විදුලිය නාස්ති බර ජනතාව පිට
විදුලි බල මණ්ඩලයේ ශේෂ පත්රයට අනුව 2022 දෙසැම්බර් 21 වැනිදා වනවිට විදුලි පාරිභෝගිකයන් අවුරුද්දක් තිස්සේ නොගෙවන මුදල රුපියල් මිලියන 46,350 කි. ඉන් රුපියල් මිලියන 21,611 ක් අය විය යුතුව තිබෙන්නේ තොග ගැනුම්කරුවන්ගෙනි. සිල්ලර ගැනුම්කරුවන්ගෙන්, එනම් ට්රාන්ස්පෝමරයක් නැතිව විදුලිය සපයා ගන්නා පාරිභෝගිකයන්ගෙන් අය විය යුතුව තිබෙන මුදල රුපියල් මිලියන 24,739 කි.