IMG-LOGO

ආයෝජන මණ්ඩලයේ සභාපති හම්බන්තොට වරායේ සංචාරයක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ  පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි (HIP) නිල සංචාරයක නිරතවිය. HIP විසින් මුහුණ දෙන නොයෙකුත් ගැටලු සඳහා විසඳුම් සෙවීමට මෙන්ම වරාය සේවා පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ විය.

සභාපතිවරයා සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසට, වරාය පිළිබඳ දළ විශ්ලේෂණයක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලදි.

HIPG විසින් ලබා ඇති සමස්ත ව්‍යාපාරික ප්‍රගතිය සහ රට වෙත ගෙන රැගෙන ආ ප්‍රධාන සෘජු විදෙස් ආයෝජන සාකච්ජාවට භාජන විය. වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කාර්මික උද්‍යානය සහ සමෝධාන කාර්ය උපාය වැනි ව්‍යාපාර දියුණු කිරීමේ දී  HIPG මුහුණ දෙන අභියෝගද දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි. වරාය මගින් මෙහෙයවනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ මධ්‍යස්ථානය, හෝප් ගම්මානය, අලි-මිනිස් සාමයට මුලපිරීම සහ නිපුණතා-පුහුණුවීම් තුළින් දකුණු පළාතේ නිර්මාණය කර ඇති රැකියා අවස්ථා වැනි සමාජ වගකීම් ව්‍යාපෘති පිළිබඳව ද නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

HIPG හි ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, වරාය සේවාවල සහ කර්මාන්ත උද්‍යානයේ උපායමාර්ගික හවුල්කරුවන් වන ජාත්‍යන්තර ආයෝජකයන් සහ ක්‍රියාකරුවන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන්, ආයෝජන මණ්ඩලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. “හම්බන්තොට වරායේ සිදු කරන ලද ආයෝජනවල ප්‍රතිලාභ ආයෝජකයන්ට භුක්ති විඳීම සඳහා සුමට ක්‍රියාවලියක් සහතික කිරීම මෙන්ම HIPG හි මූලික ගැටලු තීර්ණාත්මකව විසඳීමටද සභාපතිවරයා සහ නියෝජිත පිරිස එකඟ වුණා. අදාළ රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ආයෝජන මණ්ඩලය ලබාදුන් සහයෝගය අපි බෙහෙවින් අගය කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් වන HIPG ඇතුළු අනෙකුත් ආයෝජකයින්ට සහායවීමයි. වරාය සේවා, කර්මාන්තපුරය, බලශක්ති සේවා පර්යන්තය තුළ සිදු කරන සියලු‍ම කාර්යයන් සහ ඔවුන් මුහුණ දෙන වත්මන් දුෂ්කරතා සහ ගැටලු පිළිබඳ අප ඉතා බැරෑරුම් ලෙස සාකච්ජා කළා. සියලුම ගැටලු විවේචනාත්මකව ඇගයීමට ලක් කර, HIPG සමඟ ඒ පිළිබඳව සාකච්ජා කිරීමට අප බලාපොරොත්තු වෙමු. අප විසින් ගැටලු වඩාත් හොඳින් අධ්‍යනය කොට මූලික හේතු හඳුනාගැනීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන වැනි අනෙකුත් පාර්ශ්ව සමඟ මැදිහත්ව වඩාත් හොඳ විසඳුම් ලබාදීමට අදහස් කරනවා,” ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ආයෝජන මණ්ඩලයේ සභාපති හම්බන්තොට වරායේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site