කිරි ආනයනය නතර කිරීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් කිරි නිෂ්පාදනය තුන්ගුණයක් දක්වාවත් වැඩි කළ යුතු බව මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා කියයි. දැනට ශ්‍රී ලංකාවේ වාර්ෂික කිරි නිෂ්පාදන ප‍්‍රමාණය ලීටර පන්ලක්ෂ පණස්පන් දහසක් පමණ වේ. නිෂ්පාදනය වැඩි කිරීම අපහසු වී ඇත්තේ කිරි ගවයින්ට අවශ්‍ය තණ භූමි සපයා ගැනීමට අපහසු වීමත්,ගවයින්ගේ ආහාර වලට අධික මුදලක් වැය කිරීමට සිදුව තිබීමත් නිසා බව හෙතෙම පැවැසීය. මේ කරුණු සළකා බලා පශු කර්මාන්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ගොවීන්ට ඉඩම් ලබා දීමට වගකිව යුතු අංශ දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතැයිද,සත්ත්ව ආහාර නිශ්පාදනය කෙරෙන පොල්ගහවෙල පිහිටි කර්මාන්ත ශාලාවේ ආහාර නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට උපදෙස් දී ඇතැයිද ඔහු කීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පාරේ හැලුවට දඩුවම තමයි මේ. දැන් ඉතිං කිරි බීලත් අහවරයි. (නි)
අර හැටන් පාර පුරා කිරි දෝරේ ගැලුවේ මොකද එතකොට (ස)
පිටිකිරි බොන්නේ යුරෝපයේ රටවල ලෙඩ්ඩු නැත්නම් ශ්‍රීතකරණයක් නැති කෙනෙක් තමයි..!!(නු)
අපි දැක්කා කිරි බව්සර් වලින් අහකදමනවා (ස)
ඇයි මෙහෙම බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ? (නි)
තණ බිම් හදමු (දී)
අපේම ලස්සන කාන්තාවක් තමයි අපේ ජාතියට පිටි කිරි බොන්න පුරුදු කළේ. (නි)
එතකොට අතිරික්ත කිරි ඉවත දමන්න වෙනවා කියන කතාව මොකක්ද? පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවොත් නේද හොද. (නි)
දියර කිරි ප්‍රමාණය වැඩි කරන්න රජය පියවර ගන්නවා මදි. පිටිකිරි කියන්නේ ලෙඩ ගොඩක්. (නි)
අයියෝ සල්ලි
අනේ ඇයි? එහෙනම් කිරි අහක දන්නේ .නිකන් බොරු කියන්න එපා .ඉස්සෙලම MILCO එකේ ටැංකි වල දරිතාවය වැඩි කරන්න .ඊට පස්සේ දැන් කිරි එකතු කරන්නේ උදේ වරුවේ විතරනේ ,හවස් වරුවේත් එකතු කරන්න .එත කොට බලන්න කිරි නිෂ්පාදනය වැඩි වෙන්නේ නැද්ද කියලා .කිරි ගබඩා කිරීමේ පහසුකම වැඩි කරනවා වෙනුවට කරන්නේ වැඩකට නැති යන්ත්‍ර ලොකු කොමිස් කුට්ටියකට මෙහෙ ගෙනල්ල හයි කරලා ලංකාව නැති කරන එකනේ. (දී)
දිනපතා අපතේ දමන කිරි ලීටර් 60,000 ගැන කුමක් හෝ පියවරක් ගත් පසු ඉන්පසු අනෙක් දේවල් ගැන සිතිය හැකියි. (නි)
සමහරක් කරන වැඩ නිසායි අද සතුන් ආහාරයට ගන්න තණ බිම නැතිවී ගිහින් තිබෙන්නේ (අ)
පිදුරු හොද ආහාරයක් වෙනවා ගවයින්ට. ගිනි නොතියා උන්ට දෙන්න පුලුවන්නේ. (නි)
කොහොම වුණත් සමහර අය රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න කැමති නැහැ. (නි)
ඇත්තෝ කිරි බොති, නැත්තෝ විරිත්තති. (නි)
ක්‍රිකට් ගහන තණතීරු වල නඩත්තුවට වියදම් කරන මුදල් මේ ගවයින් සදහා ඇති තණ තීරු වල තණකොළ හිටවන්න යෙදෙවුවොත් හොද නැද්ද? (නි)
මම නම් මේකට එකග නැහැ. බලන්න අරාබියේ මිනිසුන් තණ බිම් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. http://www.valleyirrigation.com/page.aspx?id=13 (නි)
කවුද කියන්නේ ආනයනය සම්පුර්ණයෙන්ම නවත්වන්න කියලා? මෙතැන තියෙන්නේ තණකොළ ප්‍රශ්නය නොවෙයි. අපි කිරි බොන්න පුරුදු වෙලා තියෙන විදියෙ වැරැද්දක්. නවසීලන්තයෙ කිසිම කෙනෙක් පිටිකිරි බොන්නේ නැහැ.අනිත් එක කිරි පිටි කරනකොට, ස්වභාවික මේදය අයින් කරලා වෙනත් තෙල් වර්ග කෘතිමව එකතු කරන බව දන්නේ අපේ කිහිප දෙනෙක් විතරයි. ඇයි මේ කිරි බිව්වහම මහත් වෙන්නේ කියලා කෙනෙක් හිතුවා නම් උත්තරය එතැනයි. තණ භූමි වවනවාට වඩා රජය මේ ගැන මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් කළා නම් ඉදිරියට සෞඛ්‍යය වෙනුවෙන් වැය කරන මුදල් අඩු කරගන්න පුළුවන් වේවි. (නි)
ඇයි තණ බිම් වගා කරන්න බැරිද? (නි)
මෙහෙම වෙලා තියෙන්නේ නිසි සැළසුමක් සහ ප්‍රතිපත්තියක් නැති නිසයි. (නි)
මිල්කෝ සමාගම රුපියල් මිලියන 750කට ගෙනාපු කිරි සාදන යන්තර දෝෂ සහිත ඒවා නිසා කිරි බවුසර පිටින් ඉවත් කරනවා කියන්නේ ඇත්තද?(නු)
කිරි පාරවල් වල හැළිමේ විපාකය තමයි මේ........ (නි)
පාරේ හළපු කිරි වල විපාක තමයි ඔය ගෙවන්නේ. හොද වැඩේ. (නි)
ඇයි එකපාරකුත් කිරි විකුණගන්න බැහැ කියලා පාරේ හැළුවනේ.... (නි)
කිරි ටික අපතේ යවනවා කියලා කතාවක් තියෙනවා. ඇමති තුමනි,කිරි නිශ්පාදකයන්ට මාස ගණනක මුදල් ගෙවා නැතැයි කියලත් කියනවා. කිරි නිශ්පාදකයන් වෙනුවෙන් මේ ටිකත් සොයා බලන්න. (නි)
අපි හිතුවේ මේවා හුගක් කට්ටිය කනවා ඇති කියලයි. (නි)