
සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දියුණු කරන ප්‍රංශයේ විද්‍යාත්මක හා උසස් තාක්ෂණික සමාගමක් වන Syntetica වෙත ප්‍රමුඛ පෙළේ තාක්ෂණය සඳහා අායෝජනය කරනු ලබන ආයතන සහ ප්‍රකට ඇඟලුම් සන්නාමවලින් ඇමරිකානු ඩොලර් මිලියන 30ක පළමු පෙළ (Series A) ආයෝජනයක් හිමි වූ බව සමාගම නිවේදනය කර ඇත.
මෙම ආයෝජනය මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ රජය වෙනුවෙන් Bpifrance ආයතනය ක්‍රියාත්මක කරන Ecotechnologies 2 අරමුදල විසිනි. මේ සඳහා SWEN Capital Partners” Lululemon” MAS Holdings සහ දැනටමත් මෙහි ආයෝජනය කර ඇති EQT Ventures දායක විය. එමෙන්ම Peugeot” Etam සහ Indorama Venture හි ප්‍රධාන කොටස්කරුට අයත් ආයෝජන සමාගම් ද මීට එක්විය. මීට අමතරව, Bpifrance (ප්‍රංශ රජයේ මහජන ආයෝජන බැංකුව) සහ යුරෝපීය නවෝත්පාදන කවුන්සිලය ඇතුළු මහජන ආයතනවල සහයෝගය ද මෙම අරමුදලට ලැබී තිබේ.
මිශ්‍ර රෙදිපිළි අපද්‍රව්‍යවල ඇති Nylon 6 සහ Nylon 6,6 යන වර්ග දෙකම එකම ක්‍රියාවලියක් යටතේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සුවිශේෂී තාක්ෂණයක් Syntetica සමාගම විසින් වැඩිදියුණු කර ඇත. භාවිතයෙන් පසු ඉවතලන නයිලෝන් විශාල පරිමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේදී මුහුණ දුන් ප්‍රධානතම තාක්ෂණික අභියෝගය වූයේ, මෙම විවිධ නයිලෝන් වර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන වෙන් කිරීමට සිදු වීමයි.
Textile Exchange ආයතනයේ Materials Market Report අනුව, 2024 වසරේදී ලෝකයේ සමස්ත නයිලෝන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 7ක් පමණ විය. කෙසේ වෙතත් නැවත නැවත භාවිත කළ හැකි අමුද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම ඉහළ ගියද, භාවිතයෙන් පසු ඉවතලන රෙදිපිළි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පවතින තාක්ෂණික අභියෝග හේතුවෙන්, සමස්ත නයිලෝන් වෙළෙඳපොළෙන් ප්‍රතිචක්‍රීයකරණය කළ නයිලෝන් සඳහා හිමිවන්නේ සියයට 2ක් වැනි සුළු ප්‍රතිශතයකි. වර්තමානයේ නිවෙස්වලින් බැහැර කරන රෙදිපිළි අපද්‍රව්‍යවලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් පුලුස්සා දැමීම, විවෘත ගොඩබිම්වලට බැහැර කිරීම හෝ පරිසරයට මුදා හැරීම සිදු කෙරේ. මින් මනාව පැහැදිලි වන්නේ සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍යවලින් වටිනා අමුද්‍රව්‍ය නැවත ලබාගත හැකි මෙවැනි තාක්ෂණයෙහි පවතින දැඩි අවශ්‍යතාවයි.
Syntetica සමාගමේ මෙම තාක්ෂණය, ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය පුළුල් කිරීමට තිබූ ප්‍රධානතම අභියෝගයක් ජය ගැනීමට සමත්ව ඇති අතර, එමගින් ඇඟලුම් කර්මාන්තයෙන් පිටවන නයිලෝන් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මග පාදයි. නැවත නැවත භාවිත කළ හැකි අමුද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, Syntetica සමාගම මේ වන විටත් Victoria’s Secret සහ Etam ඇතුළු ලොව ප්‍රකට සන්නාම මෙන්ම තවත් ජාත්‍යන්තර ඇඟලුම් සමාගම් රැසක් සමග එක්ව කටයුතු කරමින් සිටී.
මෙම ආයෝජනය ප්‍රංශයේ පිහිටි Syntetica සමාගමේ ප්‍රථම වාණිජ මට්ටමේ පරීක්ෂණ මධ්‍යස්ථානය සැලසුම් කිරීමට සහ ඉදිකිරීමට උපකාරී වනු ඇත. එමගින්, මෙම තාක්ෂණය පර්‌යේෂණාගාර මට්ටමින් ඔබ්බට ගොස් වසරකට රෙදිපිළි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් සිය ගණනක් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි මහා පරිමාණ කාර්මික නිෂ්පාදනයක් දක්වා සංවර්ධනය කිරීමට ඉලක්ක කරයි. මෙම පරීක්ෂණ කර්මාන්තශාලාව Clermont-Ferrandහි පිහිටි msysá Michelin සමාගමේ තිරසාර අමුද්‍රව්‍ය සඳහා වන මධ්‍යස්ථානය සමග ඇති කරගත් හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
විවිධ සන්නාම, නිෂ්පාදකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අපද්‍රව්‍ය අවම කිරීමට සහ අමුද්‍රව්‍ය සැපයුම්දාම ශක්තිමත් කිරීමට නව ක්‍රමවේද සොයමින් සිටින වටපිටාවක මෙම ආයෝජනය සිදු වීම විශේෂත්වයකි.කර්මාන්තශාලාවලින් ඉවතලන පිරිසුදු අපද්‍රව්‍ය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බොහෝ ප්‍රතිචක්‍රීයකරණ තාක්ෂණය මෙන් නොව, Syntetica සමාගමේ ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන් භාවිතයෙන් පසු බැහැර කරන රෙදිපිළි සඳහාය. මෙම පාරිභෝගික අපද්‍රව්‍ය සමස්ත රෙදිපිළි අපද්‍රව්‍යවලින් සියයට 80ක්ම වන බැවින්, එය ඇඟලුම් කර්මාන්තයේ මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති කදිම ප්‍රතිචක්‍රීයකරණ අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැකිය.
මෙමගින් යුරෝපය තුළ දැනටමත් පවතින අමුද්‍රව්‍ය කේන්ද්‍ර කරගනිමින් නව කාර්මික සැපයුම් දාමයන් ගොඩනැගීමට Syntetica සමාගමට අවස්ථාව උදාවෙයි. එමගින් පොසිල ඉන්ධන ඇසුරෙන් නිපදවන ආනයනික සම්පත් මත යැපීම අවම වන අතරම කලාපය පුරා නව නිෂ්පාදන යටිතල පහසුකම් දියුණු කිරීමටද ඉවහල් වෙයි. තවද සමාගමේ මූලික අවධානය නයිලෝන් කෙරෙහි යොමුව තිබුණද, කාලයත් සමග තම තාක්ෂණික පද්ධතිය වෙනත් අමුද්‍රව්‍ය සහ භාවිතයන් දක්වා ව්‍යාප්ත කිරීමට Syntetica සමාගම සැලසුම් කරයි. ඒ යටතේ රෙදිපිළි, මෝටර් රථ නිෂ්පාදන සහ සුවිශේෂී රසායනික ද්‍රව්‍ය යන ක්ෂේත්‍ර සඳහාද නව අවස්ථා උදාකර ගැනීමට අපේක්ෂා කෙරේ.
උපායමාර්ගික අමුද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කාර්මික හැකියාව නැංවීමට රජය දක්වන උනන්දුවත් සමග, Syntetica සමාගම සඳහා Bpifrance සහ යුරෝපීය නවෝත්පාදන කවුන්සිලය ඇතුළු ප්‍රංශ සහ යුරෝපීය මහජන අරමුදල්වල සහයෝගය ලැබී ඇත.
Syntetica සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Marco Bertone මහතා ප්‍රකාශ කළේ “මීට පෙර කර්මාන්තය විසින් ප්‍රයෝජනයක් ගත නොහැකි යැයි ඉවතලා තිබූ අපද්‍රව්‍යවලින් පවා ඉහළ වටිනාකමකින් යුතු අමුද්‍රව්‍ය නැවත ලබාගත හැකි බව අප ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. මෙම ආයෝජනයේ සහායෙන් අපගේ සාර්ථක විද්‍යාත්මක සොයාගැනීම් කාර්මික මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට මග පාදනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.
“රෙදිපිළි ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම ප්‍රතිචක්‍රීයකරණ අභියෝගයකට සාර්ථක විසඳුම් ලබා දීමට Syntetica සමාගම සමත්ව තිබෙනවා. අපගේ ආයෝජන උපායමාර්ගවලට අනුකූල වෙමින්, ප්‍රංශය තුළ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව පුළුල් කරන සමාගමේ මීළඟ අදියර සඳහා සහයෝගය දැක්වීමට ලැබීම අපට සතුටක්.” Bpifrance Green Venture හි ආයෝජන අධ්‍යක්ෂAlexandre Wagner මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd