IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


භාෂා සංරක්‍ෂණ ආයතනයක් ඕනෑ

අන්ත පරිහානියට ලක් වෙමින් පැවැති සිංහල භාෂාව යළි ඔසොවා සවිමත් කිරීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටු කළ මෙරට බිහි වූ අද්විතීය භාෂා විශාරදයාණන් වන කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් දැයෙන් සමුගෙන මේ මස දෙවන දාට සැත්තෑනව වසරක් සපිරෙයි.

එතුමන් ඇරැඹූ බස් මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා පිහිටුවාගත් හෙළ හවුල ඒ වෙනුවෙන් සෑම වසරෙකම මාර්තු මස දෙවනදා සමරු උළෙලක් පවත්වන බව බොහෝ දෙනා දනිති. කුමරතුඟු දිනය වශයෙන් හෙළහවුල හඳුන්වන මාර්තු මස දෙවනදාටම සිංහල භාෂා දිනය ද යෙදී ඇති නිසා මවුබස වශයෙන් සිංහලය භාවිත කරන සෑම දෙනාටම එදින සුවිශේෂ දිනයක් වන බව වෙසෙසින් කිව යුතු නොවේ. සෑම කෙනකුටම තම මව තරම් අගනා වස්තුවක් නැත්තා සේ ම තම මවුබස තරම් අගනා සම්පතක් නැති බව ද අමතක නොකළ හැක්කකි.

කෙනකු ගේ චින්තනයේ පදනම රඳා පවත්නේ ඔහු සතු භාෂාඥානයේ ප්‍රමාණයට බව සෑම මනෝ විද්‍යාඥයකුම පාහේ පිළිගන්නා කරුණකි. එපමණක් නොව කෙනකුගේ පෞරුෂය විදහා පාන ප්‍රධාන සාධකය රඳා පවත්නේ ඔහු ලත් භාෂා ප්‍රවීණත්වයේ ප්‍රමාණයට බව ද පිළිගත් සත්‍යයෙකි. බසින් තොරව පවත්නා කිසිදු විෂයයක් හෝ ශාස්ත්‍රයක් හෝ ආගම දහමක් හෝ ලොවෙහි නොමැත. භාෂාව සියලු විෂයයන් රඳා පවත්නා බඳුන ලෙස සලකන්නේ එහෙයිනි.

බසින් ලැබිය හැකි සියලු සම්පත් නිසි ලෙසින් ලබා ගැනීමට නම් ඒ සඳහා නිරවුල් සවිමත් බස් වහරක් තිබිය යුතුය. වහරන බස අවුල් නම් ඒ බස වහරන පුද්ගලයා පමණක් නොව ඔහු සිටින සමාජය ද අවුල් ජාලයක් වීම නොවැළැක්විය හැක්කකි.

ඊශ්‍රායලයේ බෙන්හුයෙදා අන්තයටම පිරිහී ගිය ජාතිය ගොඩ ගත්තේ ඒ වන විට අවුල්ජාලයක් බවට පත් ව තිබූ ඊශ්‍රායල් බසට යළි පණ දීමෙනි. කුමාරතුංග මුනිදාසයන් කළේද එවැනිම ජාතික මෙහෙවරකි. එතුමන් පහළ වූ යුගය අධිරාජ්‍යවාදීනට රට යටත්ව පැවැති වකවානුවෙකි. ඒ හේතුව නිසාම සිංහල භාෂාව අන්ත පරිහානියක් කරා යමින් පැවැතිණි. විවිධ හේතු නිසා මෙකල පවත්නා භාෂා පරිහානිය ඊට වඩා කීප ගුණයෙකින් උග්‍ර වී ඇත. එය කොතරම් දැරුණුදැයි කිවහොත් අද සිංහලය යයි කිව හැකි බසක් ඉතිරි වී නැති පමණටම කරුණු යෙ දී ඇති ආකාරය බුද්ධියෙන් විමසා බලන විට පසක් කැර ගත හැකිය.

බසෙක ජීවය රඳා පවතින්නේ එබසට අයත් ව්‍යාකරණය මතය. ‘‘විනයොනාම සාසන ආයු’’ යනුවෙන් කී පරිදි සස්න පවත්නේ විනය රක්නා තෙක් පමණය යන දහම්පදය සසුන පිළිබඳ පරම සත්‍යයක් වන්නා සේම බස පිළිබඳව ද එවැනිම සත්‍යයක් වියරණය හා සම්බන්ධ කොට ද සඳහන් කළ හැකිය. භාෂාවේ විනය නම් එහි වියරණයම මිස අන් කිසිවක් නොවේ.’’ ව්‍යාකරණො නාම භාසාය ආයු’’ යනුවෙන් පෙළබසින් තනාගත් නව ආර්ථ කථනයක් ඒවෙනුවෙන් සමාජගත කළ හැකි නම් ඒ කෙතරම් අගනේදැයි සිහිවන්නේ එහි අරුත තව තවත් ගැඹුරින් දකින විටය.

බස වෙනුවෙන් කුමරතුඟුන් සිය දිවිය කැප කළේ මේ පරම සත්‍යය සමාජයට ඒත්තු ගැන්වීමේ පවිත්‍ර චේතනාවෙනි. එහෙත් අද සිදු වෙමින් පවත්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ වියරණ විරෝධී භාෂා නාශක ව්‍යාපාරයෙකි.’’

සංවරව ලිවීමට ලියන භාෂාවේ ව්‍යාකරණය නමින් අමුතු ව්‍යාකරණ ක්‍රමයක් රැකගෙන එන්නේ මහත් මුළාවකින් බවත්, අමුතු ප්‍රයෝජනයක් නැති නම් අමුතු ව්‍යාකරණයක් ඉගෙනීමට අවුරුදු ගණන් ගත කිරීම වැදගත් දෙයකට යෙදිය යුතු කාලය අපතේ යැවීමක් බවත් කියමින් වියරණයත් වියරණ ගැන කතා කරන්න වුනුත් අවඥ‌ාවට ලක් කරන විද්වතුන් ලෙස පෙනී සිටින නූතන ඇතැම් වාග් විද්‍යාඥයන් ගෙනයන වියරණ විරෝධී ව්‍යාපාරය ඒ අතර ප්‍රමුඛස්ථානය ගෙන තිබේ.

මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන ඒ පිළිබඳ විද්වතුන් කුමරතුගු මඟට ඉඳුරා පටහැනි නව වියරණ පොත පත මඟින් පළ කරන මතවාද ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ඒ සමඟම තවත් විද්වත් පිරිසක් වියරණ මරමින් ලියාපළ කරන පොත පතට ආවඩමින් ඔවුන් නව බස් වහරක් කරා යන විශිෂ්ට ලේඛකයන් වශයෙන් හඳුන්වා දෙමින් ඒ වියරණ විරෝධි ව්‍යාපාරයට තවත් අතකින් අනුබල දෙති. ඒ සමගම තවත් විද්වත් පිරිසක් කට වහරේ බසින් ලියන්නන් දිරි ගන්වමින් තව තවත් අය ද ඊට පෙළඹවීමේ ව්‍යාපාරයක නියැලී සිටිති. මෙවන් භාෂා නාශක ව්‍යාපාරවල මුල්තන්හි සිටින්නේ සුළු පටු පුද්ගලයන් නොවන නිසා ඊට එරෙහිව මුහුණ දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව කාහට වුවද පසක් කැර ගත හැකිය.

මෙවන් ගැටලුවලට මුහුණ දුන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවල් සිය බස රැක ගනු බස් රාජ්‍යය අනුග්‍රහයෙන් භාෂා ඇකඩමි නමින් භාෂා සංරක්‍ෂණ මණ්ඩල පිහිටුවා බසට හානි කරන්නවුන් ගෙන් එය රැක ගැනීමට ගෙන යන ජාතික ව්‍යාපාර ආදර්ශයට ගෙන මෙරටෙහි ද එවන් පියවර ගැනීමට අවශ්‍ය කාලයක් දැන් එළඹ තිබේ.

රාජ්‍යය භාෂාව වශයෙන් ද සම්මතයේ පවත්නා සිංහල නිරවුල්ව සවිමත්ව පවත්වාගෙන යාමේ වගකීම අන් හැමටම වඩා රජයට පැවැරෙන්නක් බව මෙහිලා අමතක නොකළ යුත්තෙකි.

ඒ සඳහා බස පිළිබඳ වගකීම් හා සබඳතා පවතින අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය වැනි රජයේ ආයතන මුල්කොට ගෙන පිරිවෙන් හා සබැඳි ප්‍රධාන ආයතන ද රජයේ ලියාපදිංචි භාෂා සංවිධානයක් වශයෙන් අවුරුදු අසූඑකකට අධික කාලයක් ක්‍රියාත්මක වන හෙළ හවුල වැනි භාෂා සංවිධානද නියෝජනය වන වියත් මඩුල්ලෙකින් යුත් භාෂා ඇකඩමියක් හෙවත් භාෂා සංරක්‍ෂණ ආයතනයක් පිහිටුවා ගැනීමට සිංහල භාෂා දිනය වශයෙන් සමරු උත්සව පවත්වන මෙවන් අවස්ථාවකදීවත් අවධානය යොමු වන්නේ නම් එය බස වෙනුවෙන් කරන මහඟු මෙහෙවරක් වශයෙන් අගය කළ හැක්කෙකි. 

අ.ආ ගුණතිලක



අදහස් (1)

භාෂා සංරක්‍ෂණ ආයතනයක් ඕනෑ

Janiya Sunday, 05 March 2023 09:15 AM

අනිවාර්යයෙන්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 42 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 80 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 81 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 694 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1098 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1266 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 326 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site