දියුණුවේ ප්‍රබල හතුරා ප්‍රමාදය බව සැමට පොදු සරල සත්‍යයයි. එවැනි ප්‍රමාදයක් ගැන ඉකුත්දා පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබිණි. රාජ්‍යසේවා කොමිසමේ ප්‍රමාදයක් ගැන අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කරුණු හෙළි කළේය. එම ප්‍රකාශය අප පුවත්පතේ ද පළ කෙරිණි. විදුහල්පති ප්‍රශ්නයේ විසඳුම රාජ්‍ය සේවා කොමිසමේ හිර වී ඇති බව එමගින් කියැවිණි. විදුහල්පති ප්‍රශ්නය සම්බන්ධයෙන් එම කොමිසමට යවන ලද ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැති බවට ඇමැතිවරයා චෝදනා කළේය.
රටක, ජාතියක, සංවර්ධනයේ අත්තිවාරම වන්නේ, නිසි කලට නිසි පරිදි තීරණ ගෙන, ඒවා අප්‍රමාදව ක්‍රියාවට නැංවීමයි. ලෝකයේ දියුණු රටවල් තම ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත්තේ එලෙස කටයුතු කිරීමෙනි. එසේ වුවද මෙරට රාජ්‍ය සේවයට බාලගිරි දෝෂය අරක්ගෙන ඇති බව පෙනේ. එය දිගු කලක් තිස්සේ පවතින තත්ත්වයකි.
අද මෙරටට අවශ්‍යව ඇත්තේ කල් මැරීම නොව අශ්ව වේගයෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකි. එවැනි තත්ත්වයක් මත, රාජය සේවා කොමිසම වැනි ආයතනයකින් ලිපියකට පිළිතුරු එවීමට මාස ගණන් ගතවන්නේ නම් රටට දෙවියන්ගේම පිහිට විනා වෙන පිළිසරණක් නැත.
දේශයක පැවැත්මේ තීරණාත්මක සාධක වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආරක්ෂාවයි. එම ක්ෂේත්‍රවල අදාළ කටයුතු ප්‍රමාද වී සිදුවන්නේ නම් ඕනෑම රටක කඩා වැටීම කිසිවකුටවත් වැළැක්විය නොහැකිය.
අධ්‍යාපන කාර්යයේ දී විදුහල්පති ප්‍රශ්නයට නිසි විසඳුම් නොලැබුණහොත් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක දරුවන්ටය. ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන්ගෙන් ඉතා සීමිත පිරිසක් හැර බොහෝ පිරිසක් අධ්‍යාපනය ලබන්නේ රජයේ පාසල්වලිනි. ඔවුන්ට ඇති එකම මග නිදහස් අධ්‍යාපනයයි. විදුහල්පතිවරු නැතිව නිදහස් අධ්‍යාපනයට බාධා සිදු වන්නේ නම් එම වගකීම භාර ගත යුත්තේද අදාළ ආයතන විසිනි.
රාජ්‍ය සේවා කොමිසමට වැඩ වැඩි බවක් ද වාර්තාවී තිබිණි. අමාත්‍යාංශ මගින් කළ හැකි කාර්යයන් සඳහා කොමිෂන් සභා පත් කර ඇත්තේ අදාළ සේවා සාධාරණව හා කාර්යක්ෂමව ඉටු කිරීමටයි. රාජ්‍ය සේවා කොමිසම රාජ්‍ය සේවයට අයත් නොවුව ද එය රජයේ කාර්යාලයක තත්ත්වයට පත්වීම කනගාටුවට කරුණකි.
කාර්යාල සේවා ප්‍රමාදයට බලපාන කරුණු කිහිපයක් ඇත. අලසකම, නොසැලකිල්ල හා හිතාමතාම ප්‍රමාද කිරීම ඊට අයත්ය. රාජ්‍ය සේවා කොමිසමේ ලිපි ප්‍රමාදයට එම කරුණුවලින් කුමක් බලපෑවේ ද කිව නොහැකිය. කෙසේ වුවද ප්‍රමාදයේ ප්‍රතිඵලය කනගාටුදායකය.
කලකට පෙර කාර්යාල සේවාව තුළ ‘තුන්දා නියමය’’ ක්‍රියාත්මක විය. අද එවැන්නක් දක්නට නැත. පරිගණක තාක්ෂණය හරහා මිනිත්තු ගණනකින් සේවා සැපයිය හැකි වුවද එසේ සිදු නොවීම ද ගැටලුකාරී තත්ත්වයකි. තුන්දා නියමය යනු යම් කාර්යාලයකට ලැබෙන ලිපියකට හෝ ඉල්ලීමකට තෙදිනක් ඉක්මවීමට පෙර නිසි පිළිතුරක් ලබාදීමේ ක්‍රියාවලියයි.
ඇතැම් කාර්යාලවලට දේශපාලන බලපෑම් නිසාද ප්‍රමාදවීම් සිදුවන අවස්ථා නැතුවා නොවේ. තවද යල් පැනගිය චක්‍රලේඛ වලින්ද ප්‍රමාදය සිදුවෙයි. අද ඉටුවිය යුතු කාර්යයක් මාසයකට හෝ මාස එකහමාරකට පසුව ක්‍රියාත්මක වන්නේ නම් ඉන් සිදුවන පාඩුව කොපමණදැයි ගණනය කළ නොහැකිය.
රාජ්‍ය සේවා කොමිසම ඇතුළු දැනට ක්‍රියාත්මක සියලු කොමිෂන් සභා ස්වාධීන ආයතන බවට හඳුන්වාදී ඇත. එවැනි ආයතනවලින් පවා ප්‍රමාදවීම් වාර්තා වන්නේ ඇයිද? යන්න විසඳුම් නැති ගැටලුවක් බවට පත්ව තිබේ.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා හෝ වේවා ඕනෑම ආයතනයක් ප්‍රමාදයකින් තොරව තම සේවා කටයුතු ඉටු කළ යුතුය. ප්‍රමාදය යනු විනාශයේ පළමු දොරටුව වන්නා සේම පසුතැවිල්ලේ ආරම්භයයි. අප විසින් ඉටු කළ යුතු රාජකාරි නිසි කලට නිසි ලෙස ක්‍රියාවට නැංවිය යුත්තේ ඒ නිසාය.
විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට අවහිර බාධා සිදුවන්නේ නම් අපට ඉදිරි ගමනක් නැත. අනාගතය භාර වන්නේ වත්මන් දරුවන්ටයි. ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු අප්‍රමාදව ඉටුකිරීම අදාළ ආයතනවල වගකීම හා වගවීම ද වන්නේය. අධ්‍යාපන ඇමතිවරයා ද පෙන්වා දුන් පරිදි දරුවන් ගැන සිතාබලා හෝ අදාළ රාජකාරි අප්‍රමාදව ක්‍රියාවට නැංවීමට ඒ හා සම්බන්ධ සිලු ආයතනවල වගකීම වන්නේය. එය පැහැර හැරීමට කිසිදු ආයතනයකට අයිතියක් නැත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම
AB Sunday, 19 February 2023 05:50 AM
ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම හෝ රජයේ වෙනත් ආයතන තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් පසු ප්‍රමාදවීම්, අතපසුවීම්, කාර්යක්ෂම නොවීම, පිළිබඳව පමණක් නොව වෙනත් ගැටළු සඳහා විසඳුම් ලබාදිය යුතුවන්නේ කුමන ආකාරයකින්ද යන්න එම ආයතනය තුළ Wide analysis කිරීමෙන් පසු තීරණය කළහැකි වේ. කෙටි පිළිතුරු ලබාදී ගැටළු තාවකාලිකව විසඳනවා වෙනුවට පුර්ණ අධීක්ෂණයකින් පසු කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් පවතින ගැටළු සඳහා පිළිතුරු ලබාදිය යුතුවේ. වසර ගණනාවක් පවතින මෙම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට එම ආයතන සේවකයින් සහ නිලධාරීන් අපොහොසත් මෙන්ම පෙනී යන්නේ විසඳුම් ලබාදිය හැකි කණ්ඩායමක් හෝ කිසිවකු ගැටළු විසඳීම වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් නොවීම නිසාවෙනි. පක්ෂ දේශපාලනය, ඍජු දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පමණක් නොව මෙම ආයතන තුළ ප්‍රධානීන් වශයෙන් සේවය කරනු ලබන, සිදුකළයුතු වෙනස්වීම් පිළිබඳව, කිරීම් පිළිබඳව කිසිඳු අදහසක් නොමැති තාක්ෂණය පිළිබඳව කිසිවක් නොදන්නා දේශපාලන පත්වීම් නිසා සියල්ල දේශපාලනීකරණය වීම තුළ කිසිවකු මෙම ආයතන කාර්යක්ෂම කිරීමට හෝ පවතින ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් වන්නේ නැත.
AB Sunday, 19 February 2023 05:54 AM
මහජන සේවය වෙනුවෙන් පිහිටුවා තිබෙන ආයතන කාර්යක්ෂම කළහැකි බව පැහැදිලිව කිව යුතුවේ. අවශ්‍ය වනුයේ වෙනස්විය යුතුවනුයේ කුමක්ද? වෙනස් කළහැකි වන්නේ කුමන ආකාරයටද? සහ වෙනසක් කළයුතුබව විශ්වාස කරන්නා වූ දක්ෂ, අවංක, කැපවූ කණ්ඩායමකගේ මැදිහත්වීම පමණි...
Janaka Monday, 20 February 2023 04:45 AM
ලංකාවේ තියෙන ජරාම ආයතනවලින් එකක්. S L A S කාරයෝ අරක් ගත්තා, සල්ලි විනාශ කරන, ඔරලෝසුවක්, කැලැන්ඩරයක් දැකලා නැති, උද්දච්ච උසස් නිලධාරීන් ඉන්න ආයතනයක්....
BB Monday, 20 February 2023 07:08 AM
ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම හෝ රජයේ වෙනත් ආයතන තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් පසු ප්‍රමාදවීම්, අතපසුවීම්, කාර්යක්ෂම නොවීම, පිළිබඳව පමණක් නොව වෙනත් ගැටළු සඳහා විසඳුම් ලබාදිය යුතුවන්නේ කුමන ආකාරයකින්ද යන්න එම ආයතනය තුළ Wide analysis කිරීමෙන් පසු තීරණය කළහැකි වේ. කෙටි පිළිතුරු ලබාදී ගැටළු තාවකාලිකව විසඳනවා වෙනුවට පුර්ණ අධීක්ෂණයකින් පසු කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් පවතින ගැටළු සඳහා පිළිතුරු ලබාදිය යුතුවේ. වසර ගණනාවක් පවතින මෙම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට එම ආයතන සේවකයින් සහ නිලධාරීන් අපොහොසත් මෙන්ම පෙනී යන්නේ විසඳුම් ලබාදිය හැකි කණ්ඩායමක් හෝ කිසිවකු ගැටළු විසඳීම වෙනුවෙන් ඍජු මැදිහත් වීමක් නොවීම නිසාවෙනි. පක්ෂ දේශපාලනය, ඍජු දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පමණක් නොව මෙම ආයතන තුළ ප්‍රධානීන් වශයෙන් සේවය කරනු ලබන, සිදුකළයුතු වෙනස්වීම් පිළිබඳව, කිරීම් පිළිබඳව කිසිඳු අදහසක් නොමැති තාක්ෂණය පිළිබඳව කිසිවක් නොදන්නා දේශපාලන පත්වීම් නිසා සියල්ල දේශපාලනීකරණය වීම තුළ කිසිවකු මෙම ආයතන කාර්යක්ෂම කිරීමට හෝ පවතින ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් වන්නේ නැත
ABMonday, 20 February 2023 06:10 PM
bB, වෙනත් අයගේ අදහස් කොපි නොකර ඔබ අලුත් අදහසක් ඉදිරිපත් කරන්න ...