පැහැදිලි සැලැස්මක් නොමැතිව සංචාරක ව්‍යාපාරයෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම සිහිනයක් බව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයෙකු වන ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී ඇතත් ඔවුන්ගෙන් ලැබෙන රට සල්ලි ප්‍රමාණය වැඩි වී නොමැකති බව ඔහු පෙන්වා දෙයි. ඉහළ පැලැන්තියේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නම් විෂය කෙරෙහි අත්දැකීම් බහුල ප්‍රවීණයන්ගේ සහයෝගයෙන් සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයොත් දැන් වියදම් කරන්න ලෝභ වගේ
රට සල්ලි මාරු කරන්නේ ප්‍රයිවට් කඩ වලින්.බැංකු වලින් මාරු කළාම දෙන්නේ අඩු ගාණක්
ඔබ හරි හැරි මහත්තයෝ. ලංකාවට එන්නේ ඔක්කොම පින් පඩි කාරයෝ. ඒ ඇවිල්ල රට අනිසි ලෙස පාවිච්චි කරලා ලෙඩ රෝග බෝකරලා යන්න ආපු මිනිස්සු. ඉහල පන්තියේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කල යුතුයි.
ඔව් කතාව ඇත්ත...දැන් එන ගොඩක් ටුවරිස්ට්ලා ඉන්ටෙර්නෙට් එකෙන් ඔක්කොම විස්තර බලලා අපිට වඩා රට ගැන දැනුවත් වෙලා එන්නෙ.. බස්.කෝච්චි වගේ දේවල් තමා ප්‍රවාහනයට පාවිච්චි කරන්නෙ ගොඩක් අය..වියදම් කරන්නෙ නෑ ඉස්සර වගේ.
එතකොට ඉහළ පැලැන්තියේ අය ඇවිල්ලා කරන්නේ මොනවද?? දන්නේ නැති නිසයි අහන්නේ....
ඉහළ පන්තියේ අය කරන්නේත් ඕක තමයි...
සංචාරකයින් පොදු ප්‍රවාහන සේවා, විශේෂයෙන් දුම්රිය, භාවිත කිරීම නැවැත්විමට නීති ගෙන ආ යුතුයි. නැත්නම් ඔවුන්ට වෙනම මැදිරි ඇති කළ යුතුයි.
ආ...........එතකොට ඔයා එයාලව කරේ තියන් යනවද ?
අන්න ඒක තමයි ප්‍රශ්නය. (ස)