධාරීන් අපොහොසත් වී ඇති බව ද විගණන වාර්තාව හෙළිකරයි. එම මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව නිහඬ අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා චීන සමාගම මගින් වළක්වා ගෙන ඇති බව ද ඒ බව දැනගන්නා විට එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ කාලසීමාව අවසන් වී තිබූ බව ද සඳහන් ය. ඒ අනුව ගනුදෙනුවට අදාළ නිලධාරීන් ක්‍රියාකර ඇත්තේ අඳබාලයන් හැටියට බව පැහැදිලි ය.

මෙබඳු පාඩු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාව කප් ගැසූ රටක් බවට පත්ව තිබෙන්නේ කාලයක පටන් ම ය. මේ පොහොර ගනුදෙනුව තවම අවසන් වී නැති වුව ද එහි අවසානය ඉතාම පැහැදිලි ය. ලංකාවට පොහොර තොගය නොලැබෙනු ඇත. ගෙවූ මුදල ද ආපසු නොගෙවනු ඇත. පාඩුව යම්තාක් දුරකට මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව සතුව තිබූ එකම තුරුම්පුව වන බැඳුම්කර දෙකේ මුදල ද අහිමි වනු ඇත. මේ විශාල පාඩුව වළක්වා ගැනීමට අඩුම තරමින් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් හෝ මේ වනතුරු නොසිදුවීම රටේ ජනතාවගේ කෝණයෙන් බලන විට මහත් අසාධාරණයකි. මෙවැනි ජාත්‍යන්තර මට්ටමෙන් බලන විට සුළු ගනුදෙනුවක් පවා රටට අවාසියක් නොවන මට්ටමින් විසඳා ගැනීමට උනන්දු නොවන කැබිනට් මණ්ඩලයකින් ඇති වැඩේ කුමක්දැයි විමසීමට ජනතාවට අයිතියක් තිබෙන බව අමතක නොකළ යුතු ය.

මහා පරිමාණයෙන් දූෂණ, වංචා සිදුකරන දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමත් රටට බරපතළ පාඩු සිදුකරන චීන කාබනික පොහොර තොගය වැනි ජාත්‍යන්තර ගනුදෙනුවලට වගකිවයුතු කිසිදු පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමත් මේ රටේ බරපතළ ගැටලු‍වකි. දූෂණ, වංචා සහ රටට පාඩු සිදුකරන ගනුදෙනුවලට රජයට සම්බන්ධ දේශපාලකයන් සහ නිලධාරීන් ඍජුව හෝ වක්‍රාකාරව හෝ සම්බන්ධවීම එම අවනඩු ඉදිරියේ නීතිය නිහඬවීමට ප්‍රධාන හේතුව වී තිබේ. රට බංකොළොත් වෙද්දී ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් මහා පොහොසතුන් බවට පත්වීමේ රහස එයයි. මුලපටන්ම තමන්ගේ මිනිහා මොන වැරැද්දක් කළත් ඔහු හෝ ඇය බේරා ගැනීමට නායක මට්ටමේ සිටින පුද්ගලයන් පවා අත පොවන විට එළිපිටම හිරිකිතයකින් තොරවම එම ක්‍රියාවලට ආධාර සහ අනුබල දීමට දේශපාලකයන් සහ නිලධාරීන් ඉදිරිපත්වීම බලාපොරොත්තු විය යුත්තකි. අද අපේ රට මේ තරම් හිඟන මට්ටමකට වැටී රටේ ජනතාවට අපා දුක් විඳීමට සිදුව ඇත්තේ එම අතීත ක්‍රියාකාරකම්වල බල මහිමය හේතුවෙනි. කරුමය වී ඇත්තේ වර්තමානයේත් දූෂිතයන් බේරන එම අසික්කිත ක්‍රියාවලිය එලෙසම සිදුවෙමින් පැවතීම ය.

චීන සමාගම සමඟ කළ පොහොර ගනුදෙනුවෙන් මීළඟට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශයක් කරමින් තම සමාගමේ කීර්තිනාමයට හානි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාගම් දෙකෙන්ම වන්දි ඉල්ලා සිටීමට අදාළ චීන සමාගම ක්‍රියා කිරීමට ඉඩ තිබෙන බව ද ප්‍රකාශ කර තිබිණි. ගෙවූ මුදලත් ලැබිය යුතු බඩුත් අහිමිවීමට යන මෙම කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එකඟතාවකට පැමිණීම සඳහා අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව දැන් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. එය අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමක් වීමට බොහෝදුරට ඉඩ ඇති බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

ජාතික විගණන කාර්යාලයේ විශේෂ වාර්තාව නොවන්නට මෙවැනි ගනුදෙනුවක් සිදු වී ඇති බවක් හෝ මේ රටේ ජනතාවට දැන ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. අඩුම තරමින් එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදි හෝ අදාළ පාර්ශවවලට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගතයුතු යැයි සඳහන් කරමු. දූෂිතයන්ට වංචනිකයන්ට සහ රටට පාඩු සිදුකරන්නන්ට ගැලවී යාමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. එසේ ඉඩදීම මේ රට තවත් අගාධයට තල්ලු‍ කිරීමට අනුබල දීමක් පමණි.

(***)



අදහස් (1)

සල්ලිත් නෑ: පෝරත් නෑ වගකිවයුත්තෝ කවරහුද?

NAK Tuesday, 15 November 2022 07:42 AM

"අරගලයට" පිං සිද්ධ වෙන්න අද ජනතාවට වගකියන, ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කරන නිසි රජයක් නැහැ. රටම සම්පූර්ණයෙන්ම අවුල් කර අරගලවාදීන් හුළං තලයට අතුරුදහන් වී ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31292 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13485 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site