

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව පියවරක් තබමින් රුසියානු, හින්දි සහ ප්‍රංශ භාෂා විශේෂ පුහුණු වැඩසටහනක් රුහුණු සංචාරක කාර්යාංශය විසින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් මේ නවමු සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණු අතර එම වැඩසටහන වඩාත් පලදායි කිරීමට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වීන්දර් සින්හ්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ කොන්සල් සහ Russian House in Colombo අධ්‍යක්ෂිකා මරියා එල් පපෝවාල Alliance Française de Matara සහ Annex of Galle හි අධ්‍යක්ෂ එරංග සිටුගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මේ අවස්ථාවේදී රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා අදහස් දක්වමින් මේ නවමු වැඩසටහන හුදෙක් භාෂා පාඨමාලාවක් නොව දකුණු පළාත ලෝකය නියෝජනය කරන මානව සම්පත වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් බව පැවසීය.
ලංකාව වැඩිවන සංචාරක පැමිණීම් සහ සංචාරක ඉලක්ක සාර්ථකව ළඟා කරගනිමින් සිටින අවස්ථාවක මීළඟ වගකීම වන්නේ සෑම සංචාරකයකුටම වෘත්තීයමය, උණුසුම් සහ අමතක නොවන අත්දැකීමක් ලබාදීම බවද මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.
සංචාරකයකුගේ මව් භාෂාවෙන් සන්නිවේදනය කිරීම ඔවුන් තුළ සුවපහසුව, විශ්වාසය සහ සැබෑ සම්බන්ධතාවක් ගොඩනගන බවද ජයාන් ගොඩකන්ද මහතා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජයාන් ගොඩකන්ද මහතා මෙසේ ද කීවේය.
අපගේ විශාලතම සංචාරක සම්පත අපගේ ජනතාවයි” ගමනාන්ත සංවර්ධනය, යටිතල පහසුකම්, සංචාරක පහසුකම්, වෘත්තීය ආචාරධර්ම සහ දැනුවත්භාවය වර්ධනය කිරීම සමගම දැනුමෙන්, කුසලතාවෙන් සහ වෘත්තීයභාවයෙන් සන්නද්ධ මානව සම්පතක් ගොඩනැගීම තිරසර සංචාරක කර්මාන්තයක මූලික පදනමයි. ජාත්‍යන්තර සංචාරක වෙළෙඳපොළ සමග වඩාත් ශක්තිමත් සබඳතා ගොඩනගමින්, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්ගේ විශ්වාසය, වෘත්තීයභාවය සහ සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙය Ruhunu Next Gen Tourism School Clubs වැඩසටහන ඔස්සේ දකුණු පළාතේ අනාගත සංචාරක නායකත්වයක් බිහිකිරීමේ පුළුල් දැක්මේ තවත් වැදගත් පියවරක් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතම ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සමන් ජයසේකර, ප්‍රධාන අමාත්‍යාංශ සහකාර ලේකම් ප්‍රතිභා අමරසිංහ, රුහුණු සංචාරක කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, පුහුණුකරුවන්, කාර්යාංශ නිලධාරීන් සහ පුහුණුලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
උනන්දුවක් දක්වන අයට තවදුරටත් මෙම නොමිලේ භාෂා පුහුණු වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd