
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මගින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ පසුගිය අදියර දෙකම බෙහෙවින් සාර්ථක වූ අතර, මෙවරත් දේශීය හා ජාත්‍යන්තර මැරතන් ධාවකයන්, සමාගම් නියෝජනය කරන කණ්ඩායම් සහ ශරීර සුවතාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව දායක වීම, ක්‍රියාශීලී ජීවන රටාවක වැදගත්කම පෙන්වා දීම සහ ප්‍රජා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී අවකාශයක් බවට පත් වනු නිසැකය. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ක්‍රීඩා සංචාරක කර්මාන්තයට උත්තේජනයක් වනු අතර, ඒ ඔස්සේ හෝටල්, පාරිභෝගික වෙළෙඳාම්, ප්‍රවාහන සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසකටද ප්‍රතිලාභ හිමි වනු ඇත.
මෙවැනි වැඩසටහන් ඔස්සේ ප්‍රජාව සමග අර්ථවත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටා ප්‍රවර්ධනය කිරීමටත් Janashakthi Life සෑමවිටම උත්සාහ කරයි.
ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක් වන මෙතුළින් ආයතනික සහ පුරවැසි සහභාගීත්වය හා සහයෝගීත්වය උදෙසා නව අවස්ථා රාශියක් නිර්මාණය වනු ඇත.
ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පසුගිය වසරේ පැවති තරගයෙන් ලැබුණු ආදායම ඔස්සේ පාසල් සහ ළමා නිවාස සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩසටහනක් ඇතුළු තිරසාර ප්‍රජා සංවර්ධන වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාවට නංවන ලදී. එම වැඩසටහන යටතේ, දිවයින පුරා දුෂ්කර පාසල් සහ ළමා නිවාස සඳහා Reverse Osmosis ජල පෙරහන් පද්ධති 54 ක් ලබාදීමට එම සංගමය කටයුතු යොදා ඇති අතර, ඒ අතරින් පද්ධති 5 ක් සඳහා Janashakthi Life සමාගම දායකත්වය ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd