
ඩයලොග් ආසිආටා පීඑල්සී හි, AI විසඳුම් අංශයේ සහකාර නිර්මාණ ශිල්පී, නුෂාන් රාජපක්ෂ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි, සමූහ අවදානම්, අනුකූලතා සහ තිරසාරත්ව අංශයේ ඩිජිටල් නවෝත්පාදන සහ අන්තර්කරණ කළමනාකාර තරුෂ වනිගසේකර මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි, සමූහ ප්‍රධාන ආයතනික නිලධාරි, අසංග ප්‍රියදර්ශන මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ස්ටෙප්නි ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සහ මීගමුව ධීවර වරායේ වරාය කළමනාකාර හර්ෂනාත් ජයසිංහ මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මහ සයුර හා පොර බදමින් ජීවිකාව සරි කරන ධීවර ප්‍රජාවට අත්වැල් සපයන, ශ්‍රී ලංකාවේ ප්‍රථම, AI තාක්ෂණයෙන් බලගැන්වූ ධීවර උපදෙස් ඇමතුම් සේවාව, Sayuru AI දියත් කරන ලදී. මෙම නවතම සේවාව හරහා දැන් මෙරට ධීවර කර්මාන්තයේ මෙන්ම, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත පිරිසට, ඕනෑම ජංගම දුරකතනයකින් 828 අංකය අමතා, මුහුදු ගමන්වලදී වැදගත් වන කාලගුණ අනාවැකි, හදිසි දැනුම්දීම් ඇතුළු අනෙකුත් තොරතුරු මෙන්ම, මත්ස්‍ය වගා උපදෙස් භාෂා තුනෙන්ම ලබාගත හැකි වේ. ශ්‍රී ලාංකීය ජන ජීවිත, ඩිජිටල් තාක්ෂණයෙන් සරුසාර කිරීමේ අපේක්ෂා පෙරදැරිව, ඩයලොග් මෙරට ධීවර ක්ෂේත්රය වෙනුවෙන් දියත් කරන මෙම සේවාවෙන්, මුහුදු ගමන් අතරතුර ජීවිත ආරක්ෂා කරගැනීමට උපකාරී වන තීරණ ගැනීමට ධීවරයින් තොරතුරුවලින් දැනුවත් කරන අතරම, සියලු ශ්‍රී ලාංකිකයන් ඇතුළත් කර ගැනෙන, ඩිජිටල් ප්රගමනය කරා ඔවුන් රැගෙන යාම අපේක්ෂාවයි.
ධීවර ප්‍රජාවේ සුබ සිද්ධිය උදෙසා ඩයලොග් මින් පෙර දියත් කළ සයුරු IVR සේවාව තවත් එක් පියවරක් ලෙසින්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතිව ධීවර ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය කරන ලද Sayuru AI එළි දැක්වීම, ලෝක ධීවර දිනය වන නොවැම්බර් 21 වැනිදා සිදුකෙරිණි. මෙම AI තාක්ෂණයෙන් බලගැන්වූ මෙම ධීවර උපදෙස් ඇමතුම් සේවාවෙන්, ධිවරයන්ට දවසේ ඕනෑම වේලාවක, සාමාන්‍ය දුරකතන ඇමතුමක් මෙන් කතාකර, පහසුවෙන් තොරතුරු අසා දැනගත හැකිවීම විශේෂත්වයකි. මෙම සේවාව හරහා මහ මුහුදේ කාලගුණ අනාවැකි, මුහුදු ගමන්වලදී ආරක්ෂාව සඳහා බලපාන කරුණු හා ධීවර කර්මාන්තයට වැදගත් තොරතුරු පමණක් නොව, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත පිරිසට අවශ්‍ය තොරතුරු, උපදෙස් හා මග පෙන්වීම් පහසුවෙන් ලබාගත හැක.
ධීවරයන්ට තම සාමාන්‍ය ජංගම දුරකතනයෙන් අමතා උපදෙස් ලබාගත හැකි, Sayuru AI ධීවර ජනතාවට අවශ්‍ය තොරතුරුවලින් ඔවුන් සන්නද්ධ කරයි. මෙරට ධීවර ක්ෂේත්රයේ අඩුවක්ව පවතින තොරතුරු පරතරය පියවීමටද ප්‍රබල දායකත්වයක් ලබාදෙන මෙම නවතම සේවාව, දැනට පවතින Sayuru IVR සේවාවේම තවත් වර්ධනීය පියවරක් වන අතර, ශ්‍රී ලාංකීය ධීවර ජනතාව ඒකරාශි කරගත් Sayuru මොබයිල් app එකද විශේෂාංග රැසක් සමගින් ක්‍රියාත්මක වේ. එබැවින්, මෙම නවතම සේවාව එළිදැක්වීමත් සමගින්, මෙරට ධීවර ජනතාවට තමන්ට වඩාත් හුරුපුරුදු සේවාවක් හරහා තොරතුරු රැසක් වෙත පිවිසීමට ඉඩකඩ සැලසී තිබේ.
Sayuru AI නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව පසුගියදා පැවැත්වුණේ, ධීවර ක්ෂේත්රයට සම්බන්ධ ආයතන සහ රජයේ ආයතන නියෝජිතයන්ගේද, ධීවර ක්ෂේත්රයේ පාර්ශවකරුවන්ගේ මෙන්ම, ධීවර ප්‍රජාව නියෝජනය කරමින් එක්ව සිටි පිරිසගේද සහභාගිත්වයෙනි. එම උළෙලේදී, මුහුදු ගමන්වල නිරත ධීවරයන්ට මුහුදු ගමන්වලට පෙර කල්පනාකාරී තීරණ ගැනීම සඳහා ඔවුන් තොරතුරුවලින් සන්නද්ධ කිරීමට AI තාක්ෂණය පදනම් කරගත් ඇමතුම් සේවාවෙන් ඉටුකෙරෙන කාර්ය භාරයද විදහා දක්වන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙසේයි. “ධීවර පවුල්වලට වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් ධීවර කර්මාන්තයෙන් ඉටුවන කාර්යභාරය වැදගත්. ධීවර ජනතාවට කාලීන වශයෙන් වැදගත්, නිවැරදි තොරතුරු ඉක්මනින් ලැබීම, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමටත්, ධීවර ක්ෂේත්රයේ තිරසාර සංවර්ධනයටත් බලපාන කාරණයක්. Sayuru AI වැනි සේවාවන් තුළින් රජය හා පෞද්ගලික අංශය අතර සහයෝගීතාවෙන්, එවැනි අත්‍යවශ්‍ය තොරතුරු සේවා ධීවර ප්‍රජාවට ලබාදීමටත්, තාක්ෂණික දියුණුවේ ප්රතිලාභ තුළින් ධීවර සවිබල ගන්වමින්, තාක්ෂණික දියුණුව රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමටත් හැකියාව ලැබෙනවා. ධීවර ක්ෂේත්රයේ සම්ප්‍රදායික ක්‍රමවේද ඉක්මවා, නවීන තාක්ෂණයෙන් හා දැනුමෙන් පිරුණු ක්ෂේත්රයක් විදිහට නවතම පරිවර්තනීය යුගයක් ආරම්භ කිරීමටත් මෙම සේවාව ඉවහල් වෙනවා. ඒ අනුව, ධීවර ක්ෂේත්රය ශක්තිමත් හා කාර්යක්ෂම ක්ෂේත්රයක් වනු ඇති බව මගේ අදහසයි.”
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ඒ.එල්.කේ. විජේමන්නගේ මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවගේ ආරක්ෂාවට වගේම ඔවුන්ගේ ජීවනෝපාය සඳහාත්, නියමිත වේලාවට ලැබෙන නිවැරදි කාලගුණ තොරතුරු ඉතාම වැදගත්. ‘සයුරු‘ සමඟ පවත්වාගෙන යන සහයෝගිතාවෙන්, මේ වැදගත් සාගර කාලගුණ තොරතුරු සහ හදිසි දැනුම්දීම්, එම සේවා අත්‍යවශ්‍ය ධීවරයන් වෙත සෘජුවම ලබාදීමට අපිට හැකි වුණා. දැන් මේ සේවාවට AI තාක්ෂණය එක් කිරීමත් සමඟ, ධීවරයන්ට හුරුපුරුදු සාමාන්‍ය දුරකතන ඇමතුමක් හරහා කතාකරන ආකාරයට, මේ තොරතුරු තවත් පහසුවෙන් ලබාදෙමින්, ධීවර ප්‍රජාවට ඊටත් වඩාත් හොඳ සේවාවක් සැලසීමට අපිට අවස්ථාව උදා වී තිබෙනවා. ධීවර ප්‍රජාවට වඩාත් නිවැරදි තීරණ ගන්නත්, මුහුදේදී වඩාත් ආරක්ෂිතව කටයුතු කරන්නත් උදව් වෙන විදිහට, Sayuru AI සේවාවට අවශ්‍ය කාලගුණ තොරතුරු සහ අනතුරු ඇඟවීම්, අපි අඛණ්ඩව නියමිත වේලාවට ලබා දෙනවා.”
ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී, අසංග ප්‍රියදර්ශන මෙසේ අදහස් දැක්වීය. “ඩයලොග් ආයතනයේ අපි විශ්වාස කරන්නේ, AI තාක්ෂණයේ සැබෑ වටිනාකම ඇත්තේ සැබෑ ජනතා ගැටලුවලට අර්ථවත් බලපෑමක් ඇති කරන විසඳුම් ලබාදීමේ හැකියාව තුළ බවයි. වසර හයකට පෙර සයුරු සේවාව දියත් කළ දා පටන්ම, ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවට වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව, නවතම විශේෂාංග හා සේවා රාශියක් එක්කරමින් එම සේවාව පුළුල් කිරීමට අපිට හැකියාව ලැබුණා. AI අනුවාදය ඒ ගමන්මඟේ තවත් සුවිශේෂී පියවරක්. ක්ෂේත්රයේ විශ්වසනීය දැනුම, ඇමතුම් සේවාවක පහසුව සහ AI තාක්ෂණයේ හැකියාව ඒකාබද්ධ කරමින්, දිනපතා තොරතුරු දැනගැනීමට අවශ්‍ය ධීවර ප්‍රජාවට එම තොරතුරු වඩාත් පහසුවෙන් ලබාදීමට අපි කටයුතු කළා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන දැක්ම සාක්ෂාත් කරගනිමින් කටයුතු කරන වර්තමානයේ, අපි, ලංකාවේ කර්මාන්ත ශක්තිමත් කරමින්, රටේ දියුණුවට දායක වන නවෝත්පාදන බිහි කිරීමට අඛණ්ඩව කටයුතු කරනවා.”
Sayuru AI සේවාවේ ව්‍යාප්තිය මෙලෙසින් සනිටුහන් වීමත් සමග ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට අත්‍යවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ශක්තිමත් කරමින්, මුහුදු ගමන් අතරතුරු ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සැලසෙන තීරණ ගැනීමට ඔවුන්ට මගපෙන්වීමටත්, ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ශක්තිමත් ධීවර ක්ෂේත්රයක් ගොඩනැගීමටත් මෙම සේවාවට ඇති හැකියාව තවදුරටත් පුළුල් වේ. Sayuru AI සේවාව හා සම්බන්ධ වීමට, ඕනෑම ඩයලොග් ජංගම දුරකතන සබඳතාවකින් 828 ඇමතීමෙන්, සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්, ඔබ කැමති භාෂාවකින් සේවාව ලබාගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd