
BMW රථයක හිමිකරුවකු වීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට DFCC බැංකුව සහ Mels Automobiles (Pvt) Ltd අතර ඇති කරගත් නව උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා, නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟින් සුවිශේෂී සේවා සහ වගකීම් සම්බන්ධ ප්‍රතිලාභ අත්විඳීමට දැන් අවස්ථාව උදා වී තිබේ.
දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 2026 නොවැම්බර් 5 වන දින අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමකින් මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් තහවුරු කෙරිණි. ශ්‍රී ලංකාවේ බලයලත් BMW අලෙවි නියෝජිතයා බවට පත්වීමෙන් පසු Mels Automobiles සමාගම ඇති කරගත් ප්‍රථම බැංකු හවුල්කාරිත්වය මෙය වන අතර, DFCC බැංකුව එහි ආරම්භක බැංකු සහකරු බවට පත් වේ.
මෙම සහයෝගීතාවෙන් DFCC බැංකුවේ මූල්‍ය විශේෂඥතාව සහ Mels Automobiles සමාගමේ උසස් මට්ටමේ මෝටර් රථ සහ අලෙවියෙන් පසු සේවා හැකියාව ඒකාබද්ධ කෙරේ. ඒ ඔස්සේ රථයක් තෝරා ගැනීම සහ මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ සිට නඩත්තු කටයුතු සහ දිගුකාලීන හිමිකාරීත්වය දක්වා වඩාත් පහසු හා ඒකාබද්ධ අත්දැකීමක් පාරිභෝගිකයන්ට හිමි වේ.
මෙම හවුල්කාරිත්වය යටතේ, සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට ණය ඇගයීමට සහ අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත්ව, තරගකාරී පොලී අනුපාත යටතේ වසර හතක් (7) දක්වා වූ ආපසු ගෙවීමේ කාලසීමාවන් සහිත DFCC ක් ලීසිං පහසුකම් ලබා ගත හැකිය.
ඊට අමතරව, DFCC බැංකුව හරහා මූල්‍ය පහසුකම් සලසා ගන්නා පාරිභෝගිකයන්ට අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත් Mels Automobiles වෙතින් නොමිලේ සේවා වාර තුනක් සහ අමතර වසර දෙකක වගකීම් කාලයක් හිමි වන අතර, එමගින් මුළු වගකීම් කාලසීමාව තවදුරටත් දීර්ඝ වේ. Mels Automobiles හරහා BMW රථයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන සහ සුදුසුකම් ලබන පාරිභෝගිකයන් සඳහා මෙම මූල්‍ය සේවා පහසුකම් හඳුන්වා දී ඇත.
මෙම නව සහයෝගීතාව හඳුන්වා දීම වෙනුවෙන්, DFCC බැංකුව සිය DFCC Pinnacle පාරිභෝගිකයන්ට නව BMW 7 Series රථයේ සුවිශේෂී පෞද්ගලිකවම අත්දැකීමක් (exclusive private preview) ලබාගැනීම සඳහා ආරාධනා කරන ලදි. සුහදශීලී හා පෞද්ගලික වටපිටාවක් තුළ මෙම සුඛෝපභෝගී සෙඩාන් රථය අත්විඳීමටත්, මෙම හවුල්කාරිත්වය හරහා ලැබෙන මූල්‍ය සහ හිමිකාරීත්ව ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමටත් එහිදී ආරාධිතයන්ට අවස්ථාව සැලසිණි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “බොහෝ පාරිභෝගිකයන්ට BMW රථයක හිමිකරුවකු වීම යනු වසර ගණනාවක අපේක්ෂාවක් සහ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස පිළිබිඹු කරන්නකි. එම අපේක්ෂාව කරා යන මූල්‍ය ගමන් මග වඩාත් සැලසුම්සහගත, නම්‍යශීලී සහ විශ්වාසදායක ලෙස ලබාදීම අපගේ කාර්යභාරයයි. DFCC බැංකුවේ මූල්‍ය විශේෂඥතාව සහ Mels Automobiles පිරිනමන උසස් මෝටර් රථ අත්දැකීම ඒකාබද්ධ කිරීමෙන්, සන්නාම දෙකෙන්ම පාරිභෝගිකයන් අපේක්ෂා කරන ගුණාත්මකභාවය සහ විශ්වාසය පිළිබිඹු කරන හිමිකාරීත්ව ගමන් මගක් අපි නිර්මාණය කරන්නෙමු.”
Mels Automobiles (Pvt) Ltd. හි ප්‍රධාන විධායක නිලධාරී අනුෂ්ක පොලොන්ඕවිට මහතා අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “ඔබ BMW රථයක් තෝරා ගන්නා විට, ඔබ තෝරා ගන්නේ ඒ පිටුපස සිටින කණ්ඩායම සහ ආයතනයයි. Melstacorp සමූහයේ කොටසක් ලෙස Mels Automobiles සෑම පාරිභෝගිකයකුටම එම ස්ථාවරත්වය ලබා දෙන අතර, DFCC බැංකුව සමග ඇති කරගත් අපගේ ප්‍රථම බැංකු හවුල්කාරිත්වය සහ එම විශ්වාසය, රථය මිලදී ගැනීමේ ක්‍රියාවලිය දක්වාම රැගෙන යයි. නම්‍යශීලී මූල්‍ය පහසුකම්, නියම ප්‍රමිතියෙන් යුත් රථවාහන, බලයලත් අලෙවියෙන් පසු සේවාව සහ දීර්ඝ කළ වගකීම් කාලය යන සියල්ල එක්ව, පාරිභෝගිකයන් සිය රථය භාර ගන්නා දිනයෙන් ඔබ්බටත් ඔවුන්ට අඛණ්ඩව සේවය සැලසීමේ පොරොන්දුවක් ලබා දෙයි. මෙය ලංකාව තුළ BMW සඳහා ඇරඹෙන නව පරිච්ඡේදයක පළමු පියවර වන අතර, අපගේ පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් සමග එක්ව එය ගොඩනැගීමට අපි අපේක්ෂා කරමු.”
Melstacorp PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Mels Automobiles , ශ්‍රී ලංකාවේ BMW රථවාහන සඳහා බලයලත් ආනයනකරු සහ අලෙවි නියෝජිතයා වේ. නව BMW රථවාහන ආනයනය කිරීම, අලෙවි කිරීම සහ බෙදා හැරීම මෙන්ම නියම BMW අමතර කොටස් සහ බලයලත් අලෙවියෙන් පසු සේවා සැපයීම ද එහි මෙහෙයුම්වලට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd