කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය – එස්.ඒ.වයි. ද සිල්වා


 ප්‍රජා ශක්ති ජීවනෝපාය වැඩසටහන යටතේ හික්කඩුව මලවැන්න ප්‍රගති ගොවි සමිතියේ සාමාජිකයන්ට මී මැසි ජනපද ඇති කිරීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් මලවැන්නේ දී පැවැත්විණි.

අහංගම බිඟු‍සර ආයතනයේ ප්‍රසංග මලිත් සහ ඉන්දික යන මහත්වරු මෙම දැනුම්වත් කිරීම සිදු කළහ. 

මී මැසි ජනපද ඇති කිරීමට අවශ්‍ය උපකරණ, මී මැසි ජනපද, ආරක්ෂිත ඇඳුම් කට්ටල ආදිය ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.

මේ අවස්ථාවට රජ්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී දිස්නා තුෂාරි ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.