IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකාවේ වඩාත් ගෞරවාදරයට ලක්වූ බැංකුව කොමර්ෂල්

සුප්‍රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වැනි ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ.

මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්‍ය කාර්යසාධනය, අවංකත්වය සහ දැක්ම අනුව බැංකුව සමස්තයක් ලෙස දෙවන ස්ථානයට පත්ව ඇත. මෙම වර්ගීකරණය සඳහා සලකා බැලූ කරුණු අතුරින් තවත් කරුණු 07 කින් බැංකුව සමස්තයක් ලෙස පළමු ආයතන 05 අතරට 2022 වසරේදී පත්ව තිබෙන අතර මූල්‍ය කාර්යසාධනය, ගුණාත්මක හැඟීම, කළමනාකරණ දැක්ම, අවංකත්වය, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය, දැක්ම, මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය මෙන්ම අර්බුද කළමනාකරණය ඇතුළු සලකා බැලූ කරුණු 09 ක් අතුරින් ඉහළම ස්ථානය ලබාගත් බැංකුව බවට ද මෙහිදී පත්වී තිබේ.     

මෙම ජයග්‍රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් මෙවැනි ගෞරවයක් ලබාගත්තේ කැපවීම, අවංකත්වය, යහ ක්‍රමවේද, ඉහළම ගුණාත්මක තත්ත්වය පවත්වාගැනීම සහ නිවැරදි දේ කිරීම තුළිනුයි. මේ අවස්ථාවේ රට තුළ තිබෙන අසීරු සමාජ සහ ආර්ථික වාතාවරණය තුළ වුවත් ‘ජාතික දැක්ම’ අනුව බැංකුව සමස්තයක් ලෙස සිව්වැනි ස්ථානයට පත්වී තිබෙනවා. මෙය බැංකුව විසින් භාවිතා කරන තිරසාර ව්‍යාපාරික ක්‍රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව තිබෙන ගැඹුරු අවබෝධය ඇතුළු ඉහළම ප්‍රමිති පවත්වාගෙන යාම වෙනුවෙන් බැංකුවේ කැපවීමට ලැබුණු සහතිකයක් ලෙස සඳහන් කළ හැකියි.’    

LMD අවධාරණය කර තිබෙන්නේ ගනුදෙනුකරුවන් පිළිබඳ අවධානය, ගනුදෙනුකරුවන් සමග ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් කොමර්ෂල් බැංකුව කොවිඩ් වසංගත සමයේදී කැපී පෙනෙන මෙහෙයුම් රඳවාගැනීමක් කිරීමට සමත්වී තිබෙන බවයි.

595



අදහස් (0)

ලංකාවේ වඩාත් ගෞරවාදරයට ලක්වූ බැංකුව කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site