IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


116 වැනි ගුණ සමරුව යෙදෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

ජාතික වීරයකු වන ඇමෙරිකන් ජාතික ශ්‍රීමත් හෙන්ටි ස්ටීල් ඕල්කට්තුමාගේ 116 වෙනි ගුණසමරුව අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මීට වසර දෙසීයකට පෙර උපත ලද වාදිහසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමියන් විසින් 1973 වසරේ දී පවත්වන ලද ඓතිහාසික පානදුරවාදය නිසා  අප රටට ලැබුණු ජගත් කීර්තිය අති විශාලය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට සැපත් වූ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරට ජනතාවගේ දූ දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය උදෙසා සිදුකළ අධ්‍යාපන මෙහෙවරේ ප්‍රතිඵල අප රටට ලැබුණු දේවාශීර්වාදයක් බඳුවිය.

කොළඹ ආනන්ද, ගාල්ලේ මහින්ද, මහනුවර ධර්මරාජ වැනි අධ්‍යාපන ආයතන ද ඒ හා සමාන තවත් බාලක බාලිකා පාසල් ද දහම් පාසල් ද අප රට තුළ බිහි වූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රන්දොඹේ ධම්මාලංකාර රාජගුරු සිරි සුභූති වැනි මහ ස්වාමීපාදයාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මතිනි. එවන් යුග පෙරළියකට නායකත්වය දුන් ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ අභාවය සිදුවී අදට 17 වසර 116ක් සපිරීම සිහි කටයුත්තක් ලෙස දකිමි.

ඇමෙරිකාවේ නිව් පර්සි නගරයේ දී 1832 අගෝස්තු මස 02 වැනිදා හෙන්රි වයිකෝෆ් ඕල්කට් මහතාට සහ ඇට්ලි ස්ටීල් මහත්මියට තම පවුලේ උපන් ප්‍රථම දරුවා වූයේ ඕල්කට්තුමාය. මෙතුමාගේ උපතින් පසු තවත් දරුවන් පස් දෙනෙකු ලැබීමට එම මවුපියෝ වාසනාවන්ත වූය.

කුඩා කළ සිට මනා පාසල් අධ්‍යාපනයක් ලබා නීතිවේදියකු ලෙස ජීවිකා වෘත්තිය ආරම්භ කළත් එයින් මුදල් උපයන අයුරු සිත් නොගත් නිසා නීති වෘත්තියෙන් සමුගත් ඕල්කට්තුමා ඇමරිකාවේ නාවික දෙපාර්තමේන්තුවේ විශේෂ කොමසාරිස්වරයකු ලෙස සේවයට පිවිසුණේය.

පසුව කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා සිත යොමුකළ මෙතුමා මිනිසාගේ කුසගින්න නිවීම සඳහා කෘෂිකර්මය කෙරෙහි වඩාත් අවධානය යොමුකළ යුතු බව වටහා ගත්තේය. මෙම ක්ෂේත්‍රය තුළ පෑ දස්කම් නිසා ඕල්කට්තුමන් වෙත ඇතැන්ස් විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ පීඨාධිපති තනතුර දක්වා උසස්වීම් ලැබ පසුව ඇමෙරිකානු ජාතික කෘෂි අධ්‍යාපන මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී නායකත්වය හිමිකර ගත්තේය.

පසුව මෙම සියලුම කටයුතුවලින් ඉවත්ව ධර්මයට ලැදිව ජීවිතය ගෙන යෑමට පියවර ගත් ඕල්කට්තුමා 1875 වසරේ දී පරම විඥානාර්ථ සමාගම ආරම්භ කළේ ‘‘සත්‍යයට වඩා දහමක් නොමැත’’ යන තේමාව යටතේය. මෙම සංවිධානය යටතේ ඇමරිකාව තුළ කටයුතු කරගෙන යන විට ඕල්කට්තුමාට ඉන්දියාවෙන් ආරාධනයක් ලැබුණු හෙයින් 1879 වසරේ ඉන්දියාවට පැමිණ ඉන්දීය පරම විඥානර්ථ සමාගම ආරම්භ කළේය.

මේ වන විට මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන් සමග හිතවත්කමක් ගොඩනංවාගෙන ලිපි ලේඛන මගින් ඇසුරු කළ ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට තීරණය කළේ ගුණානන්ද මා හිමියන්ගේ ඇරයුම පරිදිය. එම ආරාධනය පිළිගත් නිසා 1880 මැයි මස 17 වැනිදා ගාලු වරායෙන් ලක්දිවට සැපත් වූ ඕල්කට්තුමන් ගාල්ල වැලිවත්ත විජයානන්දාරාමයේ දී තිසරණ සහිත පංචශීලය සමාදන් වී බෞද්ධයෙකු බවට පත්විය.

එයින් දින කීපයකට පසු ගාල්ලේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිට වූ ඕල්කට්තුමා රිය පෙරහැරකින් කොළඹ බලා පිටත් විය. කොළඹට පැමිණි ඕල්කට්තුමා 1880 ජුනි මස 08 වැනිදා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන්නේ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කළේය.

මේ වනවිට මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ නායකත්වයෙන් ඇරඹි තිබුණ මෙරට ජාතික ආගමික පුනරුද ව්‍යාපාරයට ගිහි නායකත්වයක් ද ඕල්කට්තුමාගේ සම්ප්‍රාප්තියත් සමග ඇති විය. එහි ප්‍රතිඵල වශයෙන් වෙසක් පොහොය නිවාඩුව ලැබීම සිංහල අවුරුදු නිවාඩුව හිමිවීම බෞද්ධයන් වෙනුවෙන් විවාහ ලියාපදිංචි ක්‍රමයක් ඇතිවීම, බෞද්ධ ධජය නිර්මාණ වීම, බෞද්ධ අධ්‍යාපනය නැංවීම සඳහා ජාතික අරමුදලක් බිහිවීම, සිංහල ජනතාව සිංහල නම් භාවිත කිරීමට හුරු පුරුදු කිරීම ආදි විවිධ ක්‍රමවේදයන් තුළින් නැතිවී ගිය දේශයේ බෞද්ධ පුනර්ජීවනය සඳහා ඕල්කට්තුමාගේ මග පෙන්වීම හා මැදිහත්වීම වැදගත් විය.

ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන විට බෞද්ධ දරුවන් වෙනුවෙන් තිබුණේ පාසල් පහක් පමණි. ඒ වනවිට බෞද්ධ නොවන පාසල් ප්‍රමාණය දහය ඉක්මවා තිබීම විශේෂත්වයකි. මේ තත්ත්වය වෙනස් වූයේ ඕල්කට්තුමා ආරම්භ කළ සමාජ විප්ලවය නිසාය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ආදි දේශප්‍රේමීන් බිහිවීමට පූර්වාදර්ශය වූයේ ඕල්කට්තුමාය.

මෙලෙස ලංකා මෑණියන්ට අනුපම සේවයක් සිදුකළ ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා වසර 85 ක් ආයු වළදා 1907 පෙබරවාරි මස 17 වැනිදා ඉන්දියාවේ මදුරාසියේ පිහිටි පරම විඥානාර්ථ සමාගම් මූලස්ථානයේ දී අභාවප්‍රාප්ත විය.

එතුමා දිවංගත වී වසර 116 ක් සපිරෙන මෙම අවස්ථාවේදී කළගුණ දත් ජාතියක් ලෙස ඕල්කට් ශ්‍රී නාමය අප සමරනුයේ ඉමහත් ගෞරවයෙනි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන



අදහස් (2)

116 වැනි ගුණ සමරුව යෙදෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

[email protected] Monday, 30 June 2025 03:07 PM

මෙය ඉතාම හොඳ දෙයකි. කරුණු ඉතාම පැහැදිලියි.

:       0       1

Sanduni sulochana Tuesday, 12 August 2025 10:29 AM

මෙය ඉතාමත් හොඳ කරුණු ඇතුළත් කළ ගොනුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12932 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site