දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත අප්‍රේල් මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දූෂණය, වංචාව ඇතුළු ඉහළම මට්ටමින් සිදුකෙරෙන සොරකම් නැවැත්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයට කිසිවකුටත් විරුද්ධ විය නොහැක. එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එයට සහයෝගය ලබාදී පනතේ කිසියම් හෝ අඩුපාඩුවක් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර පනත සම්මත කරගැනීමට සියලු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතුය. එවැනි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇතැයි අපි නොසිතමු.
එහෙත් නිසැකවම ගැටලු මතුවන්නේ එවැනි පනතක් ක්‍රියාත්මක කිරීමට යාමේදීය. විශේෂයෙන් බලවත් පුද්ගලයකුට එරෙහිව මෙවැනි පනතක් යොදාගැනීමේ දී නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන් මුහුණදෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳ අපට තිබෙන අවබෝධය හේතුවෙන් එසේ කීමට අපි මැලි නොවෙමු.
අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දූෂණ සහ වංචා සමඟ එකට බැඳී පැවතීම රටට මහත් කැළලකි. එය කොතරම් බරපතළ ගැටලුවක් වී දැයි කිවහොත් රටේ ආර්ථිකයට යන්තමින් හෝ හුස්ම ගැනීමට ඉඩක් සැලසූ මූල්‍ය අරමුදලේ ණය සහනය ලබාදීමේදී රටේ පවතින දූෂණ සහ වංචාව පිටුදැකීමට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විධිමත් නීතිමය යාන්ත්‍රණයක් සකස් කිරීමද එක් කොන්දේසියක් වශයෙන් හඳුන්වා දී තිබේ.
එය එක් පැත්තකින් මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමට ඉහළම මට්ටමින් සිදුවූ දූෂණ සහ වංචා ද හේතුවූ බවට නිල වශයෙන් පිළිගැනීමක් ලබාදීමකි. ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතු බවට වන පිරුළට අනුව මෙය ගළපා ගත් විට දූෂණ සහ වංචා හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකයක් යළි ගොඩගැනීමට නම් දූෂණ සහ වංචා දුරු කිරීමකින් තොරව එය සිදුකළ නොහැකි බව පිළිගත යුතුය.
කෙසේ වුවද මේ රටේ පවතින නීති පද්ධතිය තුළ හඳුන්වා දී තිබෙන අල්ලස් හෝ දූෂණ විරෝධී පනත ද දූෂණ සහ වංචා දුරු කිරීමට ඉතා සක්‍රීයව යොදාගත හැකි ශක්තිමත් පනතක් බව මේ රටේ බොහොමයක් නීති විශාරදයන්ගේ පිළිගැනීමය. එහෙත් ගැටලුව වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මුහුණ දීමට සිදුවන තාක්ෂණික සහ ප්‍රායෝගික ගැටලුය.
තමන්ට අත්පත් කරගත නොහැකි දේපළක් භුක්ති විඳින්නේ කෙසේදැයි සිදුකරන පරීක්ෂණයකට පෙනී සිටින්නැයි අල්ලස් හෝ දූෂණ මර්දන නිලධාරීන් විසින් කරනු ලැබූ කැඳවීමකට පිළිතුරු වශයෙන් තමා නයකුගේ දෂ්ට කිරීමට ලක්වූ බව ප්‍රකාශ කර එයින් ගැලවී යාමට දේශපාලකයකු ක්‍රියා කළ ආකාරය සැමට මතකය.
සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හට ගත්තත් එම චූදිත දේශපාලනඥයා රැකගැනීමට ඉතා බලවත් පුද්ගලයන් ඉදිරිපත් වූ බැවින් එම පරීක්ෂණය එතැනින් නැවතුණි. කොතරම් ශක්තිමත් මුළු ජාත්‍යන්තරයම පිළිගන්නා දූෂණ විරෝධී පනතක් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක වන්නේ ඉහත ආකාරයටම නම් එවැනි පනතක් නමට පමණක් පවතින පනතක් බවට පත්වීම වැළැක්විය නොහැක.
එසේ වුවද යහපාලන ආණ්ඩුව මගින් වඩාත් ශක්තිමත් කරන ලද එම පනත යටතේ ඒ කාලයේදී බරපතළ ගණයේ දූෂණ සහ වංචා කිහිපයක් අල්ලාගෙන එහි වරදකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවද සඳහන් කළ යුතුය. දූෂණ සහ වංචාවලට එරෙහි පනතක් ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පමණක් නොවේ. එය දේශපාලනඥයන්ට එරෙහිවද එකසේ ක්‍රියාත්මක විය යුතුය. මේ රටේ සිදුව ඇති බොහොමයක් බරපතළ ගණයේ වංචා සහ දූෂණ පිටුපස දේශපාලනඥයන් සිටින බව ප්‍රකට රහසක් බැවිනි.
දකුණු ආසියාවේ නොව ලෝකයේ හොඳම දූෂණ සහ වංචා මර්දන පනත සම්මත කරගත්තත් එම පනතින්ද සිදුවන්නේ තෝරු හෝ මෝරුන් බේරා හාල්මැස්සන් පමණක් කොටුකර ගැනීම පමණක් නම් ජනාධිපතිවරයාගේ යහපත් අරමුණු මුදුන්පත් කර ගැනීමට එයින් පිටිවහලක් ලැබෙන්නේ නැත. නව දූෂණ මර්දන පනත එවැනි දුර්වලතා මගහැර සකස් කෙරෙන ශක්තිමත් පනතක් වනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.
(***)
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දූෂණ මර්දනයට එන පනත නාමමාත්‍රයට සීමා නොකරනු
Warnasinghe Sunday, 02 April 2023 07:25 AM
කොතරම් තද නීති ගෙනාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ මේ හිටපු නිලධාරින්ම නම්?
CC Monday, 03 April 2023 10:58 AM
සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණය හා වංචාව මැඩලීම සඳහා ස්වාධීන ප්‍රගති විමර්ෂණ හා පසුවිපරම් යාන්ත්‍රණයක් නිසි බල අධිකාරිය සහිතව ස්ථාපිත කළ යුතුයි එහිදී අදාළ ඇස්තමේන්තුවේ සිට මුල මැද හා අග වශයෙන් සහ අදාළ ව්‍යාපෘතියෙහි අදාළත්වය හා ප්‍රමුඛතාවය පවා මැන බැලෙන විධිමත් යාන්ත්‍රණයක් විය යුතුවේ. ඒ සඳහා නිසි දඬුවම් අධිකරණය හරහා පැවරිය හැකි ක්‍රමවේද ස්ථාපිත විය යුතුයි. එමෙන්ම එය තොරතුරු පනත මගින් ලැබෙන තොරතුරු අනුවද විමර්ෂණ ආරම්භ කළහැකි ආකාරයට සැකසිය යුතුවේ. නැතිනම් බොහෝ පළාත් සභා ප්‍රදේශිය සභා මධ්‍යම රජයේ ව්‍යාපෘතිවලින් මේ දෙගොල්ලන්ම ගසාකෑම නැවත්විය හැකි නොවනු ඇත. තැතිනම් රටට අවශ්‍ය නැති ව්‍යාපෘති බෝහෝ බිහිවනු ඇත. අදාළ අවශ්‍ය ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය ඉතා පිරිහී එය සුළු ජීව කාල සීමාවකට සීමාවනු ඇත. දේශපාලුවන් හා ඔවුන්ගේ කොන්ත්‍රත්කරුවන් හෙන්චයියන්, සහාය දෙන කූට රාජ්‍ය නිලධාරීන්.... අතිවිශාල වශයෙන් අයුතු ධනය උපයනු ඇත. ව්‍යාපෘතිය කෙටි කලකින් විනාශ වී යෑමෙන් ජනතාවට ප්‍රතිලාභ කෙටිකලකින් අවසන් වනු ඇත. ණයට ගත් අරමුදල් විනාශ වී රට නැවත ණය උගුලකට හිරවනු ඇත අවසානයේ රට බංකොලොත් වී ජනතාව මතම නැවත වන්දි ගෙවීම පැටවෙනු ඇත...