කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය – එස්.ඒ.වයි. ද සිල්වා


දිළිඳුකම තුරන් කරමින් ජන ජීවිත සවිබල ගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය යටතේ බලපිටිය කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් දොළහක හතළිස් දෙනකුට ස්වයංරැකියා පුළුල් කරගැනීමට අධිවේගී මහන මැෂින් බෙදා දීමේ උත්සවයක් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ හසාරා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අදීෂ සම්පත්, බලපිටිය ප්‍රාදේශීය ලේකම් ශාලිකා නිල්මිණි, සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා ටයිනි ටර්නිෂා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.