පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? බලශක්තිය බලවත් ගැටලුවක් බවට පත්වී විදුලිය කප්පාදුවත් සමඟ රටම දැඩි පීඩනයකට හසුකරගෙන සිටී. ඒ අතරවාරයේ මේ ගැටලුවේ එක් පාර්ශ්වකරුවකු වන ලංකා විදුලිබල මණ්ඩලය සූර්යබල කර්මාන්තකරුවන්ට රුපියල් කෝටි 4000 ක් පොලු තැබීමේ සිද්ධියක් මාධ්‍ය හරහා හෙළිදරව් වීම ‘‘කොරේ පිටට මරේ’’ වැඩක් වී තිබේ. 02 February 2023
ආර්ථීකයේ යථාර්ථයේ ඇත්ත - නැත්ත මේ වසරේ ජනවාරි මස 22 වැනි දින වන විට ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 72,000කට වඩා වැඩි විය. ඒ අනුව බලන විට කිසිදු කරදරයක් නොතිබුණොත් මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව බොහෝ විට දොළොස් ලක්ෂය ඉක්මවා යාමට ඉඩ තිබේ. එය අවම ගණනය කිරීම අනුවය. 01 February 2023
පාසල් පිරිත් පිංකම් දිනේත් ගුරු වෘත්තිය කෙලසූ ගුරුවරු අසන්න දකින්න ලැබෙන බොහෝ ප්‍රවෘත්තිවලින් පැහැදිලි වන්නේ සමාජයේ සෑම ක්ෂේත්රයක්ම බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බවය. කිසිවකුට තමන්ගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීමට තරම් වත්කමක් නැති බවය. සමාජ අසහනය, පීඩනය දෙගොඩ තලා ගලා බස්නා සමයක මෙම තත්ත්වය අරුමයක් නොවිය හැකිය. එහෙත් මෙම සෑම රළ ප්රවාහයකටම හසු නොවී උඩුගම් බලා පිහිනීමේ හැකියාවක් සමාජයේ වගකිවයුතු පුරවැසියන්ට තිබිය යුතුය.එබඳු වගකිවයුතු පුරවැසියන් අතර ගුරුවරු පෙරමුණේම වෙති. 01 February 2023
නිදහස් රටක මවු බස කොයිබටද? නියම නිදහස නම් චින්තනයේ නිදහස යැයි බොහෝ විට කියනු ලැබේ. චින්තනය නිදහස් වීමට නම් චින්තනයේ මාධ්‍යය නිදහස් විය යුතුය. චින්තනයේ මාධ්‍යය නම් භාෂාවයි. ඒ හෙයින් භාෂාවත් නිදහසත් අතර ඇත්තේ අවියෝජනීය වූ අන්‍යොන්‍ය සම්බන්ධතාවෙකි. මෙහි ලා අරමුණු කැරෙනුයේ ඉංගිරිසීන්ගේ පාලනයෙන් 1948 දී මෙරට නිදහස ලද හයි කියැවෙන කල්හි සිට මේ කල වන තෙක් පන් සැත්තෑ වසක් සිංහල භාෂා විෂයක වැ සිදුවූ ආවර්තන ආවර්ජනය කිරීමයි. 31 January 2023
රට කළඹන ආණ්ඩුවේ බදු ගැසීම් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද සංශෝධිත අයවැය ලේඛනය අනුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2094 ක් ලෙසත් මුළු වියදම රුපියල් බිලියන 4427 ක් ලෙසත් ඇස්තමේන්තුගත කොට තිබිණි. එහෙත් 2022 වසරේ පළමු මාස 10 ඇතුළත රජයට ඉපැයීමට හැකිව තිබුණේ රුපියල් බිලියන 1588 ක් පමණි. 31 January 2023
උසස් පෙළ විභාග සමයේ විදුලිය කැපීම අත්හිටුවීම කාලසටහනට අනුව 2022 (2023) අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23දා සිට පෙබරවාරි මස 17 දක්වා පැවැත්වීමට නියමිතය. දැනට කරගෙන යන විදුලි කප්පාදුව මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සුබසිද්ධිය තකා නවතා දමන ලෙස විපක්ෂනායකවරයා ඉල්ලා සිටි බව ඉකුත්දා වාර්තා වූයේ ය. 31 January 2023
අලුත් පනත මැතිවරණයට බාධාවක්ද? ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ක්ෂේත්රවල මේ දිනවල වැඩිමනත් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතන මැතිවරණයයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ප්‍රතිවිරුද්ධ මත දරන බවක් ද පෙනේ. මෙම මැතිවරණය සඳහා පසුබිම සැකසුණු ආකාරය ගැන විමසා බලමින් ප්රස්තුත තේමාවට ප්‍රවිෂ්ට වීම වැදගත් යැයි හඟිමි. 30 January 2023
රජයේ රෝහල්වල බේත් හිඟයෙන් දුක් විඳින්නෝ මෙරට ජනයා මේසා විශාල දුකක් විඳින්නේ කවරාකාර පවක් කළ නිසා දැයි සොයා බැලිය යුතු තරම්ය. උපන් බිමට අසීමිතව ආදරය කරන මෙම ජනයා තම උපන් බිම ලොව උසස් බිම බවට පත්වනු ඇතැයි යන අත්නොහළ පරම අපේක්ෂාවෙන් පසුවෙති. එහෙත් එම ජනයාට පෙරළා ලැබෙන්නේ හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන මහා වේදනාවක් ජනිත කිරීමට සමත් මහා දුක් කන්දකි. 30 January 2023
බලයම ඉල්ලන සන්ධාන දේශපාලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඉක්මන් කළ ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ දේශපාලන වියවුල්කාරිත්වයත් අතරේ අලුත් දේශපාලන පෙළ ගැසීම් ගණනාවක් ඇති වී තිබේ. ඒ පෙළ ගැසීම් වැඩි වශයෙන්ම ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආශ්‍රිතව ඇති වී තිබීම විශේෂ තත්ත්වයකි. 28 January 2023
ජනවාර්ගික අර්බුදයට ඉක්මන් විසඳුමක් ඕනෑ ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික දින සැමරුමට පෙර ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ගත් උත්සාහය තවමත් ඵල දරා නැති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ පසුගිය සති අන්තය වනවිට දී හෙළිදරව් වෙමින් තිබිණි. පසුගිය 10 වැනිදා වනවිට දෙමළ දේශපාලන පක්ෂ නායකයන් විසින් ආණ්ඩුවට අවසන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ඉල්ලීම් ඉටු නොවුණොත් සාකච්ඡාවලට සහභාගී වීමෙන් වළකින බවය. 28 January 2023
උගතුන්ගේ මැද පන්තියේ බොඳවූ ආශා සමාජ මාධ්‍යවල ඊයේ පෙරේදා හුවමාරු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනකුගේ පඩිපත් කීපයක් ඔස්සේ ලංකාවේ මධ්‍යම පන්තියේ මූල්‍ය භාවිතය හා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ කදිම සිතුවමක් නිර්මාණය වී තිබුණි. ඔවුන් ඒවා සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කිරීමෙන් අපේක්ෂා කළේ තමන්ගෙන් මෙවර වැටුපෙන් අය කළ නව බදු මුදල් ගැන දැනුවත් කොට ඒ ගැන සමාජ විරෝධයක් හැදීමය. 27 January 2023
නව බදු ක්‍රමයෙන් බැටකන මධ්‍යම පන්තිය මරණ මංචකයේ වැතිර සිටින රෝගියකුගේ වුව අවසන් ප්‍රාර්ථනාව දෙපයින් නැගී සිට ඇවිද යා හැකි තත්ත්වයක් උදාවේවා යන්නය. අද මෙරට ජනයා සිටින්නේද මරණ මංචකයේ ය. ඒ තුන් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ ය. මෙම කාලය පුරාවට ම එම ජනයාගේ ඒකාන්ත ප්‍රාර්ථනය වූයේ මෙම මළපුඩුවෙන් නිදහස්වීම ය. එහෙත් සිදුව ඇත්තේ ඒ මළපුඩුවට ගෙල තව තවත් සිරවීම ය. සිරවීම කොතෙක් ද යත් හුස්ම ගන්නා බවක් නොදැනෙන තරම් ය. මේ මළපුඩුව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය විනා අන් යමක් නොවේ. 27 January 2023
රටට අමතකවූ මහා දානපතියෙක් මුදලිඳු සැම්සන් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විසූ මහා දානපතියකුවූ මුදළිඳු සැම්සන් රාජපක්ෂ මහතාගේ 135 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 26 January 2023
ඡන්දයක දී රාජ්‍ය සේවක වගකීම නව මැතිවරණ ක්‍රමය යටතේ පළමු වැනි පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2018 දීය. 1987 සිට අවස්ථා දෙකකදී හැර සෑම වතාවකදීම විෂය භාර අමාත්‍යවරයා විසින් මැතිවරණය කල් දමනු ලැබ තිබේ. පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල්දැමීමට විෂයභාර අමාත්‍යවරයාට බලය තිබේ. බොහෝ ආණ්ඩුවල සිටි අමාත්‍යවරු ඒ බලය භාවිත කළහ. කවුරු බලයේ සිටියත් වී තිබෙන්නේ එයයි. එසේම කොටස් වශයෙන් ද මැතිවරණය පවත්වා තිබේ. ඒ බලයේ සිටි පාලකයන්ගේ බලය තහවුරු කරගැනීම සඳහාය. 26 January 2023
චීනයේ හා ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකා වාසී සැමට සතුටක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායි පණිවුඩ දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සති අන්තයේ දී දැනගන්නට ලැබී තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ දෙදින සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කර තිබූ ඉල්ලීමට සුබදායි ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආණ්ඩුව ඒ සඳහා කැමැත්ත පළකළ බව දන්වා ඇතැයි සඳහන්ය. 26 January 2023
සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට අත වැනීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ යයි සමහර දේශපාලන පක්ෂ ද සිවිල් සමාජ සංවිධාන ද භික්ෂූන් වහන්සේලා ද ප්‍රකාශ කර ඇති ආකාරය පුවත්පත් මඟින් බොහෝ දෙනකුට දැනගන්නට ලැබුණේ යැයි සිතමි. 25 January 2023
රෝහල්වල බේත් හිඟය මැතිවරණ උණුසුම වාන් දමමින් තිබේ. රටේ පොදු මහජනයා වෙතින් බරපතළ උනන්දුවක් ප්‍රදර්ශනය නොවූවද දේශපාලන පක්ෂ නායකකයන් හා ඔවුන්ගේ කාඩර්වරුන් පෙන්නුම් කරමින් සිටින්නේ රට හමුවේ ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය තුළ බවය. 25 January 2023
අග්නිදිග විශ්වවිද්‍යාලය සහ අබුබකර් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති මෙන්ම, සමාජ විද්‍යා මහාචාර්යවරයකු වන රමීස් අබූබකර්ගේ දර්ශනපති උපාධි නිබන්ධනය නැවත සමීක්ෂණය කරන විට, ඔහු ශාස්ත්‍රීය ආචාරධර්ම කඩකර ඇතැයි හෙළී වි තිබේ. 24 January 2023
නිවැරැදි විචාරයක් නැතිවුණාම සාහිත්‍යය අයාලේ යනවා තීරු ලිපි රචකයකු, ගීත පද රචකයකු, ලේඛකයකු මෙන්ම සංස්කාරවරයකු ද වන නීතිඥ අනුර හෑගොඩ අගනුවර තරුණ කවි සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දීර්ඝ කාලයක් ලන්ඩන් නුවර වෙසෙමින් ලාංකික සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් දායක වෙමින් සිටින අනුර හෑගොඩ සංස්කරණය කළ නවතම කෘතිය ‘ලන්ඩන් කවි’ නමින් ලන්ඩන් කවි සරණියේ ප්‍රකාශයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. 24 January 2023
පුරවැසි කැපවීමද? නායකයන්ගේ ආදර්ශයද? මෑත ඉතිහාසයේ අන්ධකාරම කාල වකවානුව දැනට පසුකරමින් සිටී. ගමන් කරන්නේ අන්ධකාරයෙන් තව දුරටත් අඳුර වෙත ද, නොඑසේනම් අරුණාලෝකය උදාවෙමින් පවතින්නේ ද යන්න පැහැදිලි නැත. අප සියලු දෙනා ගන්නා ක්‍රියාමාර්ග, අත්නොහැර ගෙන යන ඉතාම සුදුසු වැඩ පිළිවෙළ රට ඉහළට ඔසවා තබනු ඇත. නිදහස ලබාගෙන වසර හැත්තෑ පහක කාල පරිච්ඡේදය තුළ එකිනෙකට වෙනස් මාර්ග ගණනාවක ගමන් කර තිබේ. 24 January 2023
නිදහස් රටක් වෙනුවෙන් කරන ප්‍රාර්ථනා බොඳකරනු එපා අප ගෙවා දමමින් සිටින්නේ නොඇසිය යුතු පුවත් වැඩි වැඩියෙන් ඇසීමට සිදුව ඇති යුගයක්ය. මානවවාදී හැඟීම් කුළුගන්වන, මිනිස් අනුරාගය වඩවන පුවත් වෙනුවට ලේ ගලන අතීතයේ නොවැහැරුණු මතකය අවදි කරන පුවත්වලට අවකාශයේ වැඩි ඉඩක් වෙන්වී තිබේ. ඒ පුවත්වලින් රටේ හෙට දවස සම්බන්ධයෙන් මැවෙන චිත්‍රය කිසිසේත්ම යහපත් නැත. 24 January 2023
දහතුනට ප්‍රායෝගික අභියෝග 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම එකඟ නොවෙමි. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පූර්ණ කොටසකි. නීතියකි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 23 January 2023
ව්‍යාපාරික ප්‍රජාවට සහන දීම අගයමු මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එහිදී සඳහන් කෙරිණ. 23 January 2023
මැතිවරණ කල්දැමීමේ නෙයියාඩම පසුගිය වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණ වසරකින් කල් දමනු ලැබූ හෙයින් එම මැතිවරණ ලබන මාර්තු මස පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කොට ඇත. ඒ සඳහා දැන් නාමයෝජනාද කැඳවීමට දැන් සූදානම් ය. එහෙත් එම මැතිවරණ පැවැත්වේද යන සැකය බොහෝ දෙනා තුළ මතුවී තිබේ. 21 January 2023
සමස්ත සමාජය ගිලගත් නිමක් නැති ඝාතන රැල්ල දිනෙන් දින සිදුවන ජන ඝාතන විසින් සමාජය බරපතළ ලෙස සසල කරනු ලැබ තිබේ. කලින් ඉඳහිට වාර්තා වූ මනුෂ්‍ය ඝාතන දැන් දිනකට තුන හතර බැගින් සිදුවන තැනට කටයුතු යෙදී ඇත. මෑතක දී සිදු වූ මෙවන් ඝාතන අතර කොළඹ සරසවියේ සිසුවියක සිය පෙම්වතා විසින් බෙල්ල කපා ඝාතනය කිරීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි. එය විශාල සමාජ ඛේදවාචකයක පැතිකඩක් විදහා දක්වයි. 21 January 2023
සිනමාව කවියක් කළ විප්ලවකාරී කිවිඳිය කාල වර්ණ උත්තුංග දේහයකින්, ප්රතාපවත් පෙනුමකින් යුත් ශ්‍රේෂ්ඨ පුරුෂයකු වූ ‘‘බොරලුගොඩ රාළහාමි’’ නමින් හේවාගම් කෝරළයේ රජකු මෙන් වැජඹුණු දොන් ජාකොලිස් රූපසිංහ ගුණවර්ධනගේ වැඩිමහල් පුත්‍රයා වූ දොන් හෙන්රි (හැරී) රූපසිංහ ගුණවර්ධනගේ දියණිය වූ දෝන සුමිත්‍රා රූපසිංහ ගුණවර්ධන නොහොත් ‘‘සිංහල සිනමාවේ කිවිඳිය’’ ලෙස ප්‍රකට වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ඊයේ (19) වැනිදා සිය ජීවිතයෙන් සමු ගත්තාය. 20 January 2023
පක්ෂ ක්රමයේ ආරම්භය : අවසානය රට පුරා ව්‍යාප්ත වී ඇති වෛරස් උණ ට ගොදුරු වී සති ගණනක් ම කල් ගත කළෙමි. ගිය සතියට පෙර සතියේ කිවි දා දැක්ම ලියාගත නොහැකි තරමටම වෛරස් බලවත් විය. අහාර අපුල විය. ඇගපත රිදුම් දීම තවමත් මුළුමනින් ම අවසන් වී නැත. එක දෙයක් ගැන මනා සිහියෙන් එක දිගට අවධානය යොමු කිරීම අපහසු විය. 20 January 2023
විශ්වවිද්‍යාල පත්වීම්වලට දේශපාලන ඇඟිලි ගැසීම් විශ්වවිද්‍යාලයක් යනු රටට ඇවැසි ඥන සම්පත නිර්මාණය කරන කෙෂ්ම භූමිය වේ. අදීන බවින් පිරිපුන් නිර්මාණශීලි මෙන්ම ගුණවත් පුරවැසියන් බිහි කිරීමේ වගකීම දෙවුරට ගත් විශ්වවිද්‍යාලය එහෙයින්ම අත්‍යන්තයෙන්ම ස්වාධීන විය යුතුය. එයට අවශ්‍ය විධි විධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතෙහි සඳහන්ව ඇත. 20 January 2023
සෙනුසුරු මාරුවෙන් පසු සම්මා සතියෙන් වැඩකළ යුත්තේ මෙම ලග්න හිමි ඔබයි ! සෙනසුරු මාරුව අසුබ නම් මෙය කියවන්න. 19 January 2023
විදුලි බිලෙන් හාන්සි වන ඇත්තෝ ජනවාරි 01 වැනිදා සිට තාවකාලික විදුලි ගාස්තු ඉහළ දැමීමකට සහ පෙබරවාරි 15 වැනිදා සිට අන්තර්කාලීන විදුලි ගාස්තු ඉහළ දැමීමකට අනුමැතිය ලැබී තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. 19 January 2023
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026