- ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30 ක්
නිමල කොඩිතුවක්කු
තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහනේ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සැපයීම සඳහා වන උපදේශන සේවා ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන යටතේ දඹුල්ල (සීගිරිය) සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, තෝරා ගත් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ආශ්‍රිත යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම යන කාර්යයන් කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා උපදේශන ආයතන 15 ක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමෙන් අනතුරුව, ආයතන 06 ක් වෙතින් යෝජනා කැඳවා ඇත. ඒ අනුව, යෝජනා 05 ක් ඉදිරිපත් වී ඇති අතර, එකී යෝජනා M/s Resources Development Consultants (Pvt) Ltd (Sri Lanka), in association with M/s Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd (Sri Lanka) වෙත එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 173.86ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම අමාක්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd