කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඊශ්‍රායලය ඇතුළු රටවලට ශ්‍රමිකයකු ලෙස මෙරටින් යාමට අපේක්ෂාවෙන් සිටින අයට විධිමත් කර්මාන්ත පුහුණුවක් ලබාදීමේ ආයතනයක් ලෙස සම්මාන දිනාගත් කරන්දෙණිය ඌරගස්මංහන්දිය CSTI බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ තුන් වැනි ශාඛාව ඉකුත්දා ගාල්ල නගර මධ්‍යයේදී විවෘත කෙරිණ.
මේ නව මධ්‍යස්ථානය Golden Housekeeping Training Center නමින් නම් කර ඇති අතර එය විවෘත කිරීම ඌරගස්මංහන්දිය CSTI බියුරෝ ජාත්‍යන්තර පුහුණු කිරීමේ ඇකඩමියේ සභාපති හා විධායක අධ්‍යක්ෂ සමන් ප්‍රියන්ත විජේවික්‍රම, සාමාන්‍යාධිකාරී නුවන්ත මෙන්ඩිස් ප්‍රධාන අධ්‍යක්ෂිකා ජයනි අංජලා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මීට දින කිහිපයකට පෙර CSTI බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ පළමු ශාඛාව ඇඹිලිපිටියේදී විවෘත කෙරිණි.
මේ ආකාරයට රට පුරාම සිය ශාඛා විවෘත කිරීමට තමන්ගේ අපේක්ෂාව බව CSTI බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd