මහජන බැංකුවේ නව සභාපති චන්දන ගුණියන්ගොඩ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්, මහා විහාර වාංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන්, මහා විහාර වාංශික ස්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරත්න මහනාහිමිපාණන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද අනුනාහිමිපාණන්   වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
මේ අවස්ථාවට මහජන බැංකුවේ හිටපු සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු, ප‍්‍රාදේශිය කළමනාකාර නලින් පොත්තේවෙල, මහනුවර අධි ශ්‍රේණි ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප‍්‍රසන්න කරුණාරත්න, ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල යන මහත්වරුද සහභාගි වූහ.