සේවා සියල්ල එකම ස්ථානයකින් කාර්යක්ෂමව ලබාදීමත් ඩිජිටල් තාක්ෂණය හරහා කාර්යභාරය වඩාත් ශක්තිමත් කර ආයෝජකයන් හට ප්‍රශස්ත සේවාවක් ඉටු කිරීමත් ආයෝජන මණ්ඩලයේ වගකීම යැයි එහි නව අධ්‍යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වැඩ බාර ගනිමින් සංජය මොහොට්ටාල මහතා ඒ බව පැවැසීය.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන සංජය මොහොට්ටාල මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇන්ඩර්සන් ස්කූල් ඔෆ් මැනේජ්මන්ට් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය හිමි කරගත්තේය. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිරිනමන ‘ෆුල් බ්‍රයිට්’ ශිෂ්‍යත්වධාරියෙක් ද වේ.
ඔහු මීට පෙර සිංගප්පූරුවේ බොස්ටන් කන්සල්ටින් ගෲප්හි කළමනාකරණ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ආසියා ශාන්තිකර කලාපයේ ආයතනික සංවර්ධන, ආයෝජන ව්‍යාපෘති සහ කොටස් ප්‍රවාහන සහ බාහිර සේවා යන අංශ බාරව කටයුතු කර ඇත.
වැඩ බාරගැනීමෙන් අනතුරුව මොහොට්ටාල මහතා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය අමතා අදහස් දැක්වීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව තොරතුරු සන්නිවේදනය සහ දැනුම මුල්කරගත් ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් හෙතෙම අදහස් දැක්වීය. ගෝලීය ආයෝජකයන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි නවීන ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද හෙතෙම අදහස් දැක්වීය.
තාක්ෂණික හුවමාරුව තුළින් මෙරට ශ්‍රම බලකායේ කුසලතා වර්ධනය කරගත හැකි බව එහිදි කී මොහොට්ටාල මහතා සැබෑ බහුවිධ සේවා කවුළුවක් ලෙස කාර්යක්ෂම කටයුතු කිරීමත් ඩිජිටල් තාක්ෂණය හරහා ලබාදීමත් ඩිජිටල් තාක්ෂණය හරහා මණ්ඩලයේ කාර්යභාරය වඩාත් ශක්තිමත් කර ආයෝජකයන් හට ප්‍රශස්ත සේවාවක් ඉටු කිරීම ආයෝජන මණ්ඩලයේ වගකීම බවත් තවදුරටත් කීවේය.
055
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’ ආයෝජකයන්ට ප්‍රශස්ත සේවයක් ලබාදීම ආයෝජන මණ්ඩලයේ වගකීමයි’