IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


අයි.එම්.එෆ්. ණයේ ගැට ගැසුණු කතා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) මගින් ලබාදීමට නියමිත ණය සහන පහසුකම සමඟ රටේ සමස්ත ආර්ථිකයම ගැට ගැසී තිබේ. ඒ බව පසුගිය කාලසීමාව තුළදී නිකුත් වූ විවිධ බලධාරීන්ගේ ප්‍රකාශ අනුව පෙනෙන්නට තිබිණි. නුදුරු දිනවලදී පැවැත්වීමට නියමිත අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව සඳහා ණය මුදාහැරීමේ තීන්දුව සාකච්ඡාවට ගැනෙණු ඇති බවටත් එහිදී එකී ණය සහන පහසුකමේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමේ තීන්දුව සම්මත වනු ඇති බවටත් රජය මහත් බලාපොරොත්තු තබා ඇති බව පැහැදිලිය. ඒ සඳහා අවශ්‍ය වූ කොන්දේසි 15ම ඉටුකර ඇති බවද රජයේ ඉහළම බලධාරීන්ගෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ විය.

අයි.එම්.එෆ්. මගින් ලබාදීමට යෝජිත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.9කි. එම මුදල එකවරම මුදාහැරෙන්නේ නැත. ඒ සඳහා වසර 04ක කාලයක් ගතවන අතර එය ලබාදෙන්නේ වාරික ගණනාවකිනි. එය රටේ වඩාත්ම අවශ්‍ය වී තිබෙන විදෙස් සංචිතය තරමක් දුරකට තර කිරීමට හේතු වනු ඇත. රටේ ආර්ථිකය යම් තරමකට ස්ථාවර කිරීමට එකී ණය හේතු වන අතරම ශ්‍රී ලංකාවට වඩාත් පහසු පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට උපකාරී කර ගත හැකි ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ණය දෙන ආයතනවල විශ්වාසය දිනා ගැනීමටද හේතු වනු ඇත. එය රට මෙතෙක් මුහුණ දී සිටි බරපතළ ආර්ථික පීඩනයෙන් මිදී හුස්මක් කටක් ගැනීමට සුළු ඉඩක් විවර කිරීමක් වශයෙන් දැකිය හැකිය.

කෙසේ වුවද ඩොලර් බිලියන 2.9ක ණය මුදල   අයි.එම්.එෆ්. ආයතනය මගින් බන්දේසියක තබා රටට පිළිගන්වන රසවත් ආහාරයක් නොවන බව සියලු‍ දෙනා තේරුම් ගත යුතුය. එය සැලකිය හැක්කේ රස ආහාරයක් නොව තිත්ත බෙහෙතක් වශයෙනි. මේ තිත්ත බෙහෙතේ පල විපාක මුළු රටම විඳගත යුතු වෙයි. ඒ සඳහා කැපකිරීම් කළ යුතු වෙයි. පටි තද කරගත යුතු වෙයි. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට තිබෙන එකම මාර්ගය අයි.එම්.එෆ්. ණය නම් එය ලබාගැනීම සඳහා කොතරම් කැපකිරීම් කළත් පාඩුවක් නොවනු ඇත. එහෙත් එම කැපකිරීම් සිදුවිය යුත්තේ රටේ බදු ගෙවන පොදු මහජනතාව අතින් පමණක් නොවේ. රජයේ ඉහළම දේශපාලනඥයාගේ සිට පහළම මන්ත්‍රීවරයා දක්වාත් ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වාත් මේ කැපවීම් පෙනෙන්නට තිබිය යුතුය. එසේ නොවන විට තමන් පමණක් පටි තද කරගෙන සිටීමෙන් පළක් නොවන බවට ජනතාව තීරණය කරනු ඇත. වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා හරහා පුපුරා එළියට යන්නේ එම පීඩනයයි.

අයි.එම්.එෆ්. ණය සහනය ලබාගැනීමේ අරමුණ ජය ගැනීම සඳහා රජය බැරෑරැම් කාර්යභාරයක් ඉටු කළ බව යථාර්ථයයි. ජනප්‍රිය නොවන එසේම වැඩ කරන ජනතාවගේ කෝපයට හේතු වන තීරණ ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවූයේත් එහි බලපෑමෙනි. මෙතෙක් රට මුහුණ නොදුන් විශාල ආර්ථික ප්‍රතිසංස්කරණවලට යාමට පවා ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. රටේ ආර්ථිකයට විශාල බරක්ව පවතින අධික පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පමණක් නොව එම තීරණ ක්‍රියාත්මක කිරීමටත් බල කෙරෙන තත්ත්වයක් උදා වී තිබෙන බව රජය පමණක් නොව විපක්ෂයත් අවබෝධ කරගත යුතුය. ඉදිරියේදී බලයට පත්වීමේ අරමුණින් ක්‍රියා කරන විපක්ෂයටද මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබිය යුතු බැවිනි.

එසේ වුවද ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදීත් රටේ ආදායම වැඩිකර ගැනීම සඳහා අධික බදු පැනවීමේදීත් පොදු මහජනතාවට දරාගත හැකි මට්ටමින් එය සිදු කිරීම රජයේ වගකීමකි. මේ දිනවල රටේ ඇති වී තිබෙන වැඩවර්ජන තත්ත්වය කේන්ද්‍රගත වී තිබෙන්නේ එකවරම විශාල ප්‍රතිශතයකින් උපයන විට බදු ගෙවීමේ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි. වැඩි වූ විදුලිය බිල ඇතුළු සෙසු වක්‍ර බදු වැඩිවීමද රටේ ජන ජීවිතය නොසන්සුන් කරමින් තිබේ. රටට කොතරම් අවශ්‍ය වුවද අයි.එම්.එෆ්. ණය ලැබීම හේතුවෙන් රට අවුලෙන් අවුලට යන්නේ නම් එම ණය ගැනීමෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටුවන්නේ නැත. මේ නිසා රටේ ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි හැකි තරම් දුරට සංවේදීව රජය කටයුතු කිරීමද අවශ්‍යය. කැත්තට පොල්ල මෙන් සිටීමෙන් විය හැක්කේ දැනට පවතින ගැටලු‍කාරී තත්ත්වය විශාල අර්බුදයක් දක්වා උත්සන්න වීම පමණි.

අයි.එම්.එෆ්. ණය ලබාගැනීම අභියස ආණ්ඩුව දැන් සිටින්නේ රැවුලයි කැඳයි දෙකම බේරාගත යුතු තත්ත්වයක බව පැහැදිලිය. අයි.එම්.එෆ්. ණය ලබාගැනීම සඳහා සපුරා දිය යුතු සියලු‍ කොන්දේසි ඉටු කිරීමෙන් පමණක් සෑහීමට පත්වීමට රජයට හැකියාවක් නැත. ණය ලබාගැනීමත් සමඟ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටද ආණ්ඩුව කටයුතු කළ යුතුය. එසේ කළ හැක්කේ ජනතාව පිට බදු බර පැටවීමෙන් පමණක් නොවේ. රටේ ආර්ථිකය මේ තරමට කඩා වැට්ටවීමට හේතු වූ කාරණා සොයා බලා යළිත් එවැන්නක් සිදු නොවීමට අවශ්‍ය පියවරද ගැනීමෙනි. ආර්ථික විනාශයට දායක වූවන්ට එරෙහිව කටයුතු කිරීමද ජනතා විශ්වාසය දිනාගැනීමට රුකුලක් වනු ඇත. එසේම සොරකම, දූෂණය සහ වංචාව මුළුමනින්ම පිටුදැකීමේ යාන්ත්‍රණයක්ද ඇතිකළ යුතු අතර ඒ සඳහා උත්ප්‍රේරකයක් වශයෙන් පසුගිය කාලය තුළ සිදුවූ සීනි, සුදු ලූනු වැනි මහා පරිමාණයේ බදු වංචාවලට වගකිවයුතු පුද්ගලයන් අධිකරණය හමුවට පැමිණවීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් බවද සඳහන් කළ යුතුය.

 

(***)



අදහස් (0)

අයි.එම්.එෆ්. ණයේ ගැට ගැසුණු කතා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථික පෙරැළියක අවශ්‍යතාව
2024 මැයි මස 16 517 1

මෙරටට නිදහස ලැබීමේ තැන් සිට මේ දක්වා විවිධ ආණ්ඩු මාරුවීම් සමග රටේ ආර්ථික ප්‍රතිපත්තිවලද යම් ‍යම් වෙනස්කම් ඇතිවූ බව නිරීක්ෂණය කළ හැකිය. 1948 නිදහස ලැබූ කා


ස්වාධීන නිදහස් චින්තනයෙන් විදුදය බැබළවූ යතිවරයාණෝ
2024 මැයි මස 15 544 0

එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයකුද වූ, ස්වාධීන නිදහස් චින්තනයෙන් මෙරට භික්ෂු පරපුරට නව මංපෙ


ජන අභිලාෂය වැඩද? කතාවද?
2024 මැයි මස 15 920 2

ජනාධිපතිවරණය ළඟදී පැවැත්වෙන බැවින් වෘත්තීය සමිති ඇතුළු සමහර සංවිධාන සිතන්නේ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් තමන්ට ඕනෑම දෙයක් රජයෙන් දිනාගත හැකිය යන්


මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්
2024 මැයි මස 15 120 0

පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අ


අයාලේ ගිය පශ්චාත් නූතනවාදී කතිකාව
2024 මැයි මස 14 236 0

ලෝක සන්දර්භයක් තුළ දී නූතනවාදී කලා සාහිත්‍යය හා සංස්කෘතික සංකලනය සඳහා පදනම වැටෙනුයේ පළමුවන ලෝක යුද්ධය පසුබිම් කොටගෙනය. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණක


හික්මීම ලේඛකයකුට භයානකයි
2024 මැයි මස 14 236 1

නූතන ලාංකික සාහිත්‍යයෙහි ප්‍රතිභාසම්පන්න ලේඛිකාවක වන ශමෙල් ජයකොඩී පාඨක ආකර්ෂණයට හා කතාබහට ලක් වූ අගනා නවකතා රැසක් මෙරට සාහිත්‍ය යට දායාද කළ විදෙස්ගත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 739 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2276 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1953 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site