මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත්ව සිටී.
ඔවුන් එම අභියෝගය භාර ගත්තේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳව විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා සැක පළ කළ පසුබිමකය. මුහේස් මහතාගේ අධීක්ෂණයෙන් සහ නායකත්වයෙන් ඇරැඹුණු එම ක්‍රියාවලියත් සමගම Campbell Avenueහි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතියට නව ජීවයක් ලැබෙන්නට විය.
ඉතා තීක්ෂණ ලෙස ඊට අදාළ සැළසුම් සැකසූ එම කණ්ඩායම පළමුවෙන්ම ව්‍යාපෘතිය හා බැඳුණු ඉතිහාසය පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත වූහ. ඒ හරහා එහි වැඩි දියුණු කළ යුතු අංශ මොනවාදැයි මැනවින් හඳුනා ගත්හ. පුළුල් වෙළෙඳපොළ සහ ශක්‍යතා අධ්‍යයන සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ඔවුන්ට හැකි විය.
භෞතික වශයෙන් එය යළි නඟා සිටුවීමට අමතරව ඊට අදාළ පාර්ශ්ව තුළ ව්‍යාපෘතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැඟීම වැදගත් බව වටහා ගත් Westbury කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ගද නොපමාව ගත්තේය. ව්‍යාපෘතියට අදාළ සෑම අදියරකදීම විනිවිදභාවයට මුල් තැන දෙමින් වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ විවෘතව සන්නිවේදනය කළ ඔවුහු මූල්‍ය දුෂ්කරතා වැනි අභියෝග ජය ගැනීමට නිර්මාණාත්මක සහ නව්‍ය විසඳුම් ක්‍රියාත්මක කළහ.
Westbury Residenciesඅභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් ඉතා කෙටි කාලයකින් මෙම ව්‍යාපෘතියට නව ජීවයක් දුන් අතර ඒ හරහා ඔවුන්ගේ විශිෂ්ටත්වය වඩාත් තහවුරු විය. Westbury Residencies - Colombo 10 යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යහපත් දැක්මක් උදෙසා නොසැළෙන කැපවීමෙන් යුතුව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි බවට කදිම සාක්ෂියකි.
-595
2025 දෙසැම්බර් මස 04
492
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
469
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි